හම්බන්තොට දුපතත් නොමිලේම දෙනු.. නොදුන්නොත් වරාය බදු දුන් ඉතිරි මුදල දෙන්නේ නෑ.. හම්බන්තොට වරායේ බාගයක් මුදල් රදවාගෙන චීනය කියයි..

June 11, 2018 at 3:00 pm | lanka C news
හම්බන්තොට දුපතත් නොමිලේම දෙනු.. නොදුන්නොත් වරාය බදු දුන් ඉතිරි මුදල දෙන්නේ නෑ.. හම්බන්තොට වරායේ බාගයක් මුදල් රදවාගෙන චීනය කියයි..

හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු අවසන් වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 585ක මුදල ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට චීනය කටයුතු කර තිබේ.

හම්බන්තොට වරායේ නිර්මාණය කර ඇති දූපත විනෝදාස්වාදක කටයුතු සඳහා යොදා ගැනීමට චීනය ඉල්ලා තිබුණත් කොළම ඒ සඳහා විරෝධතා දැක්වීම හේතුවෙන් ඔවුන් මෙසේ අවසන් වාරිකය නිදහස් කිරීම ප්‍රමාද කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.12ක මුදලකට 99 අවුරුදු බදු පදනමක් යටතේ චීනයට පැවැරීමට වත්මන් රජය කටයුතු කළේ ඒ සඳහා ලබාගෙන ඇති ණය ගෙවා දැමීමට ශ්‍රි ලංකාවට අපහසු බව පවසමිනි.

මෙම දූපත නාවික හා වරායේ කාර්යයන් සඳහා පමණක් යොදා ගත යුතු බවට ශ්‍රී ලංකා වරාය අධිකාරිය චීනයට දන්වා ඇති හෙයින් ඔවුන් මෙසේ අවසන් වාරිකය මුදා හැරීම ප්‍රමාද කර ඇත.

මෙම ගැටලුකාරී තත්ත්වය අවසන් වූ පසුව චීනය අවසන් වාරිකය මුදා හැරීමට කටයුතු කරනු ඇතැයි එම වරාය බදු පදනම යටතේ ලබාගත් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් සමාගම පවසා ඇත.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි
– ada

121 views

3 Comments to “හම්බන්තොට දුපතත් නොමිලේම දෙනු.. නොදුන්නොත් වරාය බදු දුන් ඉතිරි මුදල දෙන්නේ නෑ.. හම්බන්තොට වරායේ බාගයක් මුදල් රදවාගෙන චීනය කියයි..”

  1. Love nature says:

    මත්තල ගුවන් තොටුපල ඉදිරි කාල සීමාවේදී බොහෝ දුරට ඉන්දියානු ගුවන්තොටුපොළ අධිකාරිය විසින් පාලනය කිරීමට පවරා ගනු ඇතැයි මෑතකදී ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉල්ලා අස් වූ සුරේන් රත්වත්තේ මහතා පවසයි.

    ඒ පිලිබදව වැඩි දුර අදහස් පල කිරීමට තමන් හරියාකාරය නොදන්නා බවද ඔහු සදහන් කරයි.

    මත්තල ගුවන්තොටපොළ හැදින්විය යුතු හොඳම ක‍්‍රමය ‘සුදු අලියෙක්’ ලෙස බවද ඔහු කියා සිටී.

    ධුරයෙන් ඉල්ලා අස්වීමට දින තුනකට පමණ පෙර ඔහු මෙම අදහස් පල කර ඇත්තේ ගුවන් සමාගම් ප්‍රධායක විධායක නිලධාරීන්ගේ සමුළුවක් ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි නුවරදී අමතමිනි.

  2. "චීංචූං" says:

    හම්බන්තොට දුපතත් නොමිලෙම දෙන්නම්
    වරායට හාල් ගබඩාවත් නොමිලෙම දෙන්නම්
    මුලු මුතු ඇටයම චීන්නුට නොමිලෙම දෙන්නම්
    චීන පැටව් අප ගෑනු බඩට නොමිලෙම දෙන්නම්

  3. daminda says:

    ratae heta wikuna ada kamakk……..?

Main News