හම්බන්තොට වරායේ කඩාකප්පල් වැඩ කරන්නේ නිල් බලකායෙන්.. චීනයට විකුණනවාට මහින්දත් කැමතියි..

December 12, 2016 at 6:48 pm | lanka C news
හම්බන්තොට වරායේ කඩාකප්පල් වැඩ කරන්නේ නිල් බලකායෙන්.. චීනයට විකුණනවාට මහින්දත් කැමතියි..

හම්බන්තොට වරායේ මෙහෙයුම් කඩාකප්පල් කරන්නේ සංවිධානාත්මක කණ්ඩායමක් බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

එම සංවිධානාත්මක කණ්ඩායම පිටුපස රාජපක්ෂලාගේ නිල් බලකාය සිටින බවද ඔහු කියා සිටි. ඔහු අවධාරණය කළේ හම්බන්තොට වරායට විශාල පාඩුවක් වන සේ හැසිරෙන සියලු දෙනාටම එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ලබන බ්‍ර‍හස්පතින්දා වන විට අලාභය ගණනය කර එම අලාභය කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කළ අයගෙන් අය කර ගැනීමට කටයුතු කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග අවධාරණය කළේය.

ඔහු මේ බව කියා සිටියේ අද පස්වරුවේ වරාය සහ නාවික අමාත්‍යාංශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අමාත්‍යතුමා පැවසුවේ සියලු සේවකයින්ගේ රැකියා ස්ථීර කිරීමට කටයුතු සැලසුම් කර තිබියදීත් මෙලෙස කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමට අනුමත කළ නොහැකි බවයි.

“අද උද්ඝෝෂණය කරන මේ අය සේවය කරන්නේ හම්බන්තොට වරාය කළමනාකරණ පෞද්ගලික සමාගමේ. මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලේ තමයි මේ පෞද්ගලික සමාගම ඇති කළේ. එදා මහින්ද රාජපක්ෂ මහත්තයට තිබුණා මේ ළමයි ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගන්න. නමුත් එතුමා එහෙම කළේ නැහැ. පෞද්ගලික සමාගමක් ඇති කරලා ඒ සමාගමට තමයි මේ අය බඳවා ගත්තේ. අපි ආණ්ඩුව බාරගන්නා විටත් ඒ කිසිම කෙනෙක්ට ස්ථීර පත්වීමක් ලබා දී තිබුණේ නැහැ. මේ ආණ්ඩුවේ අපි තමයි ඒ දරුවන් ස්ථීර කළේ. අපි 2015 ජනවාරිවලදී ආවට පස්සේ මේ අය නිල් බලකායෙද, මහින්ද මහත්මයගෙද, නාමල් බබාගෙද කියලා අපි බැලුවේ නැහැ. එක් අයෙකුගේවත් රැකියා නැතිකලේ නැහැ. අපිට ඕනෙ නම් ඉවත් කරන්න තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමා මේ රටේ ජනාධිපති වුණු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැකියා ටික රැකුණා. ඒ අයට එහි වටිනාකම තේරෙන්නේ නැහැ. මොකද තවමත් මේ ළමයි පාවිච්චි කරන්නේ වෙනම පිරිසක්. එහෙම වෙලා ඒ අයට රැකියා නැති වෙනවා නම් මට කරන්න දෙයක් නැහැ.

චීනය සමඟ එක්ව හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේදී අපේ මූලික කොන්දේසිය වුණෙත් මේ ළමයින්ගේ රැකියා ස්ථීරත්වය. මමම ගිහිල්ලා මේ දරුවන්ට කිව්වා, කිසිම කෙනෙක්ගේ රැකියාවට කරදරයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. එක්කෙනෙක්ගේ හරි රැකියාවක් නැති කළොත් මම ඇමතිකමෙන් අයින් වෙනවා කියලා පොරොන්දු වුණා. එහෙම තිබියදීත් මේ අය අද කඩාකප්පල්කාරී ක්‍රියාවලට යොමු වෙලා. අපේ ප්‍ර‍ධාන පරිපාලන ගොඩනැඟිල්ල ග්‍ර‍හණයට අරගෙන එහි විදුලිය විසන්ධි කළා. සී. සී. ටී. වී. කැමරා පද්ධතියට හානි කළා. ජල ටැංකියට හානි කරලා. මහල් 13කින් යුක්ත ගොනැගිල්ලේ සෑම තැනකම ජලය. පරිගණකවලට හානි සිදු වෙලා. විදුලි සෝපාන අක්‍රිය කරලා. අද නැව් හැරිලා යනවා. නැව් සමාගම් තවදුරටත් හම්බන්තොට වරාය නොඑන තත්ත්වයකට පත් වෙලා. අපි දරුවන් ලෙස සලකනකොට ඒ අය දරුවන් ලෙස හැසිරෙන්න ඕනේ. නමුත් අවාසනාවකට ඒ අය දරුවන් ලෙස නොවෙයි සිටින්නේ.

මෙතන 50%ක් ඉන්නේ නිල්බලකායේ පිරිස තවම මේ ගනුදෙනුවේදී අත්සන් කරලා තියෙන්නේ මුල්ම ගිවිසුම පමණයි. අවසාන ගිවිසුම තවමත් අත්සන් කරලත් නැහැ. විපක්ෂයේ සිටින අයට අවශ්‍ය මෙය කඩාකප්පල් කරන්න. නමුත් අපි රටට හිතකර ගිවිසුමක් ඇති කර ගන්න ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. චීන සමාගම් අපෙන් ඉල්ලපු දේවල් දෙන්න බෑ කියලා අපි ඒ දේවල් නැවත වරක් ලබාගෙන තිබෙනවා.

අද වන විට අපි ඉල්ලපු දේවල්වලින් 50%ක් ලබා ගෙන අපි ජයග්‍රහණය කරලා තියෙනවා. අඩුතරමින් අපේ ඉල්ලීම්වලින් 75%ක් 80% අපිට ලබා ගන්න අපි උත්සාහ කරනවා. නමුත් කවුද අපිට උදව් කරන්නේ. ඔය කෑගහන එක්කෙනෙක්වත් උදව් කරන්නේ නැහැ. ඒ අය කැමතියි හම්බන්තොට වරාය මේ චීන සමාගමට දෙනවට. චීන සමාගමට හම්බන්තොට වරාය විකුණන්න එපා කියලා මහින්ද මහත්තයා නැගිටලා කියනවද ?. පුළුවන්නම් එහෙම කියන්න කියන්න. මම මේ වගකීමකින් කියන්නේ. එතුමා එහෙම කියන්නේ නැහැ………” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් කියා සිටියේය.

– තමීර මංජු

0 views

6 Comments to “හම්බන්තොට වරායේ කඩාකප්පල් වැඩ කරන්නේ නිල් බලකායෙන්.. චීනයට විකුණනවාට මහින්දත් කැමතියි..”

  1. aniwa says:

    Pattapal boru ! Mahinda sir never have done this, he was never a fan of Chinese regime

  2. Dickie Bird says:

    Where has mahinda said that he is agreeable to the sale of port to the Chinese????
    Mahinda has said if at for all the the Piers could be leased to the Chinese.

    These moron lied in the past, currently too they lie and they will be lying in the future as well.
    PEOPLE CAN NOT BE FOOLED ALL THE TIME.

    In 2005 total loans taken was $25b = to 96% of the GDP then.
    In 2014 total loans taken stood at $ 75b (3 times of 2005) = 75% of the GDP.
    That much the economy had improved despite the war.
    One has to take loans to develop & improve the economy of the Country.

  3. kate says:

    I also in hesitation regarding this situation. More than the 450 jobs, all the citizens must be raised against giving this valuable national asset to China. But I don’t see such a situation. Even the Joint Opposition do not talk directly regarding this. I cant understand. As I can see we are loosing the most valuable asset constructed by Mahinda. He must be going mad about this. But it is not so. Why is this? Can anyone explain this?

  4. ranna ponil says:

    නත්තල් කොටා???

  5. Nalika says:

    Thopi thamai danne eya hithana hati. Boru keeme simawak naha.

Main News