හම්බන්තොටදී නාවික හමුදාව වෙඩි තිවුවෙත් නෑ.. ගැහුවෙත් නෑ..

December 12, 2016 at 4:40 pm | lanka C news
හම්බන්තොටදී නාවික හමුදාව වෙඩි තිවුවෙත් නෑ.. ගැහුවෙත් නෑ..

‘යහපාලනය කියන්නේ කොන්ද පණ නැතිකම නෙමෙයි. විශේෂ අධිකරණයක් පිහිටුවලා මේ හොරකම් කරපු තක්කඩි ටික ඇතුලත දාන්න ඕනේ’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කැලණිමුල්ල ගග අසබඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පැවරීමේ උත්සවයකදීය.

ඒකාබද්ධ කල්ලියේ කට්ටියේ හම්බන්තොට වරායේ සේවකයින්ගේ උද්ඝෝෂණය නතර කරපු ආකාරය අල්ලගෙන විශාල හා හූවක් කලා. මේ ආකරයට කටයුතු කළේ හවස් වෙනකොට අයැවැය 2/3 ආණ්ඩුව දිනන බව දැනගෙන ඒකෙන් ආණ්ඩුවට ලැබෙන ආකර්ෂණය නතර කරන්න තමයි. අපි කියන්න ඕනේ එම උද්ඝෝෂණය වලක්වන්න නාවික හමුදාව දමලා උද්ඝෝෂකයින්ට වෙඩි තිබ්බෙත් නෑ පහර දුන්නෙත් නෑ. ඔය කිඹුල් කදුළු හෙලන අය කටුනායක රෝෂේන් චානක මැරුවේ කොහොමද?, රතුපස්වල දී වතුර ඉල්ලපු ජනතාවට වෙඩි තියලා මිනිස්සුන්ව මැරරුවේ කොහොමද ? හලාවත ධිවරයන්ගේ උද්ඝෝෂණ වලට වෙඩි තියලා මැරුවේ කොහොමද ?අපි වෙඩි තියලත් නෑ පොලු වලින් ගහලත් නෑ. ඒ නිසා කලිසම ඹලුවෙන් දාගෙන ද මේ අය මේවා කතා කරන්නේ. ඒ වගේම හොරු ගිහින් අනිත් අයට හොරු කියනවා. ඒක හරියට ගමේ හොරා ගෙදරකින් හොරකම් කරලා ඒ ගෙදර අයට විරුද්ධව හොරකම් කළ කියලා පැමිණිලි කරනවා වගේ වැඩක්.ඒකාබද්ධ කල්ලිය හිතාගෙන ඉන්නවා යහපාලනයේ කියන්නේ කොන්ද පණ නැති කමක් කියලා. ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලනවා මේ අයගේ පරීක්ෂණ ටික වේගවත් කරලා. විශේෂ අධිකරණයක් හරි පිහිටුවලා මේ හොරකම් කරපු තක්කඩි ටික ඇතුලත දාන්න ඕනේ. ඒක වුනාම මේ නාට්‍ය නාඩගම් මුකුත් නෑ කිඹුල් කදුලුත් නෑ. ප්‍රජාත්‍රන්ත්‍රවාදය රකිනවා කියන්නේ කොන්ද පණ නැති කම නෙමෙයි. හැබැයි කොන්ද පණ තියෙනවා කියන්නේ මිනිස්සුන්ට වෙඩි තියෙන එකයි පොලු වලින් පහර දෙන එකයි.  රට දියුණු කරන්න මේ දෙක අතර මැද ඉදගෙන හරි වැඩේ කළ යුතුයි.

– මිනුර රෂාන්ත

14 views

7 Comments to “හම්බන්තොටදී නාවික හමුදාව වෙඩි තිවුවෙත් නෑ.. ගැහුවෙත් නෑ..”

  1. සකල බුජං says:

    බටලන්දට ගෙනිච්ච ඈයින්ට ගැහුවෙත් නෑ,වෙඩි තිබ්බෙත් නෑ.ඒත් උන් ආගිය අතක් නෑ.
    බැංකු බින්ද උන්ව ගත්තෙත් නෑ,නඩුත් නෑ.ඒත් උන්නම් හරි සනීපෙට ඉන්නව.
    මරික්කාර් උන්නැහැ දෙක අතරමැද ඉඳගෙන ලොකු වැඩක් කොරන බව නම් රටම දන්නව​.

    • පිස්සුපූසා says:

      රොශේන්ට වෙඩි තිබ්බෙ මහින්ද විසින් ඔහුගේම පුද්ගලික තුවක්කුවෙනි…රතුපස්වලදි ගෝටා ඈවිත් කොල්ලො දෙන්නෙක්ව මරල දෑම්මා..හලාවතදි නාමල් බේබි තමය් ගේම දුන්නෙ…යහපාලනය අවට පස්සෙ ඔක්කොම හරි ගස්සල තියෙන්නෙ. දෑන් වෙඩි තියන්නෙ, ගහන්නෙ පොලිසියෙනුය් (නීතිය නමන උන්දෑගෙ ), ආම් එකෙනුය්, නේවි එකෙනුය්…ආ වෑරදුනා…ගෑහුවෙ නෑ..කෑවුම් කිරිබත් වෙලින් සන්ග්‍රහකලා බඩ කට පිරෙන්න…..

  2. sanath indika says:

    නගුටෙක් ගිය උඩ

  3. suji says:

    එතකොට කුනුහරුප කියනව ඇහුනෙ මේකත් අර හදපු හඞ පටයක් ඇතුල් කරල වෙන්නැති නේද.

  4. daham says:

    moota kiyanna thiyennetha navika hamudaapathi kivvwa vachanema thamayi.

  5. ලොලි පොප් මාමා says:

    කට නොකී දේ දෙතොලේ ලියවෙනවා.
    තොල් දෙක කට තුල තිබු දේ පවසනවා.
    ලොන්තපාසරාස් ගේ බඩු කෑලි නේ මේවා.

Main News