හම්බන්තොට වරාය විකුණා ලැබුණු මුදල මිලියන 2602යි.. රාජිත සයිටම් රෝහලට මිලියන 3000ක් පුදලා..

December 24, 2019 at 3:50 pm | lanka C news
හම්බන්තොට වරාය විකුණා ලැබුණු මුදල මිලියන 2602යි.. රාජිත සයිටම් රෝහලට මිලියන 3000ක් පුදලා..

රාජ්‍ය වියදම් පියවා ගත නොහැකිව හම්බන්තොට වරාය විකුණා දැමූ පෙර පැවති ආණ්ඩුව එමගින් වසරකට රුපියල් මිලියන 2602ක් ලබා ගනිද්දී එම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න නැමැත්තා, නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල වසරකට රුපියල් මිලියන 3000ක් බැගින් යොදවා වසර 02ක් තිස්සේ රජයේ වියදමින් නඩත්තු කිරීමේ බරපතළකම, පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත වාචික සාක්ෂි දෙමින් තහවුරු කළ බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය.

තමන් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාශයට කළ රාජිත සේනාරත්නට එරෙහි පැමිණිල්ල සම්බන්ධයෙන් පැය 03කට අධික කාලයක් වාචික සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙසේ පැවසීය.

පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් රජයේ රෝහල්වල තිබියදී මෙවැනි බරපතළ මූල්‍ය අපරාධයක් රාජිත සේනාරත්න නැමති දූෂිතයා විසින් සිදුකර ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය. කැබිනට් පත්‍රිකාවක් මගින් රටත්, ජනතාවත් නොමඟ යවා මේ මහා මූල්‍ය අපරාධය සිදුකර ඇති රාජිත සේනාරත්න තම පෞද්ගලික හිතවත්කම් මත නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයේ මුදලින් නඩත්තු කිරීම පිළිබඳ විමර්ශන කඩිනමින් සිදු කිරීමට අදාළ වාචික සාක්‍ෂි සමගින් වැදගත් තොරතුරු ඇතුළත් ලේඛන කිහිපයක් ද පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ඨාසයට ලබාදුන් බව ද මොහොමඞ් මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවිසීය.

පොලීසිය ලවා නීතිය නවමින්, දේශපාලන දඩයමක නිරත වූ රාජිත සේනාරත්න සහ චම්පික රණවක යන දේශපාලනඥයන් දෙදෙනාට අද තමන් කළ අපරාධ හේතුවෙන් නීතිය හමුවට පැමිණීමට සිදුව ඇති බව පැවසූ ඒ මහතා, ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුවෙන් පොලීසියට හා අධිකරණයට කිසිදු බලපෑමක් සිදු නොවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

නීතිය නවමින්, දේශපාලන දඩයම්වල යෙදීම වත්මන් ආණ්ඩුවේ පිළිවෙත නොවන නමුත්, පැවති ආණ්ඩුවේ බැඳුම්කර වංචාව ඇතුළු සියලු අපරාධවලට සම්බන්ධව දූෂිත දේශපාලනඥයන් කඩිනමින් නීතිය හමුවට පැමිණවීමට, නීතිය ක්‍රියාවේ යොදවන නිලධාරීන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බව ද මොහොමඞ් මුසම්මිල් මහතා සඳහන් කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

25,759 Viewers

16 Comments to “හම්බන්තොට වරාය විකුණා ලැබුණු මුදල මිලියන 2602යි.. රාජිත සයිටම් රෝහලට මිලියන 3000ක් පුදලා..”

  1. Saradiel says:

    රාජිතගෙන් මේ මුදල් රජයට ලබාගෙන රටේ නය ගෙවමු

    • මාතර සුනිල් says:

      ඒවගේම මුදලක් දුමින්ද දිසානායක සබීතාට පිදුවා. එයා ආයෙත් ඇමති. රාජිතත් ඌ එක්කම ගියානම් අද රාජිතත් ඇමති.

      • ලක්වැසියා says:

        ඔය රාජිත කියන එකා පොහොට්ටුවට පනින්න හැදුවෙ දින 51 ආන්ඩුව කාලෙ ඉඳන්මයි. පොහොට්ටුවෙ මිනිස්සු ගන්න කැමති උනේ නැති බව උඹල වගේ GUNP කාරයො හොඳටම දන්නවනෙ.

    • ලක්වැසියා says:

      මේ රට කාපු එවුන්ටනම් හොඳක් වෙන්න හොඳ නෑ. මේ ආත්මෙ ඉඳන්ම උන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙන්න ඕනෙ.

  2. ඩපයා says:

    බයිලා අහලා අහලා දැන් එපා වෙලා. දානවනං දාන්නේ නැතුව මගුලක් කියවනවා. මහා වීසාල මාද්‍ය සංදර්ශනයක් තියලා දාපු චම්පිකයත් දැන් එළියේ. නාට්ටි පෙන්නලා මහා ජනතාව රවට්ටන්න ගිහින් පීචන් වෙන්න එපා. යහපාලන ආණ්ඩුව කෙලවා ගත්තෙත් මේ වගේ ගොන් පාර්ට් පෙන්නලා ජනතාව ගොන්නුන්ට අන්දන්න ගිහින් තමයී.

  3. බන්ඩා says:

    අපේ අයට ගනන් බෑ. බිලියන මිලියන සහ ලක්ෂය පටලව ගන්නවා. ඩොලර් සහ රැපියලත් පටලව ගන්නවා.

    • ගන්ජ බන්ඩා says:

      හම්බන්තොට විකුනා ඩොලර් බිලියන 1.25ක් ලැබුනා.
      = රැපියල් මිලියන 1.25x182x1000
      =රැපියල් මිලියන 227,500

      • Boo says:

        වික්කද අවු 99ට බදු දුන්නද?
        අවු 99ට බදු දුන්නනං 99න් බෙදලා බැලිය යුතුයි අවුරැද්දක ගාන බලන්න.

        • ගන්ජ බන්ඩා says:

          බද්ද අවුරැදු 100 උනත් 200 උනත් එක වර ඔක්කොම මුදල් ලැබුනා නම් මොටද සියයෙන් බෙදල අවුරැද්දට ගනන කියන්නෙ. වැරදි ලඝු කිරීමක්.

        • ගන්ජ බන්ඩා says:

          බද්ද අවුරැදු 100 උනත් 200 උනත් එක වර ඔක්කොම මුදල් ලැබුනා නම් මොටද සියයෙන් බෙදල අවුරැද්දට ගනන කියන්නෙ. වැරදි සංසන්දනයක් වැරදි ලඝු කිරීමක්. රන් බිජු දමන කිකිලි මරා ගෙන කෑවා.

      • Sana says:

        එම මුදල 99 අවුර්දෙන් බෙදන්න එවිට වසරක ගාන එයි

  4. Chinthana says:

    These cases are not handling by the Parliament, & handle by courts. Government provide one of facility to PUBLIC that bring forward cases & Hearing those cases and recover damages from the plaintiff. How can rajitha pay Back such a big amount of cheated money Rs Million 6000 (3000 x 2 years) if he became Guilty.

  5. මූ රටට කරපු පාඩුව බිලියන 200කටත් වැඩියි. ඇප නැතිව හිරේ දාන්න කොතරම් කරුණු තියෙනවද? ප්‍රජා අයිතියත් අහෝසි කරල අවු. 250 වත් සිර දඩුවම් දෙන්න ඕන.

  6. Nim says:

    HAKI EKMANIN
    ME MUDAL APASU
    LABAGENA
    JAMPARA YA ANDEYA
    UTHIEE

  7. Kevin says:

    මූ ලෝක හොරා. රවී වගේම හොරෙක්

  8. Sarath says:

    Who pays for the “free of charge medical facilities” to the general public by the Nevile Fernando hospital?

Main News