හම්බන්තොට වරාය, අක්කර 15,000 චීනයට දීමට එරෙහි වාසුගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ.. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් බෙදේ..
June 30, 2017 at 3:50 pm | lanka C news
හම්බන්තොට වරායත් ඒ ආසන්න ඉඩම් අක්කර පහලොස්දාහකුත් චීන සමාගම්වලට බදු දීමට විරුද්දට පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කර තුබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ප්රතික්ෂෙප කරනු ලැබීය.
නීතිපතිතිවරයා විසින් ගොනු කර තිබූ මූලික විරෝධතා සලකා බලමින් මෙම පෙත්සම ඉවත දැමුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බෙදුනු තීන්දුවකිනි.