හම්බන්තොට විකුණන ගිවිසුමට අර්ජුන යලි විරෝධය පායි.. ලිඛිතව විරෝධය දක්වයි..
March 5, 2017 at 12:40 pm | lanka C news
පවතින වරාය අධිකාරි පනත සංශෝධනය නොකර හම්බන්තොට වරාය පුද්ගලීකරණය කිරීමේ ගිවිසුම අත්සන් කළ නොහැකි යයි වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් ඇමැති සරත් අමුණුගම මහතා ඇතුළු ඇමැතිවරු පස් දෙනෙකුට ලිඛිතව දන්වා ඇත.
ගිය 24 වැනිදා හම්බන්තොට වරාය සම්බන්ද ගිවිසුමේ අවසන් කෙටුම්පත වරාය ඇමැතිවරයාට බාරදී ඇති අතර ඉන් පසු ඇමැති අර්ජුන විසින් මෙම ලිපිය යවා ඇත.
උදාල ලිපියේ පිටපත් මලික් සමරවික්‍රම රවී කරුණානායක සාගල රත්නායක හා කබීර් හෂීම් යන ඇමැතිවරුන්ටත් එම අමාත්‍යාංශවල ලේකම්වරුන්ට හා ජනාධිපති ලේකම් සහ අග්‍රාමාත්‍ය ලේකම් වෙතද යොමු කර තිබේ.
ඇමති රණතුංග පෙන්වා දෙන්නේ අවුරුදු 99 ක සහන කාලය අඩු විය යුතු අතර ව්‍යාපෘති කාල සීමාව අවසානයේදී නිශ්චල දේපල කිසිදු ගෙවීමකින් තොරව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නැවත බාර දිය යුතු බවයි.
හම්බන්තොට වරායේ සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 1.4 ක් ලෙසට ඉ`ගි කෙරෙන වාක්‍ය ගණනාවක් යෝජිත ගිවිසුමේ පවතින අතර එය ඉවත් කළ යුතු බවත් ඇමතිවරයා පවසයි.
එතුමට කොමිස් එක මදිලු
නෑ කමල් ! අර්ජුනයත් හොර ගණ රතනයා වගෙ, ! මම කෑගහන්නම් උබලගෙ වැඩේ උඹලා කරපල්ලා, මුන් හරියට රෙද්ද අස්සේ මහත්වරු වගේ.
Apnpaertly this is what the esteemed Willis was talkin’ ’bout.
He will compromise when his apartment complex at Rajagiriya is approved by the cabinet. Read “Sunday Times”