‘හනුමන් පාලම එනවා..’ ලංකාව-ඉන්දියාව මූට්ටු කරන පාර ගැන අගමැති රනිල් සමග සාකච්චා කලා..- ඉන්දීය ප‍්‍රවාහන ඇමති..

April 27, 2017 at 1:20 pm | lanka C news
‘හනුමන් පාලම එනවා..’ ලංකාව-ඉන්දියාව මූට්ටු කරන පාර ගැන අගමැති රනිල් සමග සාකච්චා කලා..- ඉන්දීය ප‍්‍රවාහන ඇමති..

ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව යා කරන අධිවේගී මාර්ගය සම්බන්දයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්චා කල බව නිතින් ගද්කාරී ඉන්දීය මහාමාර්ග හා නාවික කටයුතු අමාත්‍යවරයා පවසයි.

ඇමතිවරයා සිය ට්විටර් ගිණුම මගින් සදහන් කර ඇත්තේ අගමැති වික‍්‍රමසිංහ සමග නවදිල්ලියේදී මෙම සාකච්චා පැවැත්වූ බවයි.

මේ සම්බන්ධයෙන් මෙරට දේශපාලඥයින් අවස්ථා කිහිපයකදී විමසු සාටියද ආණ්ඩුව දිගින් දිගටම එය ප‍්‍රතික්‍ෂෙප කරන ලදී.

මෙම මාර්ගය ඉන්දියවේ දනුෂ්කොඩි හා ශ‍්‍රී ලංකාවේ තලෙයිමන්නාරම යා කරමින් මුහුද මැදින් එන පාලමක් ඉදිකරන බවට එකල වාර්තා පල විය.

355 views
Main News