හබරණ කැලේ මහා නිධානයක් හාරයි.. 7ක් අත්අඩංගුවට.. ලෝක ප‍්‍රසිද්ද ක‍්‍රික්ට් තරුවක් පටලයි..

September 6, 2021 at 9:20 am | lanka C news
හබරණ කැලේ මහා නිධානයක් හාරයි.. 7ක් අත්අඩංගුවට.. ලෝක ප‍්‍රසිද්ද ක‍්‍රික්ට් තරුවක් පටලයි..

හබරණ රක්ෂිත වනාවන්තරයේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කටයුතු කරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කන්තලේ බලකා කදවුර ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.

රජ සමයේ දී මෙම වනාන්තරය වළදමා තිබූ බව කියන මැණික් නිධානයක් ඇති බවට ලද තොරතුරක් මත සැකකරුවන් බෝර දමා ගල් කඩා විශාල වළවල් හාරා නිධන් කොල්ලය සිදු කිරීමේ ප්‍රයත්නයක් දරා ඇත.

මේ සඳහා වන සංරක්ෂණ නිලධාරීන් ගේ සහාය ලැබී ඇතැයි ද තොරතුරු ලැබී ඇත.

ජාත්‍යන්තරව ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටින ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මස්සිනා යයි හඟවමින් මෙම නිධානය ලබා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ තැනැත්තා කටයුතු කර තිබුණි.

එහි ප‍්‍රධානියා විසින් සෙසු පිරිසට සඳහන් කර ඇත්තේ තමන් එම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයාගේ මස්සිනා ම බැවින් කිසිදු බියකින් තොරව මෙම කටයුත්ත සිදුකරන ලෙසයි.

නමුත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා අදාළ ක්‍රිකට් ක්‍රීඩකයාගේ කිසිදු අයුරකින් ඥාතියෙකු හෝ සමීපතමයෙකු නොවන බවය.

112,647 views

10 Comments to “හබරණ කැලේ මහා නිධානයක් හාරයි.. 7ක් අත්අඩංගුවට.. ලෝක ප‍්‍රසිද්ද ක‍්‍රික්ට් තරුවක් පටලයි..”

  1. මේ වගේ අපහාසාත්මක ශීර්ෂ පාඨ යොදා තුට්ටු දෙකේ ප්‍රවෘත්ති පල කිරීම අන්තිම කැතයි. මේවා මිනිස්සු නොමග යවන්න උත්සාහ කිරීම්.

    • කැලණියේ නයා says:

      රටක් විදිහට අපේ ගරා වැටීම පේනව නේද ? පියුමි හන්සමාලි කොරොන්ටයින් වෙන්න යන එක ජාතික නිව්ස් වල හෙඩ්ලයින් ගහපු රටක තව මොනවද කොල්ලො බෝට්ටුවකින් හරි කමක් නෑ සෝමාලියාවටවත් පැනහන් මේ යන විදිහට එහෙත් මීට වඩා හොද වෙයි.

      • SALMAL says:

        යහපාලන කාලේ කොතරම් නිධන් හෑරුවද ,ඒවා ට සම්බන්ධ අය අත්අඩංගුවට ගත්තාද ? නැහැ නේද ? ඇතින්නියන් 7 මැරුවා එයට සම්බන්ධ,සැක කරන දේශපාලන ලොක්කෝ නිදැල්ලේ ….සුගුලා දේවියගේ නිධානය ගත් හොරු නිදැල්ලේ .. තාමත් ඔවුන්ට දඩුවම් ලබා දී නැහැ ..දැන්වත් හබරණ කැලේ මහා නිධානය හැරු 7 දෙනාටම සදහටම සිරගත කල යුතුයි උපරිම දඩුවම් ලබා දිය යුතුයි..නිධන් හැරිම මරණ දණ්ඩනය දීමේ වරදක් ලෙස පනත් සම්මත කල යුතුයි

      • Sagara says:

        පලයල්ලකො ඉතින් බන් රටෙන්. අපිත් කැමතියි උඹලා තොලොන්ජි වෙනවා නම්. රටේ කිසි වගතුවක් නැත්තෙ තොපි නිසා.

  2. රංජිත් විජේසිංහ says:

    මෙවැනි අපරාධ කරුවන්ට තරාතිරම නොබලා උපරිම දඩුවම් ලබා දිය යුතුයි. ඉතිහාසය යනු රටේ ශ්‍රේෂ්ඨත්වය විදහාපාන්නකි. එයට කිසිවෙකුට හෝ අත තැබීමට ඉඩ නොදිය යුතුය. ඉන් සිදු වන්නේ මතු පරපුරට එය දැන ගැනීමේ අයිතිය අහිමි වීමකි.

  3. Chathura Gunarathna says:

    munta hena gahanna oni me karana deal walata. yko mewa ratakata kochchara watinawada kiyala thopi dannawada. gon hatta.

  4. රුක්ෂාන් සිල්වා says:

    තොපි මේ කරන්නේ රටක ඉතිහාසය විනාස කරන එක තොපිට අතිතයක් නැති වුනාට රටට ගොකු අතීතයක් තියෙනවා ඒක විනාශකරන් නැතුව හිටපිය යකෝ.

  5. Sagarika Alvis says:

    ane okunta daduwam karannama oni. moko api dannawa ape ithihasya kochchara watinawada kiyala. eth meyalata eh gana wahe wagak nah. minissu ai ohoma karanne?

  6. Arjuna says:

    Arjuna kiyanne gas ballek uoo කරපු jada වැඩ kapparak

  7. ගෞම් ඊයාරාජ් says:

    නිදන් ටිකට බඩු බනිස් ;

Main News