හම්බන්තොට චීනයට දී ඇත්තේ රාජ්‍ය සේවක තුන් මසක වැටුප් ගෙවන මුදලකටයි.. ණය ගෙවන කතා අමු බොරු..

December 9, 2017 at 12:00 pm | lanka C news
හම්බන්තොට චීනයට දී ඇත්තේ රාජ්‍ය සේවක තුන් මසක වැටුප් ගෙවන මුදලකටයි.. ණය ගෙවන කතා අමු බොරු..

​යහපාලන ආන්ඩුව බැඳුම්කර මංකොල්ලය හරහා රටේ වර්තමාන ආර්ථිකය අඳුරු කලානම් හම්බත්තොට වරාය විකිනීම හරහා ඔවුන් අඳුරු කරන්නේ රටේ අනාගතයයි” කියා ආචාර්ය නාලක ගොඩහේවා “දේශප්‍රේමී වෘතිකයින්ගෙ සංසදය’ මගින් සංවිධානය කොට තිබූ ප්‍රවෘතී සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසීය.

“ හම්බන්තොට වරාය චීනය සමාගමකට වසර 99කට පවරා දීමේ ගිවිසුම් මේ සතියේ පාර්ලිමේන්තුවට පැමිනීමට නියමිතයි.රටට ආදරය කරන රට ගැන අවබෝදයක් තියෙන ලාංකිකයෙකුටනම් මෙය ඉතාමත් ශෝකජනක අවස්ථාවක්.

ලංකාව වගේ ස්වාභාවික සම්පත් සීමිත රටකට දියුණු විමට ඇති මූලිකම ස්වභාවික දායාදය අපේ භුගෝලීය පිහිටීමයි. පෙර අපරදිග යා කරන මුහුදු මාවතේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි අපේ රට ඉතිහාසය පුරාම ලෝ පතල වුනේ මාන්තොට, ජම්බුකොල පටුන, ගෝකන්න වැනි වරායවල් නිසායි. මේ වරායවල් නිසා අතීතයේ අපේ රට වානිජ කේන්ද්‍රස්ථානයක් වූවක් මෙන් අනාගතයේත් ලංකාවව යලිත් වානිජ හා නාවුක කෙන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ දීර්ඝ කාලීන සැලසුම මත තමයි පසුගිය රජය හම්බන්තොට වරාය ඉදිකලේ.

අදියර 3කට සැලසුම් කල මේ වරායේ දැනට වැඩ අවසන්ව තිබෙන්නේ පලමු හා දෙවන අදියර විතරයි. තුන්වන අදියරත් තව වසර කිහිපයකින් නිමකරන්නටයි සැලසුම් කර තිබුනේ. මේ වරාය නිමවූ විට එහි ධාරිතාව කොළඹ වරාය මෙන් 20 ගුනයකටත් වැඩියි. අද කොළඹ වරාය වසරකට රුපියල් කෝටි 4000 පමණ අදායමක් උපදවනවානම් සාදා නිම වූ විට හම්බන්තොට වරායට කොතරම් විශාල ආදායමක් ඉපයිය හැකිද ? එපමනක් නොවේ වරාය ආශ්‍රිත කර්මාන්ත රාශියක් හම්බන්තොට ඉදිවීමට නියමිත නිසා ඒවා නිවැරදිව සැලසුම් කිරීමෙන් ලංකාවේ සමස්ථ ආර්ථිකයටම විශාල වාසියක් ලැබෙනවා. විශේෂයෙන්ම අනාගතයේ තායිලන්තය හරහා ඉදිවීමට නියමිත ක්‍රා ඇල නිසා අනාගතයේ සිංගපූරුව, හොංකොං ඩුබායි වැනි රටවලට තරඟයක් දීමට ලංකවේ හම්බන්තොට වරායට පුලුවන්.

මෙතරම වටිනා ජාතික සම්පතක් එදා වේල දුවා ගන්නට බැරි රජය අපට අහිමි කරන්නේ මොනතරම් සොච්චම් මුදලකටද . ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 කට. රුපියල් වලින්නම් කෝටි 18,000 කට. මේ මුදල අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වාර්ශික වැටුප් හා විශ්‍රාම වටුප් ගෙවීමට වැයවන මුදලින් 25% පමන ප්‍රමාණයක්. රාජ්‍ය සේවකයින්ගෙ වාර්ශික විශ්‍රාම වැටුපත් රුපියල් කෝටි 16,000 ක් පමන වෙනවා. වරාය අවුරුදු 99 කට අද බදුදී එන වසරේ මොකක්ද රජය විකුනන්න බලපොරොත්තු වෙන්නේ.

මේ මුදල ගන්නේ චීනයෙන් ගත් රුපියල් බිලියන 180 ක පමන ණයකට හිලව් වෙන්න. නමුත් අද වරාය ඊට වඩා ගොඩක් වටිනවා. අපි හොදටම දන්නවා ණයක් අරන් ගෙයක් ගැදුවහම හදල ඉවරවුන ගෙය ණය මුදලට වඩා වටිනවා කියල. අතේ සතේ නැති ආන්ඩුව තුට්ටු දෙකට මේ වරාය චීනයට දෙනකොට ඒ සමග අක්කර 3000 ක විතර ඉඩමුත් චීන සමාගමට නොමිලේම ලැබෙනවා. මේ ඉඩම් බදු දීමෙන් පමනක් ඔවුන්ට පුලුවන් වසරකට කෝටි 1000 ක විතර ආදායමක් ලබා ගන්න. අවුරුදු 99ට ගනන් බැලුවානම් මේ වරාය ගනුදෙනුව නිසා රටට අහිමිවෙන ඉඩම් වටිනාකම පමනක් රුපියල් කෝටි ලක්ෂයක් පමන වෙනවා.

ණය ගෙවා ගන්න බැරි නිසා මේ වරාය විකුනනවා කියන එක අමූලික බොරුවක්. මොකද මේ වරාය ගන්න ගත් විදේශ ණය වල සාමාන්‍ය පොලී අනුපාතය 3.2% ක් පමනයි වෙන්නේ. වසර 25 ක් තියෙනවා ණය ගෙවන්න. පොලියත් එක්ක ගෙවන්න තියෙන මුලු ණය ප්‍රමාණය රුපියල් කෝටි 25,500 ක් පමන වෙනවා. ඉන් රුපියල් කෝටි 7500 කට වඩා ගෙවල ඉවරයි මේක් ගත වන විට. එසේ ගෙවලත් වරාය අධිකාරිය ලාබ ලබල තියෙනව. තව ඉතුරුවෙලා තියෙන්නේ කෝටි 18,000 යි. සැලසුම් කල විදියට වරාය දියුණු කලානම් 2025 ට පෙර සම්පූර්ණ ණය මුදල ගෙවා නිම කල හැකිව තිබුනා වරාය අධිකාරිය ලාබ ලබමින්ම.

වරාය රජය සතුව තිබුනානම වරාය හා සමස්ථ කර්මාන්ත පුරයම සැලසුම් කරනු ලබන්නේ දේශීය ආර්ථික අවශ්‍යතා කේන්ද්‍ර කරගෙනයි. නමුත් චීන සමාගමක් යටතේ එය එසේ වන්නේ නැහ . ඔවුන් බලන්නේ ඔවුන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ගැන පමනයි. දේශීය සැපයුම් කරුවන් නගා සිටුවන්නට, දේශීය දරුවන්ට රැකියා අවස්ථා ජනිත කරන්නට රජයට වගේ ඔවුන්ට වගකීමක් නැහැ. අපට සිදුවන්නේ චීන සමාගමක් අපේ භූමියේ සාර්ථ්ක ව්‍යාපාරයක් කරන එක දිහා බලා ඉන්න පමනයි. අපේ දරුවන්ට වෙන්නේ විදේශ සමාගම් වල සේවකයින් වෙන්නට පමනයි.

රටක පාලකයින්ට අනාගත පරපුර ගැන වගකීමක් තිබෙනවා. ඒ වගකීම අමතක කොට රටේ ආර්ථික මර්මස්ථාන විකුණන විට එය අනුමත කරමින් පාර්ලිමේන්තුවේ අත උස්සන සියලු දෙනාම දේශ ද්‍රොහීන්. ඔවුන් කවුද කියා ජනතාව අවධානයෙන් සිටිය යුතුයි. ඔවුන්ව මතක තබා ගත යුතුයි”

– චාමින්ද කරුණාරත්න

107 views

6 Comments to “හම්බන්තොට චීනයට දී ඇත්තේ රාජ්‍ය සේවක තුන් මසක වැටුප් ගෙවන මුදලකටයි.. ණය ගෙවන කතා අමු බොරු..”

  1. daham says:

    desapaalakayanwath me wage lassana vigrahayak karanne naha. oba wani buddhimath desapremeenta samastha janathaawama naya gathiyi.

  2. Amaraweera says:

    z
    JVP swimming pool has been Sold?

  3. Saradiel says:

    “අපේ රටේ සම්පත් විකිණීම, බිලිදීම සහ එට්කා ගිවිසුම ගැන රට පුරා සංවාදයක් කිරීම අප විසින් ආරම්භ කොට තිබෙනවා. වත්මන් ආණ්ඩුව ආර්ථිකයට සිදුකරමින් තිබෙන විනාශය සම්පත් විකිණීම, බිලිදීම හා එට්කා වැනි ගිවිසුම් මගින් පෙන්නුම් කරමින් තිබෙනවා.

  4. Gadol says:

    රනිල් මෛත‍්‍රී ප‍්‍රසිද්ධ දේපළ වෙන්දේසිකරුවෝ වගෙයි… අපේ රට විකුණා කනවා

  5. Hitan gedara appuhami says:

    JVP එක මේ රටට හෙනයක් වෙලා තියෙන්නේ. හම්බන්තොට වරාය swimming pool එකක් කියල, එකේ ගලක් තියෙනවා කියල, නාවික කටයුතු කරන්න බැහැ වැලි වලින් පිරෙනවා කියල UNP සහ රටට විරුද්ධ NGO නඩය එක්ක එකතු වෙලා ජනතාව තුල වැරදි අදහස් ඇති කරලා වරාය මිනිස්සුන්ට එපා කෙරෙව්වා. ඕක තිබුනත් එකයි නැතත් එකයි කියන තත්වයට කිසි දෙයක් ගැන විචාරාත්මකව සොයල බලන්නේ නැති මිනිසුන්ගේ මනස පත් කළා. මහින්දත් යුද්ධෙ දිනපු නිසා මිනිස්සු චන්දෙ දෙවි කියන අධි මානසිකත්වයෙන් හිටිය. ජනතාවට හරි තොරතුරක් ප්‍රචාරය කරන්න, බොරු චෝදනා වලට උත්තර ඕන කමක් ගත්තේ නැහැ. unp නඩයේ බොරු කීමේ ගොබෙල්ස් න්‍යාය අනාගතයේදී මුළු ලෝකයක් ජය ගන්න තිබුණු වරාය විකුණන තත්වයට පත්කලා. රට ගැන කිසිම හැගීමක් නැති තමුන්ගේ අම්මව, බිරිදව, දරුවන්ව වේස කමේ යවා හෝ දවසේ බඩගෝස්තරය හොයා ගන්න බටහිරට වදින බුදු දහමත් සමග සිංහල රටත් සමග බද්ධ වෛරයකින් පසුවන කතෝලික ගැති රනිල්, චන්ද්‍රිකා ප්‍රමුක නඩයට, මුළු රටටම රත්තරන් ආකාරයක් වීමට තිබුණු වරාය ලෙහෙසියෙන්ම විකුණා ගන්න මග සකස් කිරීම ගැන රතු අලි පැටව වග කියන්න ඕන.
    99 අවුරුදු බදු දීම ගැන මම පොඩි දෙයක් කියන්නම්. කුරුණෑගල බස් නැවතුම ඇතුළු කඩ සාප්පු පිහිටලා තියෙන ඉඩම් සියල්ල පුරාණ රජ කාලයේ සිට ඇතුගල රජමහා විහාරයට අයත් ඉඩම්. පසු කාලෙක ඒවා 99 අවුරුදූ බදු ක්‍රමය යටතේ ව්‍යාපාරිකයනට බදු දුන්නා. දැන් ඒවා අයිතිකරුවන්ගේ අතින් අතට මාරුවී සින්නකර ඉඩම් තත්වයට පත්වෙලා. පන්සලේ ඉඩම් දැන් වැඩි ප්‍රමාණයක් මුස්ලිම් ජාතිකයන්ගේ. සිකුරාදා දවල්ට කඩවල් දෙක තුනයි පැරකුම්බා වීදියේ ඇරලා තියෙන්නේ. පන්සලේ ඉඩම් වලට ගිය කල. පන්සලේ ඉන්න හාමුදුරුවරු වත් මේ ඉඩම් ගැන දන්නේ නැතුව ඇති. පරම්පරා කීයක්ද. ඕකම තමයි හම්බන්තොටටත් වෙන්නේ.
    අනිත් කාරණය චීනයේ කරන්න බැරි පරිසරය වනසන තීන්ත කර්මාන්තය, වස විස කර්මාන්ත, ඛනිජ තෙල්, සිමෙන්ති කර්මාන්ත ඔය බිමේ පටන් ගත්තාම අපිටත් වෙන්නේ නවදිල්ලියේ ක්‍රිකට් ගැහුවා වගේ මුකවාඩම් බැද ගෙන ඉන්න. රටෙහි අනාගත ආදායම නැති කලා වගේම ඉදිරි පරම්පරාවට ජීවත් වෙන්න තියෙන, හුස්ම ගන්න තියෙන පරිසරයත් නැති වේවි. මේක කිව්වම පරගැති හැත්ත, රනිල්ලා කණ්ඩායම, රතු අලි පැටව් කියාවි කොරහේ කිබුල්ලු දකිනවා කියල. තව අවුරුදු දහයක් පහළොවක් යනකොට මේ කාලකන්නි හැත්ත මැරිලා යාවි අපිත් මැරිලා තියේවි ඒත් අපේ අනාගත පරපුරට මොකක්ද වෙන්න, උන්ට හුස්ම ගන්න වෙන්නේ ගෑස් බෝතල් පිටේ එල්ල ගෙන. රටට ආදායමක් නැති වුනාම උන් මොනවා විකුනලාද ජීවත් වෙන්නේ. අනාගත පරපුරට වෙන්නේ චීනයේ, ඉන්දියාවේ, ඇමෙරිකාවේ වහලුන් හැටියට අල්ලට වැදගෙන ජීවත් වෙන්න. අම්මල, අක්කල නංගිලා උන්ගේ ලිංගික වහල් සේවයට යොදවන්න. එතකොට අපේ ගෑනු මැදපෙරදිග යවන්න ඕන නැහැ. ශාක්ෂරතාවයෙන් ඉහල තැනක ඉන්නවයි කියන අපේ මේ මරි මෝඩ හැටදෙලක්ෂයත් එක්කම විනාශ වෙලා යන්න සුනාමියක්,ගංවතුරක්, සුළි සුළගක් එනවා නම් එකත් ලොකු දෙයක්.
    මට දුක මේ රතු අලි පැටව, රනිල් චන්ද්‍රිකා ප්‍රමුඛ පරගැති දේශද්‍රෝහී නඩය දැන්මම අපේ මාතෘ භූමියෙන් චුත වෙලා නොයන එක ගැනයි.

  6. Gobbya says:

    7500 kootiya gewwe kohomada? kiyala hitiyanam achariayathumo …

Main News