හම්බන්තොට වරාය විකුණා දැමීමේ ගිවිසුම් රාමුවට අත්සන් තැබේ.. වසර දෙසීයයක් චීනයට..

December 9, 2016 at 8:40 am | lanka C news
හම්බන්තොට වරාය විකුණා දැමීමේ ගිවිසුම් රාමුවට අත්සන් තැබේ.. වසර දෙසීයයක් චීනයට..

හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ චයිනා මර්චන්ට් හෝල්ඩින් සමාගම සමග හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමේ මූලික අවබෝධතා ගිවිසුම් රාමුවකට ඊයේ දිනයේ අත්සන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශය, වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍යංශ ලේකම්වරුන් මෙම ගිවිසුමට අත්සන් කර ඇත.

මෙම ගිවිසුම අනුව වරායෙන් 80%ක කොටස් චීන සමාගමටත් 20%ක කොටස් ශ‍්‍රී ලංකා රජයටත් හිමිවෙයි. ගිවිසුමට එළැඹ ඇත්තේ වසර 198ක බදු ගිවිසුමකට බවද සදහන්ය.

249 views
Main News