හම්බන්තොට චීනයට දී මත්තල ඉන්දියාවට දීමෙන් රාජතාන්ත‍්‍රිකව බැලන්ස් කලා..- කැබිනට් ප‍්‍රකාශක

July 26, 2018 at 3:50 pm | lanka C news
හම්බන්තොට චීනයට දී මත්තල ඉන්දියාවට දීමෙන් රාජතාන්ත‍්‍රිකව බැලන්ස් කලා..- කැබිනට් ප‍්‍රකාශක

ඉන්දියාව හා චීනය අතර තිබෙන රාජ්‍යතාන්ත්‍රික ගැටලු ඇති නොවී බැලන්ස් කිරීමට හම්බන්තොට වරාය චීනයට බදු දීමත් මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු දීම සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඊයේ (25 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීම් සඳහා පැවැති මාධ්‍ය හමුවේදීය.

කාට හෝ මේ කෙරෙන්නේ ආයෝජනයි. ආධාර නෙවෙයිනේ ආයෝජනය කරලා අවුරුදු ගණනාවකට පසුව ඒවා ආපසු භාර දෙන්න ඕනෑ. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපොළ බදු දීමත් සම්බන්ධව පවතින විරෝධතා පිළිබඳව විමසීමේදී අමාත්‍යවරයා මෙලෙස පැවැසීය.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට හා මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරාය බදු දීම පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වෙනවා.

සිංගප්පූරු ගිවිසුම ගැන පාර්ලිමේන්තු විවාදයේදී මලික් සමරවික්‍රම ඇමැතිතුමා ව්‍යක්ත කතාවක් කළා. ඒ කතාව ඇහුවා නම් තව කාටවත් බෑ විරුද්ධ වෙන්න. මේ වගේ ගිවිසුම් පහුගිය ආණ්ඩු කාලයේ ගහනකොට කවුද විරුද්ධ වුණේ. රටවල් කීයක් එක්ක ගිවිසුම් ගහලද තිබෙන්නේ. යහපාලන ආණ්ඩුව කීවහමනේ ඔක්කොම විරුද්ධ වෙන්නේ.

මත්තල හා හම්බන්තොට කියන්නේ සුදු අලි දෙන්නෙක්. ගිය ආණ්ඩුව තිබෙනකොටත් මත්තලට ගුවන් යානා ආවේ නෑ. හම්බන්තොටට නැව් එන්නේ නෑ. හම්බන්තොට වරාය ඉදිකිරීම හරියි කියලා මම එදාත් කීවා. අදත් කියනවා. නමුත් කුමකටද මේ ව්‍යාපෘතිය හදන්නේ කියන අරමුණ සිතිය යුතුයි.

හම්බන්තොට වරායට නාවික සැතැපුම් ‍ෙදාළහකින් තමයි ජාත්‍යන්තර මුහුදු සීමාව තිබෙන්නේ. මෙහි ගමන් කරන නැව් තෙල් අවශ්‍යතාව සඳහා නාවික සැතැපුම් 300ක් විතර හරවා යනවා බොම්බායට. නැත්නම් නාවික සැතැපුම් 200ක් එහායින් තිබෙන සිංගප්පූරුවට යනවා. ලෝකයේ තිබෙන නැව් බඩු බාන්න මෙහෙට එයි කියලා හිතන්න බෑ. හම්බන්තොට වරායේ ඔයිල් බංකරින් පටන් ගත්තානම් හම්බන්තොට වරාය කාර්යබහුලම වරාය වෙනවා.

හම්බන්තොට විවෘත කරන දවසේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මම කීවා ඔයිල් බංකරින් තමයි මෙහි ව්‍යාපාරය කියලා. නමුත් පටන් ගත්තේ නෑ. මේ ආණ්ඩුව ඔයිල් බංකරින් පටන් ගන්නවා. චීනය ගන්න හදන්නේ ඔයිල් බංකරින් පටන් ගන්නයි. ඔයිල් බංකරින් පටන් ගත්විට එහි මුදල් චීනයට ලැබෙනවා. එහි විදේශ විනිමය ලංකාවට ලැබෙනවා. එයාලා ඩොලර් සාක්කුවේ දාගත්තාට ඒ ඩොලර් වාර්තා වෙන්නෙ අපේ විදෙස් සංචිතයේ. ඒකනේ වැදගත් .එතකොට අපේ රුපියල ඉහළ නඟිනවා. චීනෙට බදු දුන්නේ නැත්නම් හැම අවුරුද්දකදීම මිලියන 9200ක් ණයයි, පොලියයි ගෙවන්න වෙනවා. 2020 සිට අපිට මිලියන 15,200ක් ගෙවීමට වෙනවා. මේ ගෙවීම කරනවා නම් ඒක කරන්න වෙන්නේ ජනතාවගේ බදුවලින්.

මත්තලට මිලියන 26,500ක් වියදම් කර තිබෙනවා. ඒ ණය ගෙවන්න නම් ජනතාවට බදු ගහන්න වෙනවා. මත්තල හදනවා නම් ඒ සමඟ නිදහස් වෙළෙඳ කලාපය හදන්න කීවා. අපට පුළුවන්ද අක්කර 15,000ක නිදහස් වෙළෙඳ කලාපයක් හදන්න. සල්ලි නෑ අපට. ඒක නිසා මත්තල හදපු එකත් හරි, මත්තල දුන්නු එකත් හරි. හම්බන්තොට හදපු එකත් හරි හම්බන්තොට දුන්නු එකත් හරි.

– mawbima

135 views

24 Comments to “හම්බන්තොට චීනයට දී මත්තල ඉන්දියාවට දීමෙන් රාජතාන්ත‍්‍රිකව බැලන්ස් කලා..- කැබිනට් ප‍්‍රකාශක”

  1. lapaya says:

    ඔවු නේ …. අපේ මේ සිරි ලක් මාතාව වේසා ගැනී නේ … මුන්ට මෙහෙම විකුණන්න.
    එක තනයක් එකෙක්ට අනික් තනේ තව එකෙකුට… මේ ත්‍රිසම් එකක්නේ මේ යන්නේ ..නොදකින් පර හැත්ත … අම්මා විකුණගෙන කාපියවූ.

  2. SUNIMAL says:

    ඉන්දියාව විසින් ලංකාව සමඟ කරන ලද මුල්ම බිස්‌නස්‌ එක සොරබඩු ජාවාරමය. ප්‍රභාකරන්ගේ පළමු රස්‌සාව ද මෙය වූ අතර, ප්‍රභාකරන්ගේ මුත්තාගේ කාලයේ උතුරු පළාතේ මුහුදුකරයේ ජීවත් වූ අයගේ පාට්‌ ටයිම් රස්‌සාව ද මෙයම විය. ලංකාවේ එවකට නොතිබූ විවිධ බඩු, එනම් ඔරලෝසු, බැටරි, විසිතුරු බඩු, තුවක්‌කු, පතරොම්, පිස්‌තෝල, පෑන්, රෙදි, සරම්, දුම්කොළ, සුරුට්‌ටු, බීඩි වැනි ද්‍රව්‍ය මෝටර් බෝට්‌ටුවල පටවාගත් හොරබඩු ජාවාරම්කරුවෝ ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරළෙන් නික්‌මී උතුරේ වැල්වැටිතුරේ වෙරළට පැමිණියහ. එතැනින් ගොඩබා ගත් එම බඩු පිටකොටුවේ දෙමළ කඩවලටත්, සිංහල කඩවලටත් පටවන ලද්දේ කිසිදු රේගු බද්දක්‌ නැතිවය. ලංකාවෙන් බාන ලද බඩුවලට ලත් ලංකාවේ රුපියල්වලින් අරක්‌කු, පොල්තෙල්, සන්ලයිට්‌ සබන්, කරඳමුංගු, කරාබුනැටි යනාදිය ලබාගත් ජාවාරම්කරුවෝ තමන් පැමිණි බෝට්‌ටුවලට ඒවා පටවාගෙන රාමේෂ්වරම්වලින් ගොඩ බා ගත්හ. මෙය රටවල් දෙකටම පාඩු වූ වෙළෙඳාමකි. මේ වෙළ¹මෙන් රටවල් දෙකටම තුට්‌ටුවක රේගු බද්දක්‌ ලැබුණේ නැත. එහෙත් සමස්‌තයක්‌ ලෙස ගෙන බැලීමේදී ලංකාවේ ආර්ථිකය ඉතා කුඩා වීම නිසා ලංකාවට වූ පාඩුව වැඩිය. ඉන්දියාව පළමුවන බිස්‌නස්‌ එකෙන්ම අප කා දැමුවේ මෙසේය. හෙට සාකච්ඡා වන්නේ ඉදිරි බිස්‌නස්‌ වලින් ලංකාව ඉන්දියන් කොළනියක්‌ වන හැටිය.

  3. Dr Lakshman Fernando says:

    MAY BE, IT IS RELATED TO HOPPERS THEORY. I DO NOT THINK EINSTEIN MAY KNOW THIS LAW. WILL KEEP THE HORN ON RAGITHA,S HEAD

Main News