‘හම්බන්තොට වරාය කාලකන්නින් ටිකක් විසින් විකුණා දැම්මා’ කියා ඉතිහාසයේ ලියැවෙයි.. මට ඒ පාපකර්මට ගෑවෙන්න බෑ..
January 16, 2017 at 10:40 am | lanka C news
තමන්ට ලැබී ඇත්තේ හම්බන්තොට වරාය විකිණීමේ දස පාප කර්මයකට සම්මාදම් වන ඇමතිකමක්දැයි සිතෙන බව වරාය නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
‘හම්බන්තොට වරාය කාලකන්නින් ටිකක් විසින් විකුණා දැම්මා’ කියා ඉතිහාසයේ ලියැවන විට තමන්ගේ නම එහි සටහන් කරගන්නට තමන් කැමති නැතියිද ඔහු කියා සිටියේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුනේ’ විශේෂංගය හා එක්වෙමිනි.