හම්බන්තොට වරාය 09 වැනිදා චීනයට බාර දෙයි… වරාය සේවකයන්ට සේවයට නොඑන්නැයි දැන්වූ චක්‍රලේඛය අවලංගු කරන්නැයි කම්කරු ඇමති නියෝග කරයි..
December 2, 2017 at 5:30 pm | lanka C news
2017 නොවැම්බර් මස 30 වැනිදා සිට සියළුම සේවකයන් හම්බන්තොට වරායේ සේවයට වාර්තා නොකරන ලෙස දැනුම් දෙමින් මාගම්පුර වරාය කළමණාකරණ පුද්ගලික සමාගමේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛය වහාම අවලංගු කොට එම වරායේ සේවකයන්ට සුපුරුදු පරිදි සේවයට වාර්තා කිරීමට ඉඩකඩ සළසා දෙන ලෙස කම්කරු,වෘත්තීය සමිති සබඳතා හා සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියෝග කළේය.
අමාත්‍යවරයා මෙම නියෝගය කළේ වරාය පාලනාධිකාරිය හා එහි සේවකයන් සමග කම්කරු අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදීය.
මාගම්පුර වරාය කළමණාකරණ පුද්ගලික සමාගමේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති MPMC/CIR/2017/18 අංක දරන එම චක්‍ර ලේඛය මගින් අමු අමුවේ කම්කරු නීති උල්ලංඝණය කර ඇති බව අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා මෙහිදී වරාය පාලනාධිකාරිය වෙත අවධාරණය කළේය.
මාගම්පුර වරායේ 438 දෙනෙකු සේවය කරන අතර එම සේවක සේවිකාවන් හා පාලනාධිකාරිය අතර ඇතිවී තිබෙන කාර්මික ආරවුල විසඳීම සඳහා කම්කරු අමාත්‍යවරයා විසින් බේරුම්කරුවකු පත්කර තිබියදී මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී මෙන්ම නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බව අමාත්‍යවරයා පැවසීය.
ආයතනයක අයිතිය වෙනස් වීමේදී නව අයිතිකරුවාට එම ආයතනය පැවරිය යුත්තේ සේවකයන්ද සමග බවත් එසේ නොවන්නේ නම් ඔවුන්ට හිමිවිය යුතු වන්දි මුදලක් දී ඔවුන්ගේ සේවය අවසන් කළයුතුව ඇති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ කුමන තීරණයකට එළඹියද එය සිදුවිය යුත්තේ කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම යටතේ සේවය අවසන් කිරීමේ පනතට අනුකූලව බවයි.
වරාය අධිකාරිය විසින් මාගම්පුර වරාය දෙසැම්බර් මස 09 වැනිදා සම්පූර්ණයෙන්ම චීන සමාගමට බාරදීමට නියමිතය.
– සරත් කලුගමගේ
agamathi thumo, samarasinha amathi thumo, janaadhipathi thumo rassawalwalin dotta daana eka yahapaalaneda?
Komis gahala aadayamak ganna beri widihata bageta atawapu waraya chinata deela ea badhu baren apiwa nidahas wena eka gena sathutui