හම්බන්තොට තෙල් පිරිපහදුවේ රෙද්ද කැඬේ.. අවසන් ගිවිසුමක් තාම හදලාවත් නැතැයි ප‍්‍රධාන අයෝජකයා කියයි.. රොයිටර් ලෝ පුරා පතුරුවයි..

March 30, 2019 at 6:26 am | lanka C news
හම්බන්තොට තෙල් පිරිපහදුවේ රෙද්ද කැඬේ.. අවසන් ගිවිසුමක් තාම හදලාවත් නැතැයි ප‍්‍රධාන අයෝජකයා කියයි.. රොයිටර් ලෝ පුරා පතුරුවයි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දී මෑතකදී මුල්ගල තබන ලද නව තෙල් පිරිපහදුවට ඉදිකිරීම සඳහා අවසන් ගිවිසුම මෙතෙක් සකස් කර නැති බව එහි ප්‍රධාන ආයෝජකයා රොයිටර් පුවත් සේවයට සඳහන් කර තිබේ.

එම අවසන් ගිවිසුම සකස් කිරීමට නම් තවත් වසරක පමණ කාලයක් ගත වනු ඇති බවද ඔවුන් සඳහන් කර ඇත.

ඩොලර් බිලියන 3.85ක් යයි කියන මෙම ආයෝජනායේ ප්‍රධාන ආයෝජකවයා වන්නේ සිංගප්පූරුව මූලික කරගන්න ඉන්දියාවේ ‘එකෝඩ්’ සමූහයයි.

එහි සභාපතිවරයා රොයිටර් පුවත් සේවය සමඟ ප්‍රකාශ කර ඇත්තේ තෙල් පිරිපහදුව ඉදිකිරීමට ආයෝජනය කරන්නැයි ශ්‍රී ලංකා රජය මූලික යෝජනාව ඉදිරිපත් කළත් එහි අවසන් ගිවිසුමක් මෙතෙක් සකස් කර නැති බවයි.

එමෙන්ම මෙම ආයෝජනය සඳහා පාර්ශව කරුවන් මේ වන තෙක් තෝරාගෙන නොමැති බවද සඳහන් කර ඇති රොයිටර් වාර්තා විවිධ මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමෙන් එම අයෝජනය කිරීමේ ඉඩක් ඇතැයිද කියයි.

මේ අනුව මෙම ආයෝජනය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිත භාවයක් මතුවන බවද වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

71 views
Main News