හම්බන්තොට වරාය 6 වෙනිදා චීනයට දෙනවා නම් ඉන්දියාව ETCA ඉල්ලා දැඩි බලපෑම්.. ගිවිසුම් දෙකේම කෙටුම්පත් (Framework Agreement) සුදානම්..

March 31, 2017 at 1:20 pm | lanka C news
හම්බන්තොට වරාය 6 වෙනිදා චීනයට දෙනවා නම් ඉන්දියාව ETCA ඉල්ලා දැඩි බලපෑම්.. ගිවිසුම් දෙකේම කෙටුම්පත් (Framework Agreement) සුදානම්..

අප්‍රේල් මස 6 වෙනිදා චීනයට හම්බන්තොට වරාය වසර 99 කට ලබාදීමට ශ්‍රීලංකා රජය කටයුතු කරන්නේ නම් ඉන්දියාවේ බලාපොරොත්තු වන එට්කා ගිවිසුම අනිවාර්යෙන්ම අත්සන් කලයුතු බවට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දැනුම් දී ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

ඉන්දීය ආර්ථික තාක්ෂණ සහයෝගීතාව ගිවිසුම ETCA මේ වනවිට අවසන් අදියරයේ පසුවන අතර එම ගිවිසුමට සම්බන්ධ ගිවිසුමේ කෙටූම්පත් සියල්ලම සූදානම් කොට අවසන්ය. එබැවින් එම ගිවිසුම අත්සන් කිරීම බොහෝ දුරට අප්‍රේල් මස 6 වෙනිදා චීනයට හම්බන්තොට වරාය ලබාදීමට සමගාමීව හෝ ඉන්දියාව විසින් තීරණය කරනු ලබන නිශ්චිත කාලයක් තුල සිදු කිරීමට ශ්‍රීලංකාවේ ආණ්ඩුවට සිදු වනු ඇත.

මෙම ගිවිසුම් දෙකම ක්‍රියාත්මක වීම හරහා ලෝකයේ මහා බලවතුන් මෙන්ම එකිනෙකාට විරුද්ධ රාජ්‍යන් දෙකක් ශ්‍රීලංකාවේ ආර්ථිකය මෙහෙයවීමට පටන් ගනු ඇත.

මෙම ගිවිසුම් දෙකෙහිම ඇති බරපතළම මෙන්ම ශ්‍රීලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන භායනකම වගන්තියක් වනුයේ, එම මහා බලවත් රටවල් වලින් ශ්‍රීලංකාවේ ආයෝජන සඳහා අවශ්‍ය මානව සම්පත් එම රටවලින් සපයා ගැනීමට (Under Mode Of Supply) අවසර ලබාදීමයි.

ඒ අනුව එම ගිවිසුම්වල සඳහන් වනුයේ:-

1, ව්‍යාපාර සඳහා විදේශ රටක පුද්ගලයින් රටතුලට පැමිණ වාසය කිරීම Presence of natural persons සහ
2, තවත් රටකට ගොස් ව්‍යාපාර කිරීම Commercial presence

ඉහත කරුණු දෙක අනිවාර්යයෙන්ම චීනය සහ ඉන්දීයාව විසින් ක්‍රියාත්මක කරන අතර ඒ අනුව අපේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ආකාරයෙන් කම්කරුවා සිට වෛද්‍යවරුන් ඉංජිනේරුවන් ගණකාධිකාරින් ඇතුළු සියලුම අංශ නියෝජනය කරන සේවකයින් එම රටවලින් ගෙන්වා ගැනීමේ නෛයිතික බලය එම රටවල්වලට මෙම ගිවිසුම් මගින් ලැබෙනු ඇත.

92 views
Main News