හම්බන්තොට චීනයට දී ගත් චෙක්පත ගල් කරලා.. මහ බැංකුවට බැර කර නෑ.. මුල්‍ය වෙළදපල කැළඹේ..

December 25, 2017 at 9:20 am | lanka C news
හම්බන්තොට චීනයට දී ගත් චෙක්පත ගල් කරලා.. මහ බැංකුවට බැර කර නෑ.. මුල්‍ය වෙළදපල කැළඹේ..

හම්බන්තොට වරාය චීනයට විකුණා ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 292ක් (රුපියල් කෝටි 4500* ක මුදල මේ වන තෙක් ශ‍්‍රි ලංකා මහ බැංකුවේ රජයේ ගිණුමට බැර වී නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ගත වූ දින 14ක කාලයක් තුල එම මුදල කවරුන් විසින් කුමන ප‍්‍රයෝජනයක් සදහා යොදා ගත්තේදැයි නොදන්නා නිසා මුල වෙළදපල තුල සැකයක් අවිශ්වාසයක් ඇතිව තිබෙන බවද ඔහු සදහන් කරයි.

අදාල චෙක්පත භාණ්ඩාගාරය නමින් මහ බැංකුවේ ඇති විශේෂ ගිණුමට බැර විය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මහා ව්‍යවසනයකින් මුළ වෙළදපල කඩා වැටීමට පෙර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් මැදිහක් විය යුතුව ඇති බවද ඒ මහතා සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරනු ලැබීය.

88 views

11 Comments to “හම්බන්තොට චීනයට දී ගත් චෙක්පත ගල් කරලා.. මහ බැංකුවට බැර කර නෑ.. මුල්‍ය වෙළදපල කැළඹේ..”

  1. Kelum says:

    Simple question?
    I believe the cheque was issued to the government. So how it can be deposit in to another account. in sri lanka do the banks have different standards?

Main News