හම්බන්තොට ගිවිසුම ගිවිසුම් හදපු අයටත්, අත්සන් කල අයටත් හෙන හත ඉල්ලයි..

August 1, 2017 at 10:40 am | lanka C news
හම්බන්තොට ගිවිසුම ගිවිසුම් හදපු අයටත්, අත්සන් කල අයටත් හෙන හත ඉල්ලයි..

අනාගතයේදී කොලඹ වරාය වසා දැමීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා බේරුවලදී පැවති ජනහමුවක් අමතමින් පැවසීය.

‘රටේ අනාගතයට ලොකු ශක්තියක් ගන්න තිබුණු හම්බන්තොට වරාය මේ ආණ්ඩුව විකුණුවේ බේබදු තාත්තා කෙනෙක් කල වැඩක් වගේ . බේබදු තාත්ත කෙනෙක් හොඳට නත්තල් කන්න හරි අවුරුදු කන්න හරි හිතලා තමන් ඉන්න ඉඩම විකුනනවා වගේ, දරුවන්ට කන්න අඳින්න උගන්වන්න සල්ලි නැහැ කියල දරුවාව විකුනනවා වගේ වැඩක් .කළුතර දිස්ත්‍රීක්කයෙන් පැරදිලා මහජන මතයක් නැති කෙනෙකුට වරාය ඇමැතිකමත් දුන්නා. මහජන මතයක් නැති කෙනෙකුට ඕන මගඩියක් කරන්න පුළුවන් .චීනයෙන් හම්බන්තොට වරාය සංවර්ධනය කරන විට ලෝකේ ඔක්කොම නැවු එතනට එනවා .එතකොට අනාගතයේදී කොලඹ වරාය වහන්න වෙනවා යැයි පැවසීය .

අද මේ මොහොත වන විට පෙර රටේ ජාතික සම්පත් විකුණන් කන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වෙලා. මුළු රටේම මහා සංඝ රත්නය විරුද්ධ වන විට පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍ර වාදය විසිකර දාලා ලංකාවේ දරු පරම්පරා ගණනකට මේ රටේ වටිනා සම්පතක් වූ හම්බන්තොට මාගම්පුර වරාය විකුණන් කාලා අවසන්. රටේ ගහන මේ වගේ ගිවිසුම් ලංකාවේ අදෝනා ඇහෙන ගිවිසුම් බවට පත්වෙනවා .තමුන්නාන්සේලා මේ ගිවිසුම හරි හැටි කියෙව්වොත් මේ ගිවිසුම් හදපු අයටත් ගිවිසුම අත්සන් කර අයටත් හෙන හත ඉල්ලනවා’

– බෙන්තොට ජේ.ඉඳුරුවගේ

64 views

4 Comments to “හම්බන්තොට ගිවිසුම ගිවිසුම් හදපු අයටත්, අත්සන් කල අයටත් හෙන හත ඉල්ලයි..”

  1. Saman Madampe says:

    Oka nawattanna beri una umbala wage Kendayo inna wipakshetath HENA HATHAMA THAMA.

  2. WELL SAID AGREE 1000%……HENA GAHAPIYA YAMAPALANA BALLANTA,

  3. නයා says:

    මුගේ නේද අල්ලස් කොමිසමට එන්න කියපු දවසේ නයෙක් කෑවේ.

  4. hitan gedara appuhami says:

    හෙන හත ඉල්ලලා වැඩක් නැහැ.රටට විනකරන එවුන් පනුවෝ ගහල මැරෙන්නේ.
    ඒක නෙවෙයි ප්‍රශ්නය. ඇයි JO එක විරුද්ද පක්ෂයේ බලවත්ම කණ්ඩායම හැටියට සහ මීලග රජය පිහිටුවන කණ්ඩායම හැටියට චීනයට දැනුම් දෙන්නේ නැත්තේ මෙම වරාය ගනුදෙනුවට JO එකත් මේ රටේ බහුතර ජනතාවත් විරුද්ධ බවත්, මීලගට පිහිටුවන රජය මගින් මෙම ගනුදෙනුව අවලංගු කරන බවත්. අවශ්‍ය නම් ජනමත විචාරණයක් තියල තීරණය කරමු. මේ බව ලිඛිතව චීන රජයට සහ එම සමාගමට දැනුම් දෙන්න.
    හම්බන්තොට කියන්නේ තව අවුරුදු 5කින් 10කින් රන් බිජු දාන්න පටන් ගන්න රන් කිකිලියෙක්. මුළු ලංකාවම ගොඩ දාන්න තියෙන තැනක්. කොළොඹ වරායෙන් නය ගෙව්වට රටට කිසිම පාඩුවක් නැහැ.

Main News