හම්බන්තොට වරාය විකුණා ඇත්තේ කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරවයි..

August 1, 2017 at 6:48 pm | lanka C news
හම්බන්තොට වරාය විකුණා ඇත්තේ කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරවයි..

ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කිසි දෙයක් කරන්නේ නැති බව කියූ යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණා දමා ඇත්තේ කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා චෝදනා කරයි.

ඔහු මෙම චෝදනාව කලේ අලූත්ගමදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද පැවසීය.

මේ රටේ ජනතාවගේ දැඩි විරෝධය මැද්දේ මේ ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණා ගත්තා. .ටෙන්ඩර් පටිපාටියෙන් තොරව කිසි දෙයක් කරන්නේ නැති බව කියපු මේ ආණ්ඩුව කිසිම ටෙන්ඩර් පටිපාටියකින් තොරව මේ වරාය වික්කා. අද රාජ්‍ය නායකයින් වෘර්තිය සමිතිවලට බොරු පොරොන්දු දෙනවා .සෙන්කෝලයක් නැතිව පනතක් සම්මත කර ගත්තා .මේකට ජනතා විමුක්ති පෙරමුණත් ,දෙමල සන්ධානයත් හවුල්.

හිටපු ජනාධිපති තුමා ප්‍රභාකරන් සහ එල් .ටී .ටී.ඊ එක පරාද කරපු නිසා තමයි අද මෛත්‍රීපාල ජනාධිපති තුමාට උනත් මහින්ද රාජපක්ෂට මහත්තයට කුමන්ත්‍රණය කරලා බලයට එන්න පුළුවන් වුනේ .අද එල්.ටී.ටී.ඊ එක පරාජය කරන්න ලොකු ශක්තියක් දීපු බුද්ධි අංශ නිලදාරීන් ,හමුදා නිලධාරීන් හිරේ දාලා .ඒත් ඒ අය තමයි මෛත්‍රීපාල ජනාධිපති තුමාව මරා ගෙන මැරෙන්න ආපු අයව අල්ලා දුන්නේ. ඒ බුද්ධි අංශ නිලධාරීන් නොසිටින්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් අපේ තාත්තත් අද ජීවතුන් අතර නැහැ.

එත් අද බුද්ධි අංශ නිලධාරීන්ව නාවික හමුදා නිලධාරීන්ව හිරේ දාලා . තජුදීන්ගේ මිනිය ගොඩ අරන් නාමල්වයි යෝශිතාවයි අල්ලගන්න බැරි උනා, වසර දෙකහමාරක් තිස්සේ.දැන් ඒකට ගෙදර හිටපු අපේ අම්මව අල්ලගන්න හදනවා. අද මේ රටේ ව්‍යාපාර කඩා වැටිලා. වුත්තිය සමිති නායකයන්ට හමුදාව පොලිසිය දාලා ගහනවා ගහනවා .සරසවි සිසුන් මහා පාරේ.එදා රට රැක ගත්තු, රටේ සංවර්ධනයට දායක වුනු රණවිරුවන්ව අද පැට්‍රොල් ගහන්න සෙඩ් වලට දාලා .මේ ආණ්ඩුවට වැඩ බැහැ .ඩෙංගු මර්ධනය කරන්න වැඩ පිළිවෙලක් නැහැ .පිටිබරවයට උඩු කරේ බෙහෙත් බඳිනවා වගේ ළමයින්ට දිගට ඇඳුම් ඇඳන් එන්න කියනවා . බැඳුම්කරේ යටගහගන්න බැරිඋනා .

– බෙන්තොට ජේ.ඉඳුරුවගේ

54 views