හම්බන්තොට චීනයට විකුණා කොමිස් නොලැබුණු දේශපාලඥයෙක් කුපිත වෙයි.. වරයේ වර්ජන තව අවුළුවයි..

December 12, 2016 at 12:00 pm | lanka C news
හම්බන්තොට චීනයට විකුණා කොමිස් නොලැබුණු දේශපාලඥයෙක් කුපිත වෙයි.. වරයේ වර්ජන තව අවුළුවයි..

හම්බන්තොට වරායේ වර්ජනය පිටුපස රජය අපහසුතාවයට පත්කිරීමේ උත්සාහයක යෙදෙන දේශපාලඥයෙක් හා ඔහුට උදවු උපකාර කරන පිරිසක් සිටින බවට රජයේ ප්‍රධානීන්ට තොරතුරු වාර්තා වී ඇතැයි අදට වාර්තාවේ.

ශ්‍රී ලංකාව හා චීන සමාගම අතර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇතිකරගත් ගිවිසුම් හා එකඟතාවන් සඳහා වූ ගනුදෙනුවෙන් කොමිස් මුදල් නොලැබීම නිසා කුපිත වූ දේශපාලඥයකුවරාය වර්ජනය පිටුපන සිටින බවට රජයේ ප්‍රධානීන්ට තොරතුරු වාර්තාවීමත් සමගම මේ පිළිබඳව සොයා බැලීමට අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතිබවද වාර්තාවේ.

චීන රජය සහ ශ්‍රී ලංකාව අතර හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ තිබෙන මොහොතක මෙම වර්ජන ව්‍යාපාරය දියත් වීම සැලසුම් සහගත ක්‍රියාවක් දැයි රජයේ අවධානය යොමුව තිබේ. මාගම්තොට වරාය චීනයට බදු දීම සම්බන්ධයෙන් ආරම්භයේ දී දැඩි සේ විරුද්ධ මතයක සිටි පිරිස් පවා යම් එකඟතාවයකට අනුව කටයුතු කෙරෙද්දී මෙම සේවකයන් වර්ජනයට පෙලඹවීම සිදු කර ඇත්තේ මෙම ගනුදෙනුවට මැදිහත් වීමට නොහැකි වූ දේශපාලඥයකු විසින් යැයි මේ වනවිට තොරතුරු නිරාවරණය වෙමින් තිබේ.

ඒ අනුව ඇති වූ වර්ජන තත්ත්වය නිසා ප්‍රාදේශීය හා ජාතික දේශාපාලඥයන් හා දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානද මෙයට පැටලී ඇති බවත් මේ වනවිට හෙළි වෙමින් තිබේ. කෙසේ වුවද මේ පිළිබඳව සිදුකරන අභ්‍යන්තර පරීක්ෂණ වලදී කරුණු සනාථ වුවහොත් වර්ජනයට සේවකයන් උසි ගැන්වූ දේශාපලඥයා සම්බන්ධයෙන් රජය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබෙන බවද වාර්තාවෙයි.

මෙවැනි අනවශ්‍ය තත්ත්වයක් නිර්මාණය කර රජය පමණක් නොව රටම අපහසුතාවයට ලක් කළ පිරිස් සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගත යුතු බව රජයේ ප්‍රබල ඇමැතිවරුන්ගේ මතය වී තිබේ.

– ads.lk

49 views
Main News