හම්බන්තොට වරාය ගිවිසුම ගැන ලොකු අවුලක්… ජනපති නියෝගයත් විකෘති කරයි..

March 25, 2017 at 3:50 pm | lanka C news
හම්බන්තොට වරාය ගිවිසුම ගැන ලොකු අවුලක්… ජනපති නියෝගයත් විකෘති කරයි..

හම්බන්තොට වරාය අනුග්‍රාහක ගිවිසුම සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කරන ලෙස පසුගිය 21දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉතා පැහැදිලි තීරණයක් ගෙන තිබියදී එම තීරණය විකෘති කොට ඇත.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවට අමාත්‍ය මණ්ඩල ලේකම් විසින් වැරැදි වාර්තාවක් වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශ ලේකම් වෙත ලබාදී ඇති බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධව විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා විසින් 21දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අංක 83 හා අංක 84 දරන පත්‍රිකා (170601/753/002) පිළිබඳව ජනාධිපතිවරයාගේ නිර්දේශයෙහි සඳහන් වූයේ මෙවැනි සන්දේශයක් පිළිබඳව කෙටි දැනුම් දීමකින් තීරණ නොගෙන ආරක්ෂක, විදේශ මුදල් හා අනෙකුත් අවධානුගත කරුණු ගැඹුරින් සොයා බලා තීරණයන්ට එළැඹිය යුතු බව යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා ජනාධිපතිවරයාට යවන ලද ලිපියේ සඳහන් වේ.

– Mawbima.lk

2 views
Main News