හම්න්තොට වරාය, මත්තල ගුවන්තොට ගන්න චීන්නු ලංකාවේ.. පළමු දිනම ඇතෙක් බරට කොමිස් ගෙනැත්…

November 15, 2016 at 12:00 pm | lanka C news
හම්න්තොට වරාය, මත්තල ගුවන්තොට ගන්න චීන්නු ලංකාවේ.. පළමු දිනම ඇතෙක් බරට කොමිස් ගෙනැත්…

හම්බන්තොට වරාය, ඒ ආශ‍්‍රිත අක්කර පහලොස්දහසකුත්, මත්තල ගුවන් තොටුපල චීනයට විකුණා දැමීමට ආණේඩුව තීරණය කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චාවක් සදහා හොංකොංහි සිට චීන සමාගමක නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ගණුදෙනුව සදහා මැදිහත් වන ආණ්ඩුවේ ප‍්‍රබල චරිත දෙකක් වෙත ලබා දීම සදහා විශාල මුදල් ප‍්‍රමාණයක්ද මොවුන් විසින් ගෙනැවිත් ඇතැයිද සදහන්ය.

චීනයට ලබා දීමට යෝජිත අක්කර පහලොස්දහස සදහා හම්බන්තොට කුඹුරු ඉඩම්ද විශාල වශයෙන් අතුලත් බවද දැනගන්නට ඇත.

0 views

5 Comments to “හම්න්තොට වරාය, මත්තල ගුවන්තොට ගන්න චීන්නු ලංකාවේ.. පළමු දිනම ඇතෙක් බරට කොමිස් ගෙනැත්…”

  1. Champi says:

    මුලු රටම චීන කොලනියක් වීමේ පලමු පියවර දැන් ඇරබීඇත. ඇධිරාජ්ය වාදී කුමන්ත්‍රන ගැන ගිරිය පුප්පන් කෑගසූ මහතුන් අද නිද්‍රාවට පත්වී ඇත. චීනුන් තවදුරටත් කොන්ඩය බදින ජාතියක් නොවේ. ලන්කාවට පැමිණීමට ප්‍රතම ඔවුන් ඉක්වදොරය. ආක්‍රමනය කලොය. ඉක්වදොර රජයට සන්වර්ධනයේ නාමයෙන් ණය ලභාදී ඉසිලිය නොහැකි ණය උගුලක හිරකලොය. ඉන්පසු එම ණයට හිලව් වශයෙන් ඉක්වදොරයට අයත් අමේසන් වැසි වනාන්තරයෙන් 1/3ක් තෙල් ලින් කැනීම සදහා අත්පත් කරගත්තොය. ඉන්පසු ඔවුන් ලන්කාව දෙසට හැරුනි. ස්න්වර්දනයේ නාමයෙන් වරාය නගර, ගුවන්තොටුපල, වරාය සදහා ණය ලබදී. ඉසිලිය නොහකි ණය කන්දක අපව සිරකන ලදී. දන් ඔවුන් අපේ ඉඩම් අත්පත් කරගැනීමට පැමින ඇත. චීනා නුදුරු දිනයක අප ඔවුන්ගේ කොලනියක් බවට පත් කරගනු ඇත. එහෙත් අප තවම ටොය්යන් බය්යන් ලෙසින් දෙකට බෙදී උනුන් සමග කුලල් කා ගනිමින් සිටිති.

  2. Champa says:

    නෙද්දකින්. දකුණු ඉන්නේ කොන්ද පණ තියෙන සිංහලයෝ කියලා කියපු කාලේ ඉවර වෙන්න යන්නේ. එල හරක් ඉන්නේ ආණ්ඩුවේ නෙමෙයි හම්බන්තොට.

    මේ අක්කර පහළොස් දාහේ කතාව ආවේ මීට මාස ගානකට කලින්. එදා ඉඳන් අද වෙනතුරු දකුණේ එක ආණ්ඩු විරෝධී දේශපාලකයෙක් ඒ ගැන කතා කලේ නැහැ. මේ කතාව ඉස්සෙල්ලම මාස කීපෙකට කලින් ආපු වෙලාවේ කිව්වා මේ ටික. එදත් කිව්වා ETCA ගෙනාවොත් මේ රට ඉන්දියන් කොලනියක් වෙනවා වගේම, චීන්නුන්ට හම්බන්තොට අක්කර පහළොස්දාහක් දීලා හම්බන්තොටත් චීන කොලනියක් වෙනවා කියලා.

    200 BC තරම් ඈත අතීතයේ මහානාග රජ්ජුරුවෝ ගොඩ නගපු, දොළොස් දහස් රට කියලා කියපු රුහුණු රාජධානිය, බුද්ධාගම පෝෂණය කරපු රුහුණු රාජධානිය, වානේ, අවි ආයුධ, රතු මැණික් (Garnet) පිටරට යවපු රුහුණු රාජධානිය, අපනයන වෙළඳාමෙන් (exports) ඉපැරණි සිංහල රටේම ආර්ථිකය ගොඩ නංවපු රුහුණු රාජධානිය අපිට අහිමි වෙන්න යනවා.

    “Rock Harbour” කියලා කියපු, අද මාගම්පුර වරාය කියලා කියන මේ පුංචි “ගොඩවාය” වරාය මහානාග රජ්ජුරුවන්ගේ කාලේ නැව් වලින් “රේගු බදුත්” (custom duty) අය කරලා තියෙනවා. එතැන රේගු කාර්යලයකුත් (Customs Office) තිබිලා තියෙනවා. එතන හුවමාරු වුනු භාණ්ඩ වල රේගු බදු ගෙව්වහම seal එකකුත් ගහලා තියෙනවා මේ අද කරනවා වගේ.

    ඈත අතීතයේ බටහිරත් චීනෙත් වෙළඳ ගනුදෙනු කරපු Silk Route එකේ තිබුණු මුහුදු හුවමාරු මධ්‍යස්ථානය (Sea Transit Point) තමයි මේ ගොඩවාය වරාය. චීන්නු මෙතනට නැව් වලින් ගෙනාපු silk බටහිරින් ගෙනාපු භාණ්ඩ එක්ක හුමවාරු කලේ මේ වාරයේ. හැබැයි ඒ නැව් ආපහු යනකොට අපේ මුතුන් මිත්තෝ අපේ රටේ නිෂ්පාදිත වානේ, අවි ආයුධ, මැණික්, කුළුබඩු ඒ හරහා පිටරට යවලා තියෙනවා. ලෝක ප්‍රසිද්ධ Amsterdam Sea Transit Port එක හැදුවේ 17 වෙනි ශත වර්ෂයේ. හැබැයි සිංහල අපි Sea Transit Port එකකින් වෙළඳාම් කලේ 2 වෙනි ශත වර්ෂය තරම් ඈත අතීතයේ. (අපේ රටේ සමහරු හිතනවා මුස්ලිම් මිනිස්සු තමයි වෙළඳාමට දක්ෂ කියල. මොන බොරුද? වෙළඳාම සිංහල අපේ ලේ වල තියෙන දෙයක්. අපි ඒ ගැන උනන්දු නොවෙන එකයි වැරැද්ද).

    2 වෙනි ශත වර්ෂයේ ඒ තරම් දියුණු වෙළඳ ගනුදෙනු කරපු බුද්ධිමත් සිංහල අපි, ඒ තරම් දියුණු ශිෂ්ඨාචාරයක් තිබුන අපි එදා අපේ වෙළෙන්දෝ වගේ ආව චීන්නුන්ට බටහිරයන්ට අපේ සම්පත් විකුනණවා.

    සමහරු හිතන් ඉන්නවා නම්, මේ ව්‍යාපෘති වලින් අපේ මිනිස්සුන්ට රස්සා ලැබෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ මොකොද කිව්වා නම් මහින්ද කළා වගේ නෙමෙයි රනිල් මේවායේ අයිතිය චීන්නුට දෙනවා. එතකොට මේ ව්‍යපෘති වල, වාරයේ, ගුවන් තොටුපලේ වැඩට දේශීය ශ්‍රමිකයන් ගන්න චීන්නු බැඳිලා නැහැ. මේක තනිකරම චීන කොලනියක් වෙනවා. අපේ පරිසරය විනාශ වෙලා යනවා. අපිට ආවේනික අපේ සතුන් කුරුල්ලන් වඳ වෙලා යනවා. චීන්නුන්ට පරිසරයෙන් වැඩක් නැහැ. අපිට වටිනා දෙවල්වල වටිනාකමක් විදේශකයන්ට නැහැ

    හම්බන්තොට “දකුණු ආසියාවේ චීන නගරය” හෙවත් “South Asia’s China Town” වෙන්නයි යන්නේ. මේක ලංකාවේ “China Town” විතරක් වෙන්නේ නැහැ. ඊට වඩා හුඟක් දරුණු විදියට, ආපහු අපිට අයිති කරගන්න බැරි විදියට දකුණ අපිට අහිමි වෙලා යනවා. හම්බන්තොට වාරයයි, මත්තල ගුවන් තොටුපලයි විතරක් නම් චීන්නු ගන්නේ මහින්ද කියන විදියට අපිට ඒවා ආපහු අයිතිකරගන්න පුළුවන්. හැබැයි අක්කර පහලොස් දාහේ විශාල භූමියකුත් අයිති වෙන නිසා අපිට මේ මොකොවත් ආපහු ගන්න බැහැ.

    චීන්නු මේ වරාය ගත්ත ගමන් මේක අන්තර්ජාතික මුහුදු භාන්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් කරනවා. මහින්ද කිව්වට ආපහු පවර ගන්නවා කියලා, ඒක කරන්න ලැබෙන්නේ නැහැ. වරායත් එක්ක දෙන අක්කර පහළොස් දාහත් එක්ක හම්බන්තොට විතරක් නෙමෙයි මුළු දකුණම අපිට අහිමි වෙනවා. මෙතන තනිකරම චීන උප නගරයක් ගොඩ නැගෙනවා. චීන්නුන්ට අයිති Chinese Restaurants, Fish Markets, Vegetable Markets, Flower and Plant Shops, Hair Salons, Massage Parlours, Fabric Stores මෙකී නොකී හැම දෙයක්ම මේ උප නගරයේ ඇති වෙනවා. මේ භූමිය ආයේ කවදාවත් ගන්න බැහැ. මට මහ බැංකු මංකොල්ලයත් ඉවසුවහැකි, උහුලා ගන්න බැරි තරම් බදු ගහන එකත් ඉවසුවහැකි, ඒත් දකුණ අහිමි වෙන එක දරා ගෙන ඉන්න බැහැ.

    අඩු ගානේ හම්බන්තොට බේරා ගන්නවත් දකුණේ කිසි සිංහලයෙක් පාරට බහින්නේ නැත්තේ දේශපාලනය විසින් ජනමනසත් විකල් කරලා තියෙන නිසාද?

    පටු දේශපාලනය නිසා අපේ මාතෘභූමියට අහිමි වුනුදේ බොහොමයි. ඉස්සරහටත් ඒ ටික වෙන්නයි යන්නේ. හැම භේදයක්ම අමතක කරලා, රට වෙනුවෙන් සමගී වෙලා, UPFA ආණ්ඩුවක් පිහිටුවලා රනිල් පාවා දෙන රට, විදේශිකයන්ට විකුණන රට, අපිට අහිමි වෙන්න යන අපේ දේවල් රැක ගන්න කියලා, රටට ආදරෙයි කියලා ලොකුවට කෑ ගහන හැම දේශපාලකයෙක්ගෙන්ම ඉල්ලන්න කැමතියි. වෙන කිසි විකල්පයක් ඉතුරු වෙලා නැහැ.

    රටේ දේශපාලනයේ වෙනසක් වුනා කියලා, දේශපාලනයෙන් බැහැර හොඳ ස්ථාවරයක ඉන්න අපිට පෞද්ගලිකව ගන්න කිසිම දෙයක් නැහැ කියන එක හුඟක් ආඩම්බරෙන් කියනවා. ඒත් මේ රටේ මහජනතාව තරම් දේශපාලකයෝ කවදාවත් රටට ආදරේ කළේවත්, ආදරේ කරන්නේවත්, රට ගැන කැක්කුමක්වත් නැහැ කියන එක ස්ථිරවම කියනවා. “රටේ සැබෑ සතුරා” සිරිසේන ජනාධිපති නෙමෙයි “රනිල්” කියන එක හොඳටම පේන්න තියෙද්දී, රනිල් ආරක්ෂා කරන්නේ රටට ආදරේ හින්දද? (විමල් ඔබ දන්නවා මේ චෝදනාවෙන් මම වගේම මුළු රටම ඔබව නිදහස් කරනවා කියලා. මට දැනෙන දුක අඩු ගානේ ඔබටවත් තේරෙනවද විමල්?)

    මට දැන් මේ “අසමගිය” ඇති වෙලා තියෙන්නේ. රට වෙනුවෙන් සමගි වෙන්නේ නැති දේශපාලකයෝ ගැන අපේ තියෙන විශ්වාසය කඩ වෙලා ඉවරයි. ආත්මාර්ථකාමී පටු දේශපාලකයන්ගෙන් මේ රට බේරා ගන්න අපිට කාලය ඇවිල්ලා. දේශපාලනයෙන් තොර එඩිතර නායකත්වයක් වටා මුළු රටම එක හඬින් ඒකරාශී වෙන්න කාලය ඇවිල්ලා. දේශපාලකයන් විනාශ කරණ රට, රටට හැබෑවටම ආදරේ කරන දේශපාලනයෙන් තොර නායකයෙක්, අත්මාර්ථකාමී බලලෝභී පටු දේශපාලනයෙන් මනස විකල් නොවුණු, රට හැබෑවටම ආදරේ කරන, විනය ගරුක, ගුණ ගරුක, ජනතා නායකයෙක් රට වෙනුවෙන් ඉදිරියට එන්න කාලේ හරි. ඔබට මුළු රටේම ආශීර්වාදය හිමි වෙනවා. මගේ ආදරණීය ආරාධනය කාටද? මුළු ලංකාවම දන්නවා !!!

  3. Champa says:

    Editor/LCN

    When I started typing this was a main story. What happened? I don’t want downtown to be ruined by the Chinese. So sad. I don’t understand why do people so blind not to see the gravity of selling our resources to foreigners be it Chinese, Indians or the West.

    • Champa says:

      Excuse me, Not downtown…. “Down South”.. “I don’t want Down South to be ruined by the Chinese”.

      Wimal, is there anything you could do about this? It is our heritage. Shouldn’t we do our best to protect our own heritage?

      Wimal, your “plate” is going to be full again. That means as usual you have to work very hard, non-stop, but I love to see that. It is not my pleasure to seeing you working hard, but I love to see the enormous strength you offer to people, the excellent results you bringing into the country with your relentless efforts in saving my country. My love for you is like a tree. The small seed I planted on 2015 February 18, in honour of a valiant freedom fighter’s struggle to free the country from Yahapalana Traitors, is growing everyday from a young sapling, with every sign to becoming a full tree. (Hey, don’t be scared ok, it was you who made me a poet! I started writing to LCN because of you. Before I started writing to LCN, I have never written anything, let alone poems! So, I am your baby, noooo, Holy Cow, my writing ability is your baby. The full credit should go to you!)

Main News