හම්බන්තොට චීනයට දෙන ගිවිසුමෙන් රුපියල් කෝටි ‘එක්ලක්‍ෂ හතලිස්දහසක්’ ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුට කොමිස්…

March 6, 2017 at 1:20 pm | lanka C news
හම්බන්තොට චීනයට දෙන ගිවිසුමෙන් රුපියල් කෝටි ‘එක්ලක්‍ෂ හතලිස්දහසක්’ ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුට කොමිස්…

හම්බන්තොට වරාය සමග චීවයට ලබා දෙන අති විශාල ඉඩම් අක්කර ප‍්‍රමාණය වෙනුවෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් විසින් රුපියල් ටි‍්‍රලියන 1.4ක මුදලක් කොමිස් ලෙස ලබා ගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

වරාය චීනයට පැවරීම සදහා සූදානම් කර ඇති ගිවිසුම තමන් වෙත ලැබී ඇතැයිද කී මන්ත‍්‍රීවරයා එම ගිවිසුම අනුව චීනය විසින් ලබා දෙන්නේ වරාය ඉදිකිරීම් සදහා වූ පිරිවැයෙන් 80%ක මුදලක් පමණක් බවත් ඉඩම් සදහා කිසිදු මුදලක් ලබා නොදෙන බවත්ය.

එම ඉඩම් ලබා දීම වෙනුවෙන් ආණ්ඩුවේ ප‍්‍රබලයෙකු රුපියල් බිලියන 1400 (ටි‍්‍රලියන1.4) මුදල අල්ලස් ලෙස ලබා ගෙන ඇති බවද ඔහු පැවසීය. බිලියන 1400ක් යනු කෝටි 140,000කි.

36 views