අවුරුදු 99ට පම්පරා තුනකට හම්බන්තොට වරාය දීම බරපතලයි..ඩොලර්වලට රට විකුනන්න බෑ..එහෙම නිවට වෙන්න බෑ..- විජේදාස කොන්ද කෙලින් කර ගනී..[Video]

March 31, 2017 at 12:15 am | lanka C news
අවුරුදු 99ට පම්පරා තුනකට හම්බන්තොට වරාය දීම බරපතලයි..ඩොලර්වලට රට විකුනන්න බෑ..එහෙම නිවට වෙන්න බෑ..- විජේදාස කොන්ද කෙලින් කර ගනී..[Video]

හම්බන්තොට වරාය ගිවිසුම සම්බන්ධයෙන් ඇමති විජයදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් පල කලේය.

හම්බන්තොට වරාය බදුදීම පිළිබඳව මහා විශාල ප්‍රශ්න තියෙනවා… රටේ ජනතාව අවදියෙන් ඉන්නේ..
අපි දන්නවා හම්බන්තොටින් මහා අවුලක් ඇති වුණා.. හම්බන්තොටින් පාලනයක් ඇති වුනා වගේම හම්බන්තොටින් රට අවුල් වුණා ..

එදා හම්බන්තොටින් චීන රජයත් එක්ක වරායක් ගන්න සාකච්ජා කළා.. හම්බන්තොටට වරායක් ඕනයි කියන කතාවක් මේ රටේ තිබුනා සෑම ආණ්ඩුවක් කාලෙකම.. ඒකට සැලසුමකුත් හැදුවා.. ඇ.ඩො. මි. 300 කින් හම්බන්තොටට ධිවර වරායක් හා බංකරින් පහසුකම් ලබා දීමේ වරායක්..

හැබැයි, පස්සේ කාලෙක මේක මහා පරිමාණ වරායක් කරලා.. මහපොලවත් ගොඩ කරලා මෙතන වරායක් හැදුවා.. දැන් මේ වරාය පවත්වාගෙන යන්න බැරි වුනාම බදු ගිවිසුමක් ගැන අපේ ආණ්ඩුව සාකච්ජා කරනවා… පහුගිය ආණ්ඩුවේ හිටපු අය කියනවා “අපි මේ ණය අරගෙන ගිණි පොලියට වරායවල් හැදුවට – අපි රට පාවා දෙන්න මේ රටේ ඉඩම් ටික බදු දෙන්න ඉඩ දුන්නේ නෑ කියලා..” එක තමයි ඒගොල්ල ගේන විත්ති වාචකය..

අනිත් පැත්තෙන් අපිටත් ආණ්ඩුවක් හැටියට කියන්න පුළුවන් නම් ” අපිටත් කරන්න දෙයක් නෑ.. මේගොල්ල ණය අරගෙන රට ණය උගුලක හිර කරලා තියෙන්නේ.. ඒ නිසා අපිට විකල්පයක් නෑ ..”

දැන් බලනකොට දෙගොල්ලන්ටම උත්තර තියෙනවනේ..
ඒගොල්ල රට සංවර්ධනය කරන්න ඕන නිසා ගිණි පොලියට ණය ගත්තා.. ගෙවාගන්න බැරි වෙන බව.. හිරවෙන බව දැන දැන ..
දැන් අපි මේක ගෙවාගන්න බැරි බව තේරෙන නිසා බදු දෙනවා.. අවුරුදු 99 ක බද්දක් කියලා තමයි සාකච්ජාව තියෙන්නේ..

මේක බරපතල කාරණයක් ගරු සභාපතිතුමනි…
මේක ආණ්ඩුවේද විපක්ෂයේද කියන කාරණය නෙවෙයි – රටක ඉඩම් පිළිබඳව යම්කිසි ප්‍රතිපත්තියක් රජයකට තියෙන්න ඕනේ..

මොකද මේ දිර්ඝකාලින බදු කියන්නේ අවුරුදු 99ක් කියන්නේ පරම්පරා 3ක්..

එදා චීනෙට ඔය ප්‍රශ්නේ තිබුනා.. චීනෙට 1980 ගණන්වල සල්ලි නැති නිසා තමයි හොන්කොන් දුපත පවුම් 100 කට බද්දට දුන්නේ.. අවුරුදු 99ක් මහා බ්‍රිතාන්‍යය ඒක පාලනය කරලා 1990 ගණන්වල නැවත එක දුන්නා චීනෙට.. හැබැයි, එක චීනෙට දුන්නේ චිනේ මහා බලවතෙක් වෙච්චි නිසා.. පංච මහා බලවතුන්ගෙන් එකක් බවට චිනේ පත්වෙච්චි නිසා චීනෙට හයිය තිබුනා මහා බ්‍රිතාන්‍යයෙන් දීපන් කියලා ගන්න.. එහෙම නැති වුනානම් ඒක චීනෙට හම්බ වෙන්නේ නෑ..

හැබැයි, අපි තව අවුරුදු 99ක් යනකොට චිනේ වගේ මහා බලවතෙක් වෙන්නේත් නෑ.. තව අවුරුදු 99ක් යනකොට මේ රටේ සිංහල දෙමල මුස්ලිම් මිනිස්සුන්ට මොනවද වෙන්නේ කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා.. එක බරපතල ගැටළුවක්..

අවුරුදු 99ක් කියන්නේ පරම්පරා 3ක් .. අපේ මිනිස්සුන්ට දෙල්, කොස්, පොල් ටිකක් හිටවගෙන වේලක් ඇර වේලක් හරි කන්න තියෙන ඉඩම් ටික.. ඒ නිසා මේ පිළිබඳව ප්‍රශ්න තියෙනවා…
මේක බරපතල කාරණයක්..

මේක අපි ආණ්ඩුවේ ඉන්න නිසා “ආණ්ඩුවෙන් මේක කරනවයි කියලා අපිට ඇත හෝදගෙන – මේවා තමයි නිවැරදිම දේ .. ලෝකේ තියෙන හොඳම දේ කියලා .. එහෙම නිවට තත්වයකට පත්වෙන්න අපි සුදානම් නෑ..”
මේ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව සාකච්ජා කරන්න ඕනේ.. මේක ප්‍රශ්නේ වුණා…
අපිට පුළුවන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට පුළුවන් තරම් බනින්න..
තමුන්නාන්සේලාටත් පුළුවන් අපේ ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි බනින්න..
හැබැයි, මේකට උත්තරයක් තියෙනවද..? එතන උත්තරයක් නෑ…

මේක බරපතල කාරණයක් ….

ඒ නිසා පාර්ලිමේන්තුවේ අපි කවුරුත් එකට එකතු වෙලා අපිට ඩොලර් ඕනේ වුනයි කියලා… සල්ලි ඕනේ වුනයි කියලා,…. මෙරටේ අපේ ජනතාවගේ අයිතිය පාවලා දෙන්න බෑ… එක සල්ලි වලට ඩොලර් වලට විකුනන්න බෑ… ඒ අයිතිය අපි රැක ගන්න ඕනේ..

Video Link here

– Wijeyadasa Rajapakshe FB

58 views

31 Comments to “අවුරුදු 99ට පම්පරා තුනකට හම්බන්තොට වරාය දීම බරපතලයි..ඩොලර්වලට රට විකුනන්න බෑ..එහෙම නිවට වෙන්න බෑ..- විජේදාස කොන්ද කෙලින් කර ගනී..[Video]”

  1. BARCARDI says:

    Economy is falling not due to Hambantota. I think due to following reasons

    1. Increasing salary by 10000/- with out proper calculations
    2. Reducing oil buy 35/- without proper analysis and calculation
    3. Central Bank robbery

    This GOV wanted to ‘choon’ 62% voters. Economic management of this GOV is Zero.

    They could have started where MR had stopped at least economic wise

  2. Dyuh says:

    Muu thamai me rata sinhala rata kiyala koheda thiyenne kiyala ahuve..

    Muge thiyenneth bala aashavak thanhaavak… hebey me prakashaya vatinava… me wellawe pulvantharam prasansa karala thavath evunge kataval arinna one… selling hambanthota will be a grave mistake for our next generations.. even though the majority sinhala race will be extinct..

  3. sura says:

    විජේදාස මැතිදුනි, අපි ඔබගෙන් රටට, ජනතාවට හිතැති සහ කොන්දක් සහිත සිංහලයෙකුගේ සේයාවක් දකිනවා.
    ඔබට ජය !!!!!!!!!!!!!!

  4. amanaya says:

    coming colours are not good so i just try to balance my act. Just in case ?

  5. රාහුල කොලුවා says:

    අනේ මෙයාට දැන්නේ රට ගැන කැක්කුමක් ඇති වෙලා තියෙන්නේ… ඔය හදන්නේ වැල යන පැත්තට මැස්ස ගහන්න… දැන් ඔය මොන කයිවාරු කෙළියත් ඊගාව පාරට මනාප නම් සුම්මා තමයි්….

  6. මූ කෝමා එකෙන් නැගිටල තියෙන්නේ ඊයේ says:

    සිංහලයන් අල්ලන්ට දාපු ඇමක් මේ.
    ඔච්චරම අකමැති නම්, ඇයි කලින් කට ඇරියේ නැත්තේ?
    මෙච්චරකල් මෙයා කොහෙද හිටියේ?
    නිකං බොරුවට​, අපිට හැබෑ හිතෙන්ට මූ කෑ ගහනවා. අහරේ පෙරහැර යනවා. මූගේ ලොක්කා, රනිල් රට විකුණනවා. විකුනුවට පස්සේ මුන් කෑ ගහනවා. අපි රැවටෙයි ඕවට​

  7. Alapaluwa says:

    විජේදාස මහාත්තයෝ අසාතිබෙනවද පතෝල කියලා එළවළුවක් තියනවා අන්න ඒවගේ තමයි ඔබත් ගුනකුත් නැ අගුනකුත් නැ. මොකද කොන්දක් කියලා දෙයක් තිබෙන්න ඕනේ මනුෂයෙක් වුනාම ප්‍රථමයෙන්.නැතිව කකුල්දෙක දෙපැත්තකින් තියාගෙන අර කථාවක් තියෙනවා නේද මොකක්ද හංගාගෙන කරනවා කියලා අන්න ඒ විදිය වැඩ කරන්න එපා එක්කෝ එපැත්තට එහෙත්තුවී වැඩකරගේන ඉන්නදෙනදෙයක් කලා නැතිනම් මේ පැත්තට ඇවිත් එන ඕනෑම දෙයකට මුහුණදෙන්න සුදානමින් මෙහාට ඇවිත් වාඩිවෙන්න. නැතිව රැවුලයි කැඳයි දෙකම බේරගන්න ගියොත් වෙන්නේ ඇතුලේ තපින්න තමයි.වැරදි වැඩ හෙහෙම කරලා නැතිව ඇති නේද දන්නේ නැති නිසයි අහන්නේ

  8. kate says:

    I posted a long comment for this news yesterday. Why don’t you put it here. Is it prohibited to highlight government corruptions?

Main News