හම්බන්තොට වරාය විකුණන අලුත් ක්‍රමය ජනපති පත්කල අනු කමිටුවෙන් ගෙනේ.. අලුත් සමාගමක් හම්බන්තොට වරායට ලියාපදිංචි කරයි..

February 10, 2017 at 3:50 pm | lanka C news
හම්බන්තොට වරාය විකුණන අලුත් ක්‍රමය ජනපති පත්කල අනු කමිටුවෙන් ගෙනේ.. අලුත් සමාගමක් හම්බන්තොට වරායට ලියාපදිංචි කරයි..

වරාය අධිකාරියෙන් ඉවත් කොට හම්බන්තොට වරාය එහි කාර්යයන් සහ එම වරායට අයත් අක්කර 2000කට අධික ඉඩම් සහ දේපල අයත් වන සේ මුදල් ලේකම්ට අයත් නව රාජ්‍ය සමාගමක් ලෙස වහාම ලියාපදිංචි කිරීමට කොළඹ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ යටතේ අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇත.

හම්බන්තොට වරාය සහ දේපළ සඳහා වහාම තක්සේරු වාර්තාවක් ලබාදෙන ලෙස ද රජයේ තක්සේරුකරුට දන්වා ඇති අතර මේ සඳහා අවශ්‍ය ඉඩම්වල විස්තර සහ පිබුරුපත් වරාය අධිකාරිය විසින් ඔහුන් වෙත යවා ඇත. ඒ අනුව ලැබෙන රජයේ තක්සේරුකරුගේ වටිනාකම මෙම සමාගමට පවරා එහි කොටස්වලින් 80% මුලින් චීන සමාගමට ඇ.ඩොලර් බිලියන 1.1 විකුණා දැමිමිට ලෙහෙසියෙන්ම කල හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය අතිරේක ලේකම් බිම්බා තිලකරත්න මහත්මිය විසින් මුදල් අමාත්‍යාංශයේ නීති උපදේශක කෝලිත ධර්මවර්ධන මහතාව දැනුවත් කොට ඇත.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් පත්කොට ඇති අමාත්‍ය කමිටුව විසින් පසුගිය දා රැස්වී ඉහත තීරණය ගෙන ඇත. මෙම අමාත්‍ය කමිටුවට, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමගේ සභාපතිත්වයෙන් සහ මලික් සමරවික්‍රම, රවි කරුණානායක සහ අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් ගෙන ඇතුලත් වේ, තවද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරියකුගෙන් සමන්විත නොනිස් කමිටුව විසින් වරාය අධිකාරියේ පාර්ශවයන් ද සම්බන්ධ කරගෙන තාක්ෂණ කටයුතුවලට අදාළ ගැටලු ලහි ලහියේ නිරාකරනය කරමින් පවතී.

ලෝකයේ වටිනාම නැව් මාර්ගයක් ඔස්සේ පිහිටා ඇති නවීනතම වරායක් එහි ඉදිකිරිම් මුදලට පමණක් අයකර දිර්ගකාලිනව විදේශීය සමාගමකට මිලදී ගැනීමට හැකි නම් එය මොනතරම් ලාබයක් ද යන්න රටේ ඕනම පුරවැසියෙකුට වැටෙහෙනු ඇත. මෙවැනි වටිනා සම්පතක් ඉදිකිරීම් මිලට පමණක් ගැනීමේ උත්සහය මේ අනුව චීන සමාගම අත් නොහර ඇති බැව් සහ මොනයම් උපායමාර්ගයක් අනුගමනය කොට එය වහාම චීනය සතු කිරීමේ උත්සහය ආණ්ඩුව විසින් අත් නොහැර ඇති බැව් මෙයින් පැහැදිලිවම සනාථ වේ.

56 views
Main News