හම්බන්තොට තෙල් පිරිපහදුවට හා කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ..- ‘වොක්ස්වැගන් 2’ ඇත්ත මෙන්න

March 24, 2019 at 10:54 am | lanka C news
හම්බන්තොට තෙල් පිරිපහදුවට හා කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ..- ‘වොක්ස්වැගන් 2’ ඇත්ත මෙන්න

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

හම්බන්තොට ඉදිකරන තෙල් පිරිපහදුවට සහ කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ. යහ පාලනයේ මහා බොරුව මෙන්න

අද දින හම්බන්තොට මිරිජ්ජවිල මුල්ගල් තබනු ලබන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනය(රජය පවසන පරිදි සිමෙන්ති කම්හල) පිළිබදව වන සත්‍ය කතාව අප සංවිධානය විසින් හෙලිදරව් කිරීමට තීරණය කල අතර එසේ කිරීමට අප තීරණය කළේ නිදහස් පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය  ප්‍රමුඛම පාරිභෝගික අයිතියක් වන නිසා හා යහපාලන ආණ්ඩුවේ මහා බොරුව රටට නිරාවරණය කල යුතු නිසාමය.

මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ Accor Group Company යන සමාගම හා ඉන්දියාවේ තමිල්නාඩු සමාගමක් වන Silver Park International (Pvt) Ltd. සමාගම රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට සම්බන්ධකමක් ඇති මෙරට සමාගමක් වන Lanka Oil Refinery Ltd සමාගම සමග එක්ව තෙල් පිරිපහදුවක් සදහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.එහෙත් එම අවස්ථාවේ රජය ප්‍කාශ කළේ Lanka Oil Refinery Ltd  සමාගමට තෙල් සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් නොමැති බවයි. එම හේතුව නිසාම එම ව්‍යාපෘති යෝජනාව  ප්‍රතික්ෂේප කරන ලදී.

පසුව සිංගප්පූරු වේ පිහිටා ඇති Silver Park International (Pvt) Ltd සමාගම Oman Oil and Gas Company සමග එක්ව හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට්  අංගනය සදහා වන යෝජනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. සාමාන්‍යයෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ වහාම ආයෝජන මණ්ඩලය විසින් එම යෝජනාව පිළිගන්නේ නම් පරිසර සක්‍යතා වාර්තාවක් කැදවනු ලබයි. නැතහොත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් හා වෙනත් ආයතන එක්ව තාක්ෂණික කමිටුවක් මේ සදහා පත්කරනු ලබයි. එහෙත් අනීතික ආකාරයට ආයෝජන මණ්ඩලයට බලපෑම් කළ Lanka Dockyard ආයතනයේ නිළයක් දැරෑ හා වර්තමානයේ ආයෝජන මණ්ඩලයේ නිළයක් දරන පුද්ගලයෙක් අමාත්‍ය මලික්සමරවික්‍රම         බලපෑම යටතේ ඉහත කී යෝජනාව පිළිගෙන පරිසර සක්‍යතා වාර්තාවක් කැදවන්නේ නැතිවම අද දින උක්ත ආයෝජන ගිවිසුමට අත්සන් කරන්නේ නීති විරෝධීවය.

පරිසරයට බලපාන අධිසංවේදී කාරණයකදී පරිසර සක්‍යතා වාර්තාවක් අනිවාර්ය වන අතර කලාපයට පමණක් කරන මූලික පරිසරයක් කිසිවිටකත් ප්‍මාණවත් නොවේ. මෙම ව්‍යාපෘතිය සදහා මේ වන විට ඇත්තේ පසුගිය රජය විසින් කලාපයට කරන ලද මූළික පරිසර වාර්තාවක් පමණි. හම්බන්තොට නගර සභාවේ අනුමැතිය පවා හිමිව නැත.

මෙම තෙල් පිරිපහදුව නිසා සංචාරක ආකර්ෂණයක් ඇති තංගල්ල, උණවටුන, හික්කඩුව යන වෙරළ තීරයෙන් විනාශ වීමට ඇති ඉඩකඩ.

කොළඔ වරාය නගර සැළැස්ම ආරම්භක අවස්ථාවේ දී රනිල්   විකමසිංහ ප්‍කාශ කළේ පරිසර සක්‍යතා වාර්තා නැති නිසා එම ව්‍යාපෘතිය නවතා දමන බවයි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍ය ධූරය දරන වර්තමාන රජය විසින් හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුවේ ආයෝජන ගිවිසුමට අද දින අත්සන් කරන්නේ සහ මුල්ගල් තබන්නේ කිසුදු පරිසර අනුමැතියකින් තොරව වීම යහපාලනයේ මහ‌ා බොරැව හා දෙබඩි බව මුලු ලෝකයටම කියාපාමිනි.

නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මන්තිවරයා සදහන් කරන්නේ මිරිජ්ජවිල ඉදිකරන්නේ සිමෙන්ති කම්හලක් බවයි. එය සිමෙන්ති කම්හලක් නොව කොන්ක්‍රීට් අංගනයකි. ශී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 16 වගන්තියයට වැටෙන ව්‍යාපෘතියක් වගන්ති අංක 17 යටතේ වන අනුමැතියක් ලබා දීමට මැදිහත් වන්නේ මලික් සමරවික්‍රම  ඒ අනුව විශාල බදු සහන රැසක් උක්ත සමාගමට ලැබේ. ඔහුන්ගේ ආරම්භයත් සමග මෙරට කොන්ක්‍රීට් කර්මාන්තයේ නියැලෙන සමාගම් වසා දැමීමට සිදුවේ.

කෙසේ වෙතත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට බොරැකීම හා මෙරට පරිසර විනාශ කරන වැඩපිළිවෙල වහා නවතා දමන ලෙසය.

විල්පත්තුව හා සමානව මෙරට මහා පරිමාණ පරිසර විනාශයක් සිදුකරන අනුමත පරිසර සක්‍යතා වාර්තාවක් නොමැතිව ඉදිකිරීමට සූදානම් වන තෙල් පිරිපහදුවට එරෙහිව අප සංවිධානය විසින් අධිකරණය වෙතද යන්නෙමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

14,723 Viewers

4 Comments to “හම්බන්තොට තෙල් පිරිපහදුවට හා කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ..- ‘වොක්ස්වැගන් 2’ ඇත්ත මෙන්න”

  1. පොරියා says:

    අර ඕමාන් කනිජ තෙල් ඇමතියගෙ සම්බන්දෙ මොකක්ද මේකට දන්න කෙනෙක් පැහැදිලි කලානම්..

    • sinha le says:

      රිෂාඩ් ගේ කොමිස් එක කොපමනද?

      • විස්කි මැඩම් says:

        කොමිස් මොකටද මල්ලි???????
        ඉරානයෙන් තෙල් අරගෙන එන නැවු අස්සේ කුඩු ටොන් ගණන් එනවා.
        ඒ කුඩු ටික තෙල් ගහගන්න කියල එන නැවු වලට පටවනවා. ඒ නැවු වලින් ලෝකෙ පුරාම කුඩු බෙදා හරිනවා. ඔන්න ඔහොමයි රිෂාඩ් ගේ තෙල් පිරිපහදු මුවාවෙන් කෙරෙන කුඩු ඩිස්ට්‍රිබිවුෂන් බිස්නස් එක.

  2. අපේ රට says:

    මේ කියන කතා ඇත්තක්නම් පරිසර ඇමති ලෙස ජනාධිපතිත්,හම්බන්තොට දේශපාලන බලය හිමි විපක්ෂ නායකවරයාත් මේපිලිබදව කරැණු සහිතව රටට ඇත්ත ප්‍රකාශ කලයුතුවන්නේ, මේවනවිටත් විල්පත්තු ප්‍රශ්නයට වගකිවයුත්තකු නැතිවිමත්, පුල්මුඩේට පිබුරුපත් හදමින් ඇතිපරිසරයක් නිර්මානයවි ඇති නිසාත් බැවිනි.(ජනයා පෙරටවඩා දැන් අවදියෙන්බව මේ ලිපියෙන්ම අවබෝධවේ)මේවාට පිලිතුරැ නැත්නම් අගමැතිවරයා කර ඇත්තේ රටට පලදායි දෙයකි.

Main News