හම්බන්තොට වරාය චීනයට විකිණීම නවතනු.. වරාය සේවකයෝ මහ වැඩ වර්ජනයක් කැදවති..

December 13, 2016 at 4:40 pm | lanka C news
හම්බන්තොට වරාය චීනයට විකිණීම නවතනු.. වරාය සේවකයෝ මහ වැඩ වර්ජනයක් කැදවති..

හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීමට ගෙන තිබෙන තීරණය වහා නතර නොකළහොත් වැඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක වීමට සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමය තීරණය කර තිබේ.

අවුරුදු 198කට චීනයේ සි එම් පෝර්ට් සමාගමට විකිණීමට අදාළ කැබිනට් පත්‍රිකාවට වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉකුත් 8 වෙනිදා අත්සන් කිරීමට නියමිතව තිබු බව ද සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමයේ නියෝජ්‍යා ප්‍රධාන ලේකම් ජී. නිරෝෂාන් පැවසිය.

හම්බන්තොට වරාය විකිණීමේ කටයුත්තට විරෝධය දක්වා වරාය විකිණීම වහාම නතර කරන ලෙසට සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමය ප්‍රධාන වරාය සේවකයෝ කොටුව ඛාන් ඔරලෝසුකනුව ඉදිරිපිට දි ඉකුත් 8 වෙනිදා උද්ඝෝෂණයක යෙදුණාහ.

246 views
Main News