හම්බන්තොට වරාය චීනයට පවරා ගත් මුදලින් ඩොලර් මිලියනයක් පූජා කරයි.. වරායේ ණය නොබේරන බව හෙලිවෙයි..
August 4, 2017 at 10:00 am | lanka C news
හම්බන්තොට වරාය චීනයට පවරා ගත් මුදලින් ඩොලර් මිලියන එකක් ඉන්දියාවේ කපිලවස්තුපුර බෞද්ධ පූජා භූමිය සංරක්ෂනය වෙනුවෙන් ලබා දෙන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
2018-19 වසර වෙනුවෙන් මෙම පූජා කිරීම සිදු කරන බවද අගමැතිවරයා කියා සිටියේ අනුරාධපුර ගල්නැවේදී පැවති උත්සව සභාවක් අමතමිනි.
බුදුන් වහන්සේ උපන් ස්ථානයට ඒ ආකාරයේ පූජාවක් කරන්නට හැකිවීම ගැන බෞද්ධයන් ලෙස අපට සතුට වියු හැකි යයිද අගමැතිවරයා එහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් අගමැතිවරයාගේ මෙම ප්රකාශයෙන් පැහැදිලි වන්නේ හම්බන්තොට වරාය චීවයට පවරා ගත් මුදලින් එම වරායේ ණය ගෙවීමක් සිදු නොවන බවයි.