හම්බන්තොට දාන පාරමිතාව.. හම්බන්තොට චීනයට පැවරීමෙන් අනාගතයේදි මහාබලවතුන්ගේ යුද පිටියක්..

December 15, 2016 at 2:10 pm | lanka C news
හම්බන්තොට දාන පාරමිතාව.. හම්බන්තොට චීනයට පැවරීමෙන් අනාගතයේදි මහාබලවතුන්ගේ යුද පිටියක්..

හම්බන්තොටට චීනය පැමිණෙන විට එහි සිට දියාගෝ ගාෂියා ඇමරිකානු යුද කඳවුරට එතරම් දුරක් නැත, මේ නිසා ලංකාව දකුණු ආසියානු වෙළෙඳ කේන්ද්‍රයක් වීමට ගොස් අනාගතයේ දිනක මහා බලවතුන්ගේ යුද පිටියක් නොවීමට ද වග බලා ගත යුතුය,

එදාට අද දේශපාලන කරන අය ජීවතුන් අතර නොසිටිය හැකිය, ඒ කරුමවලට ද කර ගැසීමට සිදු වන්නේ අපේ රටේ අනාගත පරපුරටයි, මේ නිසා ආණ්ඩුවක් අද ගන්නා තීන්දුවටක් පරම්පරා ගණනක් ඉදිරියට කල්පනා කර ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නැත.

අද ලංකාදීප ගුරුදා විග්‍රහය උපුටා ගන්නා ලදි,

හම්බන්තොට දාන පාරමිතාව

අපේ භූගෝලීය පිහිටීමට අනුව ඉන්දියානු සාගර කලාපේ වාණිජ මධ්‍යස්ථානයක් ලෙසින් මෙරට පැවැති බවට ඓතිහාසික සාක්ෂි හමුවේ. විශේෂයෙන්ම හම්බන්තොට ගොඩවාය හා මන්නාරම් වරාය එකල ප‍්‍රකට වී තිබෙන්නේ ජාත්‍යන්තර වාණිජ කටයුතු උදෙසා ය. ගොඩවාය වරායෙන් බදු අය කළ බව එ් අසලින් හමු වූ සෙල්ලිපියෙන් මනාව පැහැදිලි වේ. වරායකින් බදු අය කරන්නේ නම් එය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පදනම් කර ගෙනය. එසේ ම අතීතයේ පරාක‍්‍රමබාහු රාජ්‍ය සමය, සීගිරීයෙන් හමු වූ විවිධ රටවල කාසිවර්ග ජාත්‍යන්තර වෙළෙඳාමේ අපේ සම්බන්ධතාවය කියපායි. එසේ ම අප දන්නා ඉතිහාසයේ කොළඹ වරාය පදනම් කරගෙන අරාබි වෙළෙඳුන් හා බටහිර ජාතීන් මෙරටට පැමිණෙන්නේ ද වෙළෙඳාම මුල් කරගෙන බව පෙනේ. මීට අමතරව දුරාඅතීතයේ ලෝක ප‍්‍රකට සේද මාවතේ වෙළෙඳ කොරිඩෝවේ දකුණු ආසියාතික මධ්‍යස්ථානය ලෙසින් ශී‍්‍ර ලංකාව සැලකේ.

මේ නිසා යම් රජයක් වෙළෙඳාම පදනම් කරගෙන අපේ රටේ ආර්ථික සංවර්ධනය සිදු කිරීමට හෝ වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එහි වරදක් නොමැත. එය මෙරට සිටින ආර්ථික ක්‍ෂේත‍්‍රයේ ස්වාධීන බුද්ධිමතුන් පවා අනුමත කරන සංවර්ධන උපාය මාර්ගයකි. වත්මන් රජය පසුගිය ආණ්ඩුවලටත් වඩා ඉහළින් එම උපාය මාර්ගය තෝරා ගෙන තිබීමේ වරදක් නො පෙනේ.

විශේෂයෙන් ම මහජන චීනයේ වත්මන් ජනාධිපති ෂී පින්පීන් පැරණ සේද මාවතට යළි ජීවය ලබා දීමට ඇවැසි කාර්යයන් මේ වන විටත් අරඹ ඇත. එය චීනයෙන් පටන්ගෙන අරාබිකාරය ඇතුළු ආසියා අපි‍්‍රකා රටවල් හරහා ලතින් ඇමරිකානු කලාපයෙන් කෙළවර වීමට නියමිත ය. එ් අතින් බැලූව ද ශී‍්‍ර ලංකාව වාණිජ කෙන්ද්‍රයක් ලෙසින් ඉස්මතු වීමට සැලසුම් කිරීම වැදගත් ය. හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපාල ඉදි කිරීම් කටයුතු වෙනුවෙන් චීනය මුල් වූයේ සේද මාවතේ නවීකරණයද පදනම් කරගෙන විය හැකි ය. මේ වන විට එම ඉදි කිරීම් දෙකම සිදු වී හමාරය. මේ නිසා කොහොමටත් චීනයට ශී‍්‍ර ලංකාව වැදගත් ය.

වත්මන් රජය සුදානම් වන්නේ එම සේද මාවතට ද ඉව අල්ලමින් ශී‍්‍ර ලංකාව දකුණු ආසියාවේ වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් අපේ ආර්ථිකය ගොඩ ඇදීමටය. එසේ ගොඩ ඇදීමට සිදු වී තිබෙන්නේ ආර්ථිකය අගාදයකට ගමන් කර ඇති නිසා යි. ණය කන්දට අමතරව අපේ රටේ අපනයනය ට වඩා ආනයනය දෙගුණයක් වී තිබේ. මේ නිසා ලද දෙයින් සතුටුවන මට්ටමක් අපට නැත. සීයක් උපයන විට දෙසීයක පිට රටින් බඩුගෙන් වන රටක් අසාර්ථක ය. මේ නිසා රුපියල දිනෙන් දින අව ප‍්‍රමාණය වේ. ණය කන්දටත් වඩා මූලික ප‍්‍රශ්නය ඇත්තේ මෙතැනය. ආදායම් තිබේ නම් ණය ගෙවා දැමීම එතරම් ප‍්‍රශ්නයක් නොවේ. ජපානයේ ණයබර ද.ල. දේශීය නිෂ්පාදිතයෙන් 277.4% කි. ඇමරිකාව 73.6%කි. ජර්මනිය 76.7%කි. එහෙත් එ් රටවලට ණය ගෙවා ගැනීමේ අර්බුදයක් නොමැත. ආර්ථිකය ”‘රෝල්’ වේ. ණය ගෙවා දැමීමට ආදායමක් ඇත. අපට එ් හැකියාව නොමැත ‘රාජපක්ෂ ණය භීතිකාව’ වුව ද නිර්මාණය වී තිබෙන්නේ මෙවර පසුබිමකය.

මේ සඳහා වත්මන් ආණ්ඩුව අනුගමනය කරන උපාය මාර්ගය ශී‍්‍ර ලංකාව දකුණු ආසියාවේ වාණිජ කේන්ද්‍රයක් ලෙසින් ඔසවා තබමින් වෙළෙඳාමෙන් උපයන ධනයෙන් ණය ගෙවා දමමින් රට සංවර්ධන කිරීමය. එය ප‍්‍රතිපත්තියක් විදියට නිවැරදිය.

ප‍්‍රශ්නය ඇත්තේ මෙතන නොවේ. මෙම ප‍්‍රතිපත්තිය වෙනුවෙන් ගනු ලබන කි‍්‍රයා මාර්ග තුළයි. මේ සඳහා අවාසිදායක වෙළෙඳ ගිවිසුම් සමඟ රට විකිණේ නම් ඉන් සිදු වන්නේ අවැඩකි. වෙළෙඳ ගිවිසුම්වල වරදක් නැත. එය යම් පමණකට හෝ රටට වාසිදායක අයුරින් සිදු විය යුතුය. මීට ආසන්නම උදාහරණය. හම්බන්තොට චීන ආයෝජන කලාපයට අදාළ ගිවිසුමයි.

පසුගිය මැතිවරණ සමයේ පෝට් සිටි හා හම්බන්තොට චීන ආයෝජනවලට එරෙහි සටන් පාඨ අපේ දේශ සීමා ඉක්මවා ගොස් තිබුණි. එය රාජපක්ෂවරුන්ට එරෙහිව පමණක් නොව චීනයේ මැදිහත් වීමෙන් සිදු වූ අනවශ්‍ය ව්‍යාපෘති ලෙසින් ද, අත යට ගනුු දෙනු මත සිදු වූ ව්‍යාපෘති ලෙසින් ද අර්ථ ගැන්වුනි. ‘පෝට් සිටි’ නතර කරනු ලබන බවද අසන්නට ලැබුණි. සමහර විට මේ සටන් පාඨ පනගන්වනු ලැබුවේ. ජයග‍්‍රහණයෙන් පසු බටහිර රටවල් ගැන වැඩි බලාපොරොත්තුවක් තබා විය හැකි ය. අවසානේ අද වන විට බටහිරින් ලැබී ඇති ‘කේන් ගෙඩියක්’ නැත. ආර්ථික අර්බුදයක පැටලී සිටින ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් දැන් අපට උදව් කළ හැකි මට්ටමකට නොසිටි. විශේෂයෙන් ම තුන් වැනි ලෝකයේ අප වැනි රටවලට ආයෝජනය කිරීමේ හැකියාව ඇත්තේ චීනයට පමණි. මේ නිසා අකැමැත්තෙන් හෝ අපට චීනය දෙසට සමීප වීමට සිදු විය. දෙවනු ශී‍්‍ර ලංකාව දකුණු ආසියාවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙසින් සංවර්ධනය කරන්නේ නම් චීනයේ හා ඉන්දියාවේ සහාය අත්‍යවශ්‍ය. මේ කාරණ දෙක නිසා වුව ද චීනයට සමීප වීමට සිදු වී තිබේ.

අවසානේ චීනය තමන් ළඟට පැමිණෙන ශී‍්‍ර ලංකා බලධාරීන් පිළිගැනීමට සූදානමින් සිටින්නේ ඔවුන්ගේ යටත් වැසියන් වගේ වගේ ය. අපේ ඓතිහාසික සබඳතා උපයෝගී කරගනිමින් මීට වඩා මිත‍්‍රශීලිව ඉටු කර ගැනීමට තිබූ කාර්යයක් දේශපාලන උපාය උපක‍්‍රමවල තිබූ වැරදි නිසා වරද්දාගෙන තිබෙන බව පෙනේ. නො එසේ නම් අප නොදන්නා වෙනත් කාරණා හම්බන්තොට වෙළෙඳ කලාප ගිවිසුම සමඟ ගැට ගැසී තිබේ දැයි කියන්න දන්නේ නැත.

‘චීනයට 80%යි, රටට 20%’ යන්න සමාගමක් සම්පූර්ණයෙන් ම දුන්නා වාගේ ය. එ් විදිහට ගිවිසුම් අත්සන් කළ පසු කිසිවෙක් පැරණි සේවකයින් තමන්ට ලැබුණු සමාගම්වල තබා ගැනීමට සුදානම් නැත. එසේ ම එය සැබෑ රාජ්‍ය හා පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් නොවේ. හම්බන්තොට වරායේ වත්මන් අර්බුදයට හේතුව මෙම වැරදි පිළිවත බව පෙනේ. එ් පිළිවෙත නම් ‘නව ලිබරල්.’ බව පැහැදිලි ය.

මෙම ගිවිසුමේ අඩංගුව ඇතැයි කියන කාරණා දැනට මාධ්‍ය මගින් හෙළි දරව් වී ඇති ආකාරයට රටට අවාසි සහගත ය. හම්බන්තොට වරාය පැවරීමට යන්නේ ඊට අදාළ කාරණා අඩු කරමින් වරාය ඇමතිවරයාවත් නොදැන ය. ගිවිසුම තවම රහසිගත ය. මෙය නම් පුදුම සහගත ‘ලිච්චවී පිළිවෙතකි’. ඊටත් වඩා පුදුමයක් වන්නේ ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම පවා මේ ගැන කිසිවක් නොදැන සිටීමය.

කොහොම ද ? එහෙම කියන්නෙ.

ඔවුන් නිහඬව සිටීමෙන් පෙනෙන්නේ එයයි.

කවුද දන්නේ දැන ගෙන ඉන්නව ද කියල ? එහෙනම් ඔවුන් එ් සම්බන්ධයෙන් රට දැනුවත් කළ යුතුයි. මධ්‍යවල සඳහන් කරන කරුණු වැරදි යැයි රටට හෙළි කළ යුතුය. එවැන්නක් වන්නේ නැත. තමන් දන්නා දේ සඟවා ගෙන සිටීනම් ඔවුන් ද රටට කරන්නේ දෝහීකමකි. නැත්නම් ආණ්ඩුවට කරන්නේ වරදකි. චීනය හම්බන්තොට එන්නේ සමාජවාදය ගොඩනැගීමට නම් නොවේ. කියුබාවට ගියා නම් එසේ කියාවත් සිතිය හැකි ය. මේ නිසා චීනය හම්බන්තොට එන්නේ වෙළෙඳාමටය
ආ… දැන් උඹලට අපට ඕන වෙලා නේද ?

ඔවුන් සමහර කොන්දේසිවලින් කියන්නේ එ්ක දැයි කියන්න දන්නේ නැත. ශී‍්‍ර ලංකාව ද මෙම ගිවිසුම අත්සන් කරන්නේ මාලදිවයින සමඟ නොවේ. අතිබලසම්පන්න මහජන චීනය සමඟ ය. අපට ආසන්නම කිට්ටු අසල් වැසියා මහජන චීනය නොවේ. ඉන්දියාවයි. ඉන්දියාව කිසිසේත්ම මේ දීගය මේ විදියට වනවාට කැමැති නැත. මේ නිසා හෙට දවසේ අඩුම ගානේ කොළඹ වරායෙන් කොටසක්වත් ඔවුනට බදු දීමට සිදු වේ.

හම්බන්තොටට චීනය පැමිණෙන විට එහි සිට දියාගෝ ගාෂියා ඇමරිකානු යුධ කඳවුරට එතරම් දුරක් නැත. මේ නිසා ලංකාව දකුණු ආසියානු වෙළෙඳ කේන්ද්‍රයක් වීමට ගොස් අනාගතේ දිනක මහා බලවතුන්ගේ යුධ පිටියක් නොවීමට ද වග බලා ගත යුතුය. එදාට අද දේශපාලනය කරන අය ජීවතුන් අතර නොසිටිය හැකිය. එ් කරුමවලට ද කර ගැසීමට සිදුවන්නේ අපේ රටේ අනාගත පරපුරටයි. මේ නිසා ආණ්ඩුවක් අද ගන්නා තීන්දුවක් පරම්පරා ගණනක් ඉදිරියට කල්පනා කර ගත යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. මේ සඳහා ‘එදා වේලා ටුවර්ස්’ විදේශ පිළිවෙතකින් පලක් නොවේ.

කටුනායක, බියගම ඇතුලූ මුළු රට පුරාම වෙළෙඳ කලාප12ක් පමණ වේ. එ්වාට වෙන් ම ඇති මුළු ඉඩම් ප‍්‍රමාණය 3417කි. මෙයින් ද කර්මාන්ත ශාලාවලට වෙන් වූ ප‍්‍රමාණය අය කර 1920.කි. මින් සමහර වෙළෙඳ කලාපවල ප‍්‍රධාන පෙළේ කම්හල් නැති තරම් ය. මුළු වෙළෙඳ කලාප දුසිමේ ම මේ වන විට ඍජු රැුකියාවල නිරත සංඛ්‍යාව 134590කි. වක‍්‍ර රැුකියා මින් දෙගුණයක් වුව ද ගණන පැහැදිලි ය. සමහර කලාප තවත් ආයෝජන නොමැති කමින් වේලෙනවාය. මෙවන් පසුබිමක හම්බන්තොටින් පමණක් අක්කර 15000ක් චීනයට වෙන් කිරීම යහපාලනයට උචිත වන්නේ කෙසේ ද? අපේ රටේ ඉඩම් සීමිත බව රට කරවන අයට අමුතුවෙන් කිව යුතු නැත. සෙස් තණ බිම් වැනි ඉඩම් යායවල් ද අපට නොමැත. මෙම ඉඩම් ප‍්‍රමාණය හම්බන්තොටින් ලාබ දීමට නම් යාල අභය භුමියේ සිට හම්බන්තොට ජනයාගේ පාරම්පරික ගම්බිම් සියල්ල බිල්ලට දිමට සිදු වේ. ඇත. එය සුද්දන්් වෙල්ලස්සේ කළ මහා ඉඩම් කෝල්ලයටට සමාන වීමටත් ඉඩ තිබේ.

ලබන ජනවාරි 8 වැනි දා ජනාධිපති දෙවැනි පදවි ප‍්‍රාප්පතියට පෙර මීට අදාළ කාර්යන් අවසන් කිරීමට කටයුතු යොදමින් සිටින බව පෙනේ. වත්මන් යු.ඇන්.පියේ සමහර අයට මේවා එතරම් ප‍්‍රශ්න විය නොහැක. හේතුව මොන ආරූඩ නම්වලින් හැඳින්වුවද මේ ආණ්ඩුව ද මුලික වශයෙන් ”යළි පුබුදුමු” චින්තනයෙන් ඉවත් වී ඇති බවක් නොපෙනේ. මෙවර එය ලෙසින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ කනෙන් රිංගා ඉටු කිරීමට සුදානම් මෙනවාදැයි කියන්න දන්නේ නැත.

එසේ ම චීනය හම්බන්තොට නොගෙන්වා ගත යුතුයැයි මින් අදහස් නොවේ. එ් සඳහා සියලූම සුදුසු කම් චීනයට ඇත. එහෙත් ”කිරිකැවත් සිරිත්තමට” කියා දකුණේ කියමනක් තිබේ. ශී‍්‍ර ලංකාවේ වාමාංශික පක්ෂ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා රාජපක්ෂලාගේ කට වැසීම ඉලක්ක කරගෙන අවාසිදායක කොන්දේසි යටතේ හෝ වෙනත් අප නොදන්නා කරණා හේතු කොට ගෙන චීනය හම්බන්තොටට ගෙන්වා ගැනීම වැරදියි. අවසානේ ජනාධිපති මෛතී‍්‍රට චීනයට ගොස් මේ සියල්ල රටට වාසිදායක වන ලෙස වෙනස් කිරීමට සිදු වුවහොත් පුදුම විය යුතු නැත.

වසන්තපි‍්‍රය රාමනායක
– ලංකාදීප

43 views

5 Comments to “හම්බන්තොට දාන පාරමිතාව.. හම්බන්තොට චීනයට පැවරීමෙන් අනාගතයේදි මහාබලවතුන්ගේ යුද පිටියක්..”

  1. SARADIEL says:

    හම්බන්තොට වරාය චීනයට විකිණීම නවතනු රටවැසියනි පෙරට වරෙව් ..
    අපේ ජාතික සම්පත් විනාශකිරීමට යහපාලන දේශපාලුවන්ට ඉඩ නොදියව්
    ජාත්‍යන්තර ගිවිසුම් අවලංගු කරන එක පහසු දෙයක් නොවෙයි. ගිවිසුම් ඇති කර ගන්න ඉස්සෙල්ල නවත්තන්න ඕන මේ සියළු ගිිවිසුම්වලින් වෙන්නෙ අවසානයේ දී රටේ ස්වාධීනත්වය නැති වෙන එක විතරයි. මේ ආණ්ඩුව දන්නෙ රට කාට කාට හරි විකුණලා තම පැවැත්ම ආරක්‍ෂා කරගන්න පමණයි.
    http://www.yuthukama.com/2016/12/WarayaVikineema.html

  2. Nalika says:

    Ekko meka yuda kalapayak karai nathnam me waraya wadakata nathai kiyapu modayanta tharu penenna mudal akarayak mawai. Hambanthota waraya kiyanne pihiteema anuwa diyamanthi akarayakatath wada watina polowa. Bola monatharam awasanawanthada? Ranilwa china walata wikunala hari oka bera ganilla. Rate sampath eyage pawdgalika ganudenuwalata palida?Janapathi udn wirodaya pala yatin ulpandan denawa. Ranil dan meyawa niyama rukadayak karala iwarai.

  3. anu says:

    apita *ka da?

Main News