හම්බන්තොට එනවා කියන ඩොලර් බිලියන 3.8 සමාගම සංගප්පූරුවේ පෙට්ටි කඩයක්..- ද හින්දු-සිරස සියළු රහස් හෙලි කරයි..
March 22, 2019 at 10:39 pm | lanka C news
අමෙරිකානු ඩොලර් බිලියන 3.85 ක ආයෝජනයක් ලෙස යෝජනාවී ඇති මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත්ව සිටින්නේ සිංගප්පූරුවේ ලියාපදිංචි සිල්වර් පාර්ක් ඉන්ටනැෂනල් නමැති සමාගමකි.
ඔවුන් ව්‍යාපෘතියේ වටිනාකමින් 30% කට ඕමාන තෙල් හා ගෑස් අමාත්‍යාංශය සම්බන්ධ වන බව සඳහන් කළත් ඊයේ අප කළ අනාවරණය අනුව ඕමානය මෙවැනි ව්‍යාපෘතියකට ආයෝජනය කර නැතැයි පවසා ඇත.
මෙතරම් විශාල ආයෝජනයක් ඕමානය වැනි ඛනිජ තෙල් නිෂ්පාදන රටක සම්බන්ධයක් නොමැතිව ක්‍රියාත්මක කළ හැකි ද?
සිල්වර් පාර්ක් ඉන්ටනැෂනල් සමාගම සිංගප්පූරුවේ ලියාපදිංචි කර තිබුන ද එහි කොටස් හිමිකාරිත්වය ඉන්දියාවේ එකොර්ඩ් නමැති සමාගමකට අයත් බව අප ඊයේ අනාවරණය කළේ, රොයිටර් වාර්තාවක් උපුටා දක්වමිනි.
එම ඉන්දීය සමාගම අයත්වන්නේ තමිල්නාඩුවේ ද්‍රාවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ හිටපු ඇමතිවරයෙකු වන එස්. ජගත්රාක්ෂගන් නමැත්තෙකුටයි.
ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ආයෝජනය කිරීමට සුදානම්වන සිංගප්පූරු සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනාගෙන් තිදෙනෙක් මෙම ඉන්දීය දේශපාලඥයාගේ ඥාතීන් බව ද හින්දු පුවත්පත අද අනාවරණය කළේ ය.
සන්දීප් ආනන්ද් නමැති ඔහුගේ පුත්‍රයා, ශ්‍රී නිෂා නමැති දියණිය සහ ජගත්රාක්ෂගන් අනුසුයා නමැති ඔහුගේ බිරිඳ මෙලෙස අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන බව එම පුවත්පත් වාර්තාවේ සඳහන් විය.
මේ අතර ආයෝජන මණ්ඩලය ඊයේ නිවේදනය කළේ, ඕමාන තෙල් හා ගෑස් අමාත්‍යාංශය හා සිල්වර් පාර්ක් සමාගම අතර ගිවිසුමක් නැතැයි තමන් දැන සිටි බවයි.
නමුත් මෙම ව්‍යාපෘතියේ 30% ක් ලබාගැනීම සම්බන්ධයෙන් ඕමානය කැමැත්ත පළ කර තිබූ බව ආයෝජන මණ්ඩලය පවසයි.
ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් සමාගම ව්‍යාපෘතියේ අමුද්‍රව්‍ය සම්පාදනය සහ එකඟතාවකට පැමිණිමෙන් පසුව නිෂ්පාදන අළෙවි කිරීමට කැමැත්තෙන් සිටි බවට තමන් දැනුවත් යැයි ආයෝජන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
– newsfirst.lk
මේ ආණ්ඩුවේ වොක්ස් වැගන් අංක 02 – 'හම්බන්තොට තෙල් පිරිපහදුව'
මේ ආණ්ඩුවේ වොක්ස් වැගන් අංක 02 – 'හම්බන්තොට තෙල් පිරිපහදුව'#lka #News1st
Gepostet von Newsfirst.lk am Donnerstag, 21. März 2019
UNP yanu Boruwe piyage anduwa.
UNP yanu Boruwe piyage pakshaye anduwayi.
Hi,
If I check in 11th April around 07:00am is there any extra charge?
Thanks!
Ahinsaka
දැක්කැයි අපෙ මහ මොළ සෑර් දීපු උත්තර? ඉංගිරිසියෙනුයි සිහලෙනුයි දෙකෙන්ම?
එතකොට අපෙ ආරතික ඔස්තාර් සෑර්ගෙ උත්තරේ?
බනානා සෑර්ගෙ උත්තරේ!
ඔන්න ඕයි මොළ කියන්නෙ අම්මප!
Nailn Bandarata meka April 1 wanada kiyuwanam thamai wadath galapenne, wadagath wenne saha sudusu wenne!
මේක ඩිගිටල් යුගය. පච ගහල බේරිලා ඉන්න බෑ.
Because of our open market system, any Dick, Tom, or Harry, able to show few thousands of dollars are allowed to do business in the Country.!! LIke in the news, even a small shabby shop can engage in big projects in this country and bring their cheap labour too.!!!