හම්බන්තොට වරාය චීනයට දීම ස්ථිර කරයි.. ඇඞ්වාන්ස් මුදල්ද ගනී.. මෙලෙසම හමුදාව, පොලීසියත් පුද්ගලික සමාගමකට පැවරිය හැකියි..
March 24, 2017 at 12:16 am | lanka C news
හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගමට ඇමරිකානු ඩො, මිලියන 1120 ( බිලියන 1.1) කට ඉතිරි 20% අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගැනිමටත් යටත්ව හවුල් ව්‍යපාරයක් ආරම්භ කිරිමට පසු ගියදා අමාත්‍ය මණ්ඩලය රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ එකඟතාවයට සහ අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශ වලට යටත්ව අනුමැතිය ලබා දුනි.
රජයේ පිලිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය නොසලකමින් ශ්‍රීලංකා වරාය අධිකාරියේ 1979 අංක 51 දරණ පනතේ විධි විධානවලට පටහැනිව මෙම තීරණය ගෙන ඇත. ශ්‍රීලංකා වරාය අධිකාරි සතු දේපලක් වන හම්බන්තොට සම්පූර්ණ වරාය ඇතුළු දේපල මෙන්ම, එහි කාර්යය සහ කර්තව්‍යය මෙන්ම හම්බන්තොට වරායට අයත් ඉඩම් අක්කර 1235 ක් ඇතුළත්ව එහි අයිතිය 80% ක් වසර 99 ක කාලයකට අයිතිය හිමිවන පරිදි එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කොට තිබුණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පනතේ විධි විධානවලට අනුව වරාය අධිකාරියේ දැනට සතු දේපලක් හෝ කාර්යයක් වෙනත් කිසිම පුද්ගලික හෝ හවුල් සමාගමකට එම පනත සංශෝධනය නොකොට ලබාදීමට නොහැකිය.
එසේ පනත සංශෝධනය නොකර පාර්ලිමේන්තුව අනුමැතිය තොරව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් පමණක් මෙසේ රාජ්‍ය දේපල මෙන්ම ජාතික සම්පත් විකුණා දැමීමට හැකිනම් නම් ඒ අනුව කොළඹ ඇතුළු සියලුම වරායන් රජයට 20% ක් වැනි සුලු කොටස් ප්‍රමාණයක් තබා විකුණා දැමිය හැකිය. එසේම පාර්ලිමේන්තු පනත් මගින් ස්ථාපිත කොට ඇති සියලු ආයතනයන් ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලිසිය ද පනත් සංශෝධනය නොකොට අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් පමණක් ඕනම රටක ඕනම පුද්ගලික සමාගමකට පැවරීමට එමගින් පූර්වාදර්ශයක් දෙනු ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වරට රටේ ජාතික සම්පතක් වන මෙහෙයුම් තත්වයේ ඇති අති නවීන උපාංගවලින් සමන්විත අලුත්ම වරායක් ඇතුළු ඉඩම් අක්කර 1235 ක් රජයේ සියලු ප්‍රසම්පාදන නිති රිති නොසලකමින් වරාය අධිකාරියේ අනුදැනුමකින් තොරව, විකිණීමට ක්‍රියා කොට ඇත්තේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල් පි ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන, අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර යන ලේකම්වරුන් ය.
මෙම ගිවිසුම පසුගිය දෙසැම්බර් මාසයේදී අදාළ සමාගමනත් සමඟ අත්සන් කොට ඇ.ඩොලර් මිලියන 5 ක ( රුපියල් මිලියන 750 ක) අත්තිකාරම් මුදලක් ලබාගෙන එම ගනුදෙනුව ස්ථිර කොට ඇත. මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ මෙම ගනුදෙනුවේ සියලු කටයුතු නිමා කොට අති බවයි.
අවම වශයෙන් මෙතරම් වටිනා දේපලක් වෙනුවෙන් වානිජ මෙන්ම ඉඩමේ වර්තමාන සහ අනාගත වටිනාකම සඳහා රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කොට වාර්තාවක් ද ලබාගෙන නොමැත.
දෙමළ ඩයස්පෝරාවේ සිංහල කොපිය කවුද? දැන් ජාත්‍යන්තර විනිසුරැවරැන්ට ලංකාවට එන්න ඉඩ නොදී සිටිය හැකිද? සරත් වීරසේකර, බෙංගමුවේ නාලක, වසන්ත බණ්ඩාර යන දේශප්‍රේමීන් විසින් ජිනීවා වල කොටි නඩය වගේ ඉල්ලීම් කිරීම ලංකාවේ අනාගතයට කොපමණ බලපායිද? දැන් අලි හුසේන් කුමාරයා කිව්වොත් අපි සිවාජලංගම් කරල තියෙන හමුදා අපරාධ ලැයිස්තුවයි..සරත් වීරසේකර වීරය ඉදිරිපත් කර ඇති හමුදා විත්තිවාචකයයි පරීක්ෂා කරන්න ලංකාවට ජාත්‍යන්තර විනිසුරැවරැ යවන්න ඕන කියල සරත් වීරසේකර, බෙංගමුවේ නාලක, වසන්ත බණ්ඩාර අත්පොඩි ගහල විසිල් ගහල හුරේ දාල පිළිගනීවි නේද? ඇයි තමන්ගේ විත්තිවාචකය පරීක්ෂා කරන්න ජාත්‍යන්තර විනිසුරැවරැ එන එකට විරැද්ධ වෙන්න මේ කට්ටියට බැරි වෙනවා නේද? අනුන්ටNGO කියල ලේබල් අලවන මේ සෙට් එක දෙමළ ඩයස්පෝරාවේ සිංහල කොපියද කියල තව ටික දිනකින් ජනතාවට තේරෙයි. ජිනීවා යන්න ටිතට් හම්බුවෙනවා නම් කොටි ටිකට් දෙනවා නම් මොකෝ යන්න ඕන තරම් කට්ටිය ඉන්නවා.
Yamapalana fools STOP selling our Country
President Sirisena Prime Minister Ranil please RESIGN & Go home
It is true that these five secretary’s are doing any thing for their survival. Samaratunga, jayampathy, chandani, and somaweera are global level roughs so, who doesn’t know it is country’s unluck. MR now should announce, if any body do this kind of crime will be punished in future for fareness than this YAMARULERS. Narayana wathing Cabinet Secrtary’s work too
Yahapalana government want to betray the country Ranil is controlling Sirisena ..
Wake up sinhalese folks wake up Protect our Motherland
Very good. way to go. it’s much better to give it to china other than keeping a harbour which could not even pay their electricity bill. this way sri lanka will go forward.
කාලකණ්නි යමපාලන ආණ්ඩුව හිතන් ඉන්නෙ චීනාගෙන් ලයිට් බිලට වතුර බිලට සල්ලි ලැබෙයි කියලා වෙන්න ඇති, එව්වා ඉතින් සුම්මා තමයි, ඩීසල් ටික බදු, වරාය ගාස්තු නැතිව තමන්ගෙම නැව් වලින් පුරව ගත්තට පස්සෙ චීන ජෙනරේටර් වලින් වරාය නගරයම ආවර්නය කර ගන්න පුලුවන්. මුහුදු වතුර පිරිපහදු කරන ප්ලාන්ට් එකක් හයි කර ගත්තම අපේ මණ්ඩලේ වතුර ටිකටත් සොරිම තමා 🙁 තව හම්බන්තොට ටොයි සිල්ලර/තොග මුදලාලිලා හිතන් ඇති චීනට සම්බා කිලෝවක්, කැකුළු හෝ නාඩු කිලෝවක් විකුනලා චීනව අන්දගන්න පුලුවන් වෙයි කියලා. ඒ අදහසටත් ඉතින් සොරිම තමා, උන් අපේ සම්බා, කැකුලු කන්නෙ නෑ උන්ට ඔනෙ ඇලෙන හාල් තායි රයිස් වගේ. උන්ට ඕනකරන හැම බඩුවක් එක්කම සුපර්මර්කට් එකක් ඇතුලෙ ඇරියම ලැබෙයි කියලා හිතන් ඉන්න ඒ අදායමටත් ඉතින් අබ සරනයි. වරාය ගාස්තු නැතිව හැම බඩුවක්ම ගේන්න පුලුවන් එකේ ඇල්පෙනෙත්තෙ ඉදන් අවශ්‍ය හැම බඩුවක්ම උන් ගෙන්න ගනියි. අඩුම තරමෙ බඩ ඉරිගු කරලක් චීනට විකුන ගන්න පුලුවන් වෙයි කියලා හිතන් ඉන්න හම්බන්තොට ගොවියට චීනගෙන් බඩඉගුරු ඉල්ලන් කන්නයි වෙන්නෙ 🙁 මෙව්වා මම කට කහනවට හිතලා ලියපුවා නෙමෙයි, චීන ප්‍රොජෙක්ට් වල වැඩ කරල අත්දැකපු දේවල්. ක්‍රා චැනල් එක හැදුවට පස්සෙ සිංගප්පූරුවෙ වැද්ගත්කම බිංදුවට බහින එක හා හම්බන්තොට වරාය කලාපයේ වැදගත්ම වරාය වෙන එක සක්කරයටවත් වලක්කන්න බැරි එකේ, එදා වේල හොයාගන්න මෙච්චර වටින සම්පතක් තුට්ටුවට විකුනන හැටි තවත් බලන් ඉන්න ඕනෙද? අනාගත උපනූපන් දරුවන් වෙනුවෙන් පක්ශ පාට බේද නොතකා රටම එකතු වියයුතු අවස්තාවක් මේක. කරුණාකර ඔබේ හිතමිතුරන් ඥාතීන් අසල් වැසියන් දැනුවත් කර හොර ගිවිසුමට විරුද්ධව පෙල ගැසෙමු. මාතෲ භූමියට ජයවේවා….!!!
Wijebahi !!!! if you don’t have money to pay electricity bill for your house , do you sell your house???
or you will find a way to make money to pay the bills. Ah ha ha ha ha !!!
From the beginning, I was with JO. But if this is true, why JO does not go to courts?