හම්බන්තොට වරාය චීනට පවරන 07දා මහ උත්සවයක්.. මහින්දටත් ආරාධනා කරයි..
December 17, 2016 at 12:00 pm | lanka C news
හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත පැවරීම සදහා වූ විශේෂ උත්සවයක් එන ජනවාරි මස 07 වැනි දින එම වරායේ පැවැත්වෙයි.
මෙම උත්සව පැවැත්වෙන්නේ අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් ඊට ආරාධනා කිරීමට නියමිතය.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා මෙම උත්සව සභාවට සහභාගී වන්නේද නැද්ද යන්න පිලිබදව මෙතෙක් වාර්තා නොවෙයි.