හම්බන්තොට මිලට ගන්න චීන නියෝජිතයින් දැන් ලංකාවේ.. ආපසු යන්න කලින් ගිවිසුම ගහන්න ඕනෑ..- මලික්
April 5, 2017 at 1:20 pm | lanka C news
චීන සමාගමක් වෙත හම්බන්තොට වරාය පැවරීම සදහා වන ගිවිසුම මේ සතියේ අත්සන් කල හැකි බව ඇමති මලික් සමරවික්‍රම මහතා පවසයි.
චයිනා මර්චන්ට් සමාගමේ නියෝජිතයන් දෙදෙනකු දැනට කොළඹට පැමිණ සිටින බවද කී ඇමතිවරයා ඔවුන් පිටත්ව යාමට පෙර ගිවිසුම අත්සන් කළ යුතු බවද ඇමතිවරයා සදහන් කරයි.
මේ අතර මෙම ගිවිසුම ගැන සොයාබැලීමට පත් කරන ලද කැබිනට් අනුකමිටු වාර්තාවද ජනාධිපතිවරයා වෙත අද දිනයේ බාර දීමට නියමිතය.
කෙසේ වෙතත් මේ දක්වා මෙම ගිවිසුම කුමක්දැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති අතර ඉදිරි සති දෙකක් සදහාම වූ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ මෙවන් ගිවිසුමක් ගැන සදහන්ව නැත.