හම්බන්තොටට චීනය එනවා.. ඉන්දියාව සමග ගිවිසුමක් ගහනවා.. ඒකාබද්ද විපක්‍ෂයට යන එන මං නැතිවෙනවා..

December 19, 2016 at 6:48 pm | lanka C news
හම්බන්තොටට චීනය එනවා.. ඉන්දියාව සමග ගිවිසුමක් ගහනවා.. ඒකාබද්ද විපක්‍ෂයට යන එන මං නැතිවෙනවා..

‘රජයේ සංවර්ධන වැඩපිලිවෙල සාර්ථක වුනොත් තමන්ට උන්හිටි තැන් නැතිවෙනවා කියලා විපක්ෂයේ අය දන්නවා. ඒකයි තරුණ පිරිස් යවලා විරෝධතා ව්‍යාපාර කරන්නේ’ යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පල මහනුවර පූජාපිටියේදී පැවති අත්සව සභාවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘අපේ ආණ්ඩුව හැලෙයි හැලෙයි කියලා විපක්ෂය හැමදාම බලාගෙන ඉන්නවා. අද ලංකාවේ ප‍්‍රධාන පක්ෂ දෙකම එකතුවෙලායි ඉන්නේ. අය වැයට කලිනුත් විපක්ෂයේ අය දඟල, දඟල හිටියා. පාර්ලිමේන්තුවේ දඟලපු හැටි රටම දකින්න ඇති. නමුත් මොකද වුනේ? තුනෙන් දෙකේ බලයෙන් අයවැය සම්මත වුනා. අපේ රටට ආයෝජන එන එක නවත්තන්න. නැව් එන එක නවත්තන්න මේ ලඟදි හම්බන්තොට වරායට ගිහිල්ලා විරෝධතා ව්‍යාපාරයක් කලා. මේ වගේ කඩාකප්පල්කාරී වැඩ කරන එක ගැන මේ අය ලැජ්ජා වෙන්න ඕනේ. ජනාධිපතිතුමායි, අගමැතිතුමායි ලෝකේ වටේ ගිහිල්ලා, ආයොජකයෝ හොයාගෙන හම්බන්තොට ඉඳලා මොණරාගල දක්වා කර්මාන්ත ශාලා 500ක් විවෘත කරන්න කටයුතු සැලසුම් කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ අපේ රටට ඉතිරි කරලා ගියේ ණය වාරිකයයි පොලියයි ගෙවන්න බැරි ආර්ථිකයක්. චීන රජය අපිට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. චීනේ අය ඇවිල්ලා කර්මාන්ත ශාලා විවෘත කරලා, ඉන්දියාවට භාන්ඩ අපනයනය කරන්න සූදානම් වෙනවා. අපි ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කරනවා අපේ රටේ නිෂ්පාදනය කරන භාන්ඩ ඉන්දියාවට යවන්න. මේකේ ලොකු සැලැස්මක් තියෙනවා. අපේ දරුවන්ට රැුකියා ලක්ෂ ගණනක් ලබාදෙන්න පුළුවන් වැඩසටහනක් අපේ අගමැතිතුමායි ජනාධිපතිතුමායි ආරම්භ කරලා තියෙනවා. රජයේ සංවර්ධන වැඩපිලිවෙල සාර්ථක වුනොත් විපක්ෂයේ අයට ඉන්න තැනක් නෑ කියලා විපක්ෂයේ අය දන්නවා. ඒකයි තරුණ පිරිස් යවලා කඩාකප්පල්කාරී විරෝධතා ව්‍යාපාර කරන්නේ, මේ ආයෝජන එන එක නවත්තන්න. රටේ ආර්ථිකය විනාශ කරන්න, අපි ඉඩ දෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය පියවර ගන්නවා.

ජාතීන් අතර විශාල සමගියක් මහනුවර දිස්ත‍්‍රික්කය තුල තිබෙනවා. පාර්ලිමේන්තුවේ විවිධ මුස්ලිම් පක්ෂ, මුස්ලිම් ජනතාව ඉන්නේ එ් අයත් එක්ක කිව්වත්, මුස්ලිම් ජනතාව බහුතරයක් ඉන්නේ එක්සත් ජාතික පක්්ෂයක් එක්කයි. එක්සත් ජාතික පක්ෂයේ දර්ශණය වෙනස්, එක්සත් ජාතික පක්ෂය අන්තවාදී පක්ෂයක් නෙවෙයි. මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට සලකනවා වගේම මේ රටේ ඉන්න සුළු ජාතීන්ටත් සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. එ්කයි එක්සත් ජාතික පක්ෂයේ දැක්ම. එක්සත් ජාතික පක්ෂ රජයක් තියෙනකල් මේ රටේ සුළු ජාතීන්ට කිසිම හිරිහැරයක් වෙන්න දෙන්නේ නැහැ. මේක එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තිය වෙන්න කලින් මහනුවර හිටපු අපේ රජවරුත් මේ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළා. එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්තිය මහනුවර රජවරුන්ගේ ප‍්‍රතිපත්තිය. මැදමුලන ප‍්‍රතිපත්තිය නෙවෙයි.

අද අන්තවාදය හිස ඔසවන්න හදනවා. අපි පාසල් යන කාලේ අපේ පන්තිවල සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හැම ජාතියක්ම හිටියා. සුද්දන්ගේ ළමයිනුත් හිටියා. මේ ජාතික සමගිය පටන් ගන්න ඕනේ පාසලෙන්. පාසලට ඇතුලත් කරනකොට සිංහල ළමයි වෙනම, ද්‍රවිඩ ළමයි වෙනම වර්ග කිරීම නිසා තමයි මේ අපේ රටේ මේ ප‍්‍රශ්ණ ඇති වුනේ. අපි ඉගෙනගන්න කාලේ එහෙම තිබුණෙ නැහැ. එ් කාලේ ජාත්‍යන්තර පාසල් තිබුනේ නැහැ. තානාපතිවරුන්ගේ ළමයිනුත් ආවේ අපේ පාසල්වලට. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් හැම ජාතියක්ම හැම කුලයක්ම එක පන්තියේ හිටියේ. ජාතික සමගිය ඇති කරන්න පටන් ගන්න ඕනේ පාසලෙන්. අද කරන්නේ පාසලේ ඉඳලම ළමයි වෙන් කරනවා. කොහොමද අපි ජාතික සමගිය ගැන කතා කරන්නේ. අනාගතයේ අපේ රජය මේ පිළබඳ විශේෂ පියවරක් ගන්නවා.

– රජිත සමරසූරිය

50 views
Main News