හම්බන්තොට වරායේ සිංහ කොඩියේ කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි..[Video]

January 2, 2018 at 10:00 am | lanka C news
හම්බන්තොට වරායේ සිංහ කොඩියේ කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි..[Video]

හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ ස්ථාපිතර කර ඇති සිංහ කොඩිය ඔසවන කොඩ කණුව සෙසු කොඩි කණු හා සම මට්ටම් වන ලෙස කපා දැමීමට එම වරාය වසර 99ක කාලයක් සදහ බද්දට ගත් චීන සමාගම කටයුතු කර ඇත.

මෙතෙක් සිංහ කොඩිය ඔසවන කණුව තිබුනේ සෙසු කොඩි කණුවලට ඉහලින් වන සේය.

පසුගිය දෙසැම්බර් 09 වැනිදා වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය බදු ගත් චයිනා මර්චන්ට් පොට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් සිංහ කොඩියේද උස මට්ටම අඩු කර සෙසු කොඩි කණු හා සමාන කර ඇත.

කොඩි කණු අතර චීන කොඩියද ඔසවා තිබේ.

139 views

7 Comments to “හම්බන්තොට වරායේ සිංහ කොඩියේ කණුව කපා දමයි.. චීන කොඩිය ඔසවයි..[Video]”

  1. උදේශ් says:

    අපේ රටේ මෝඩයෝ රටට ආදරය නොකලාට චීන්නු තම රටට දක්වන්නේ පුදුම ආදරයක් .අපේ රටේ මීහරක් බටහිර රටවල ලනු කාල රට පවල දුන්නට චීන්නු ඒ මෝඩකම් කරන්නේ නෑ .ඔවුන් ඉතාම බලවත් රාජ්‍යක් ස්වාභාවිකවම උන් අකමැති ඇති උන්ගේ කොඩියට වඩා අනෙක් රටක කොඩියක් ඉහලින් තියෙනව දකින්න එක බොහොම පැහැදිලියි .හැබැයි ඉතින් ඔය කොඩි කනුව ගැන ගිවිසුමේ නැතිනම් ඕක ආපහු උස්සන එක බොරු .හැබැයි චීන්නු දක්ෂ නිසා ඔන්න ඔහේ කමක් නෑ පොඩි එකාගේ ආසාවනේ කියල කනුව උස්සන්නත් ඉඩ තියෙනව .නවාස් ෂෙරිෆ් හිටපු අගමැතිට කතා කරල පොහොර ලබාගත්ත අපේ ජනාදිපතිතුමාට කියල නරකද හියු ජින්තාවෝ හිටපු චීන ජනාදිපතිට කෝල් කරලා ඔය වැඩේ කරගත්තොත් .

    • Kepuwathkola says:

      An excellent and fitting comment!

      • ජනක says:

        මුලින් ජාතික ධජය ඉහලින් ඔසවන්න සකසලා තිබුනේ සමාගම් කොඩි දෙපැත්තෙන් තිබෙන්න .සමාගම් කොඩි වලට වඩා ජාතික කොඩි ඉහලින් තිබීමේ කිසිම වරදක් නෑ .නමුත් වරාය චීන සමාගමට බදු දුන් පසු ඔවුන් චීන ධජය එසවීමේදී එයත් රටේ ධජය හා සමාන උසකින් එසවීම කලයුතුයි එයයි සම්ප්‍රදාය .එහි කිසිම වරදක් නෑ එනිසා මුලින් තිබු කණුවේ උස අඩුකරන්න ඇති.
        රට සුද්දට කොටියට රත්තරන් බන්දේසියක දාලා දෙන්න අපේ වාහෙලා පොරකාල චන්දෙ දීලා දැන් එනවා මෙතන ජාතික ධජය ගැන කතා කොරන්න .ඒ අස්සේ අන්න තොපි චන්දෙ දීලා පත්කළ ආණ්ඩුව ජාතික කොඩියට ජාතියට වල කපනවා .ජාතික ගීයත් උන් විනාස කොලානේ තව අවුරුදු කිහිපයක් මුන් හිටියොත් ඔය කණුවේ උස්සන්න වෙන්නේ ඊලාම් කොඩිය

  2. Lapaya says:

    Kohomath me amduwe kanu serama kotayi e bawa chinnu dannawa.

  3. Jonaa'S Brother says:

    Great Mr. Mayithuunayaa, Welldone Boy

  4. Janaka from Matara says:

    national flags are flown generally at same height. i think the rule is the size of any other flag cannot be bigger than the size of the flag of the land, and few other rules.

  5. Janaka from Matara says:

    National flags are always flown at equal height- anywhere.

Main News