හම්බන්තොටට එනවා කියන ලංකාවේ ලොකුම විදෙස් ආයෝජනය එන්නේ ආමර් වීදියේ කඩයක් ලගින්.. ලියාපදිංචි කර ඇත්තේ කැබිනට් අනුමැතියටත් පසුයි…
March 28, 2019 at 3:30 am | lanka C news
පසුගිය දා හම්බන්තොට මිරිජ්ජවිල දී මුල්ගල් තැබූ තෙල්පිරිපහදු ව්‍යාපෘතියේ ප්‍රධාන ආයෝජකයා වන සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම තිබෙන්නේ ආමර් වීදිය ප්‍රදේශයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලමේන්තුවේ දී ඔහු මේ බව පැවසීය.
“හම්බන්තොට තෙල් පිරිපහදුවකට මුල් ගල තිබ්බා. ජාත්‍යන්තර මාධ්‍යයක් කිව්වා ඕමාන රජය ඒකට සම්බන්ධ නැහැ කියලා. BOI කියනවා ඕමාන රජයත් සමඟ තවම සාකච්ඡාමය අවස්ථාවේ ඉන්නවා කියලා. මේ මුල්ගලක් තියන්නේ සාකච්ඡාමය අවස්ථාවේ ඉන්නකොට.“
“සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමක් එක්ක ගනුදෙනුවක් කරනවා. ඒත් එක්කම අනෙක් පැත්තෙන්, සිල්වර්පාක් පෙට්‍රොලියම් ප්‍රයිවට් ලිමිටඩ් කියලා තව සමාගමක් ඔබ තමුන්නාන්සේලා පිහිටුවලා තියෙනවා. දැන් මේ සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් කියන සමාගම ආමර්වීදියේ කඩයක් ළඟ තියෙනවා තියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නෙ. සිල්වර්පාක් පෙට්‍රොලියම් කියන එක තිඹිරිගස්යායේ අපාර්ට්මන්ට් එකක තමයි සමාගම රෙජිස්ටර් කරලා තියෙන්නේ.“ යනුවෙන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
– biz.adaderana.lk
Namal Putha mevage aththa hoyala janathavata Kianna. Ethakota munge redi galavalaama Danna puluvan.
NR Associates wagema hora companyakda?