හම්බන්තොට වරාය මේ වසරේ චීනයට දිය යුතුමයි.. නැතොත් ලංකාව දැඩි ආර්ථික අර්බුදයක..- මහ බැංකු අධිපති

March 25, 2017 at 7:07 am | lanka C news
හම්බන්තොට වරාය මේ වසරේ චීනයට දිය යුතුමයි.. නැතොත් ලංකාව දැඩි ආර්ථික අර්බුදයක..- මහ බැංකු අධිපති

හම්බන්තොට වරාය චීනයට පවරන ගණුදෙනුව මේ වසර ඇතුලත සිදු නොවුනහොත් මෙරට ජනතාවට ආර්ථික වශයෙන් විශාල ගැටළුවකට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ හම්බන්තොට වරාය ගනුදෙනුවෙන් මෙරට ආර්ථිකයට විශාල ධනාත්මක බලපෑමක් කරනු ඇති බවයි.

මෙම ගණුදෙනුවෙන් මෙරට විදෙස් සංචිත හොඳ තත්වයට පැමිණෙන බවද කී ඔහු අදාල ගිවිසුම අත්සන් කරන විටම ඩොලර් මිලියන 100ක්, මාස 03 කට පසු ඩොලර් මිලියන 300ක්, මාස 06කට පසු ඉතිරි ඩොලර් මිලියන 700ද ලැබෙන බවද කියා සිටියේය. ස්ථිර වශයෙන්ම ඩොලර් මිලියන 400ක් මේ වසරේදී ලැබෙන බවද ඔහු සහතික කලේය.

33 views

15 Comments to “හම්බන්තොට වරාය මේ වසරේ චීනයට දිය යුතුමයි.. නැතොත් ලංකාව දැඩි ආර්ථික අර්බුදයක..- මහ බැංකු අධිපති”

  1. Dickie Bird says:

    This Governor who was an adviser to the jailed Raj Rajaratnam has been appointed to re-coup Rajaratnam’s losses.

  2. wije says:

    are you good economist or you are also working according to LTTE Diaspora plan. it is not your fault. leadership doesn’t think and believed about Sinhalees that’s why it is happening.

Main News