හම්බන්තොට වරාය චීනයට විකුණුවේ ජනාධිපතියි.. අගමැතිට බනින්නේ බොරුවට..- රතන හිමි

June 11, 2019 at 2:10 pm | lanka C news
හම්බන්තොට වරාය චීනයට විකුණුවේ ජනාධිපතියි.. අගමැතිට බනින්නේ බොරුවට..- රතන හිමි

හම්බන්තොට වරාය චීනයට විකුණා දමන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරති.

වරාය විකිණුවේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහට බනින්නේ බොරුවට යයිද උන් වහන්ස් පැවසූහ.

හම්බන්තොට වරායේ විකිණීමේ චෝදනාවට ආණ්ඩුවේ සියලුදෙනා වගකිව යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

හිරු රූපවාහිනි වැඩසටහන අමතමිනි හිමියන් මෙම අදහස් පළ කළහ.

හම්බන්තොට වරාය චීනෙට වික්කේ මෛත‍්‍රී ජනාධිපති…!

හම්බන්තොට වරාය චීනෙට වික්කේ මෛත‍්‍රී ජනාධිපති…!video credit @ hiru tv / salakuna / 10.06.2019

Gepostet von Headline News am Montag, 10. Juni 2019

75 views

16 Comments to “හම්බන්තොට වරාය චීනයට විකුණුවේ ජනාධිපතියි.. අගමැතිට බනින්නේ බොරුවට..- රතන හිමි”

  1. ranjan says:

    වැරදි පුද්ගලයින් බලයට ගෙනල්ල දැන් නිකං බලා සිටිනාවය කියල කිව්වේ ඔබ වහන්සේමයි .මිනිස්සු අදුන ගන්න බැරි අඩියක් දුර නොපෙනෙන ඔබ වහන්සේ ගේ අවවාද ජනතාවට අවශ්‍ය නෑ .

  2. Saradiel says:

    එක අතකින් අත්පුඩි ගහන්න බැහැ රජයේ සියලු දෙනාම වග කිව යුතුය

  3. Hela Boduwa says:

    Dan kayiwaaru gahawuwata waraya wikunanakota thamunnansseth hitye me deshadrohi paanduwe neda?
    Ai? e kaale mewa nokiuywe. Panduru, paakkudam nathiwena nisada?

  4. රතන හාමුදුරුවන්ගේ කතාවේ පොඩි ඇත්තක් තිබෙනවා. කොහොම වුණත් ජනාධිපතියි, අගමැතියි බලයට ගේන්න රතන සාදු නොකල දෙයක් නැහැ. ඒ නිසා මේ දෙන්නගෙන් කව්රු වරාය වික්කත් ඒකට රතන සාදුත් වග කියන්න ඕනෑ. දැන් බයිල ගහල රටට කල විනාශයෙන් ගැලවෙන්න රතන සාදුට බැහැ. නමුත් අර්ජුන රණතුංග ඇමතිවරයා වරාය ඇමති විදියට සිටියදී වරාය විකුණන්න දුන්නේ නැහැ. ඔහු රටට ආදරය කරන කෙනෙක් හැටියට වරාය විකුණනවට කැමති වුණේ නැහැ. අර්ජුන නිතරම කිව්වේ සංවර්ධනය කරල ගැටළු විසදල ලාබ ලබන තත්ත්වයට පත් කරන්න ඕනෑ කියලයි. ඒ නිසා මහින්ද සමරසිංහ වරායට දාල වරාය වික්කා. මහින්ද සමරසිංහ වරාය ඇමතිකම බාර ගත්ත ගමන් විකුණන්නමයි මහන්සි වුණේ. මහින්ද සමරසිංහ, ශ්රී ලංකා නිදහස් පක්ෂයයි නියෝජනය කළේ. ජනාධිපති ශ්රීහලනිප නායකයා. ඒ නිසා ජනාධිපතිට වුවමණාවක් තිබුණනම් වරාය විකුණන්නේර නැතුව ඉන්න තිබුණ. අගමැතිට වරාය විකුණන්න ඕනෑ වුනානම් එක්සත් ජාතික පක්ෂයේ ඇමති කෙනෙක් දාල විකුණන්න කියල රනිල්ට කියන්න ජනාධිපතිට තිබුණ. ජනාධිපතිට වරාය රැක ගන්න වුවමණාවක් තිබුණා නම් වෙන්දේසි කරුවෙක් වූ මහින්ද සමරසිංහ වගේ කෙනෙක් වරායට දාන්නේ නැහැ. අර්ජුන වරාය ඇමති කමෙන් අයින් කලෙත් මහින්ද සමරසිංහට වරාය දුන්නෙත් විකුණන්න ඕනෑ නිසයි. ඒ නිසා රතන සාදු කියන කතාව ඇත්ත කියලයි මමත් හිතන්නේ.

  5. WMFernando says:

    Appointment and removal of ministers are on advice of Prime Minister. Then we can think whose requirement was the harbour deal

Main News