හම්බන්තොට විකුණන සල්ලි ණය ගෙවන්න නොවෙයි.. රුපියල රැකගන්න දානවා..

April 8, 2017 at 9:20 am | lanka C news
හම්බන්තොට විකුණන සල්ලි ණය ගෙවන්න නොවෙයි.. රුපියල රැකගන්න දානවා..

හම්බන්තොට වරාය චීනයට පැවරීමෙන් ලැබෙන ආදායමෙන් කරන්නේ රුපියලේ අගය පාලනය කිරීමට යොදවන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් හා සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පල කලේය.

ඒ අනුව වරාය වෙනුවෙන් ගෙවිය යුතු ණය මුදල එසේම තිබියදී රැපියල රැකගැනීම වෙනුවෙන් පමණක් එකී මුදල යෙදවෙනු ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයා ඇතුළු ආන්ඩුවේ බොහෝ ඇමතිවරු පවසන්නේ හම්බන්තොට වරාය ගණුදෙනුවෙන් ලැබෙන මුදල් යොදවන්නේ ණය ගෙවීමට බවයි.

9 views