හම්බන්තොට වරාය ගිවිසුමට අත්සන් කරන වරාය සභාපතිවරයා ෆිජි රටේ නාවික පාසලක් ආරම්භ කිරීමට ඇ. ඩොලර් මිලියනයක වංචාවකට චූදිතයෙක්..
July 29, 2017 at 8:40 am | lanka C news
හම්බන්තොට වරාය වසර 99 කට චීන මර්චන්ට් සමාගමට පැවරිමේ ගිවිසුමට අත්සන් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රීලංකා වරාය අධිකාරිය සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක සහ චයිනා මර්චන්ට් සමාගමේ වෙනුවෙන් එහි උප සභාපතිවරයෙකි. පරාක්‍රම දිසානායක මීට පෙර රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස 2001-2004 සිටි පුද්ගලයෙකි.
පරාක්‍රම දිසානායක ෆිජි රාජ්‍යයේ ශ්‍රිලංකා කොන්සල් ජන්රාල්වරා ලෙස කටයුතු කෙරෙනු සමයේදි තම සමාගමක් වන සයිනෙක් (CINEC) සමාගම හරහා ෆිජි රාජ්‍යයේ නාවික විද්‍යාලය ආරම්භ කිරීමට එම ආණ්ඩුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක් ලබාගෙන ඒ සඳහා කිසිම කටයුත්තක් මෙතෙක් සිදු නොකොට ඇති බැව් එරටේ මාධ්‍ය වාර්තා කොට ඇත. Link
එවෙනි පසුබිමක් සහිත පුද්ගලයකු හරහා මෙරටේ මතු පරම්පරාවට අයත් මේසා විශාල වටිනා දේපලක් එය චීන සමාගමට පැවරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් ගොනුකර ඇති අවස්ථාවක ශ්‍රීලංකා වරාය අධිකාරියේ පනත උල්ලංඝනය කරමින් වසර 99 ක් සඳහා බදු දීම හරහා අනිවාර්යයෙන්ම මහා බැංකු බැදුම්කර වංචාව මෙන්ම කොමිසමක් ඉදිරියේද විභාග වනු ඇත. එවිට අපේ රටේ මේ වටිනා සම්පතට වෙන්න ඕන දෙය සිදු වී හමාරය. Link