ප‍්‍රමුඛතා කඩා හම්බන්තොට Pfizer ගහලා.. විශේෂඥ වෛද්‍යරුන් විරෝධය.. ප‍්‍රසිද්ද නිවේදනයක්..

September 5, 2021 at 9:20 am | lanka C news
ප‍්‍රමුඛතා කඩා හම්බන්තොට Pfizer ගහලා..  විශේෂඥ වෛද්‍යරුන් විරෝධය.. ප‍්‍රසිද්ද නිවේදනයක්..

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

එන්නත් නිසිලෙස කළමනාකරණයෙන් මරණ සංඛ්‍යාව සහ දැඩි ලෙස රෝගී වීම අඩු කිරීමේ අවශ්‍යතාවය

හම්බන්තොට ප්‍රදේශයේ වයස 20 ත් 30 ත් අතර පුද්ගලයන් සඳහා Pfizer එන්නත ලබාදීමට යෝජනා කර ඇති, සැප්තැම්බර් දෙවැනි දින නිකුත් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපිය සම්බන්ධවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස මේ අවස්ථාවේදී එන්නත්කරණ ක්‍රියාවලියේ පහත සඳහන් කරුණු පිළිබඳව බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු ඛව අපි තරයේ විශ්වාස කරමු.

1. එන්නත්කරණ ක්‍රියාවලියේ දී ප්‍රමුඛතාවය දිය යුත්තේ ජීවිත අහිමි වීම වැළැක්වීම සහ දැඩි ලෙස රෝගාතුර වීම මගින් සිදුවන රෝහල් ගතවීම් අවම කිරීමයි. මේ සඳහා අප විසින් කළ යුතු වන්නේ වෛරසයට ගොදුරුවී සංකූලතා ඇති වීමේ වැඩි හැකියාවක් ඇති අය, එනම් වයස අවුරුදු 60 ට වැඩි අය සහ අනෙකුත් බෝනොවන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එන්නත්කරණයේදී ප්‍රමුඛස්ථානය ලබා දීමයි. එන්නත්කරණ ක්‍රියාවලිය මුලදීම මෙය අප විසින් යෝජනා කර තිබුණද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා අපි දැනට මුහුණ පා ඇති ව්‍යසනයට ලක් වී සිටිමු. කෙසේ වුවද වයස අවුරුදු 60 ට වැඩි අයට ප්‍රමුඛස්ථානය දීමට ප්‍රමාද වී හෝ ගත් පියවර අපි අගය කරමු. එසේ වුවද එන්නත්කරණය සම්පූර්ණ කර ඇති පුද්ගලයන්ගෙන් යම් කොටසක් තවදුරටත් රෝගයට ගොදුරු වන අතර මෙමගින් රෝහල්වල සාමාන්‍ය ඇඳන් පිරෙන අතරම තවමත් දැඩි සත්කාර ඒකක වල ඇඳන් අවශ්‍යතාවයේද අඩුවක් දක්නට නැත.

2. අප මෙහිදී තවදුරටත් අවධාරණය කළයුතු කරුණක් වන්නේ එන්නත්කරණය කිරීම විද්‍යාත්මක ලෙස කිරීම ඉතා වැදගත් වන බවයි. එහිදී නිසි ක්‍රියාමාර්ගය වන්නේ එන්නත් නොලබා සිටින, රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අය සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සහ ඉන්පසුව දැනට එන්නත්කරණය සම්පූර්ණ කර ඇති එහෙත් තවමත් අනිකුත් ආබාධ නිසා රෝගයට ගොදුරුවීමට වැඩි හැකියාවක් ඇති අය සඳහා තුන්වන මාත්‍රාවක් ලබා දීමයි. මෙහිදී බහරේන්හි කර ඇති පර්යේෂණ දත්ත සහ මහාචාර්ය මලවිගේ මහත්මියගේ පර්යේෂණ කණ්ඩායමේ දත්ත වලින්ද සනාථ වී ඇත්තේ sinopharm එන්නත ලබා ගත් අයගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වයස අවුරුදු 60 ට අඩු අයගේ හොඳින් සිදුවන නමුත් වයස අවුරුදු 60ට වැඩි අයගෙන් සුළුතරයක් එහි යම්කිසි අඩු අගයක් පෙන්නුම් කරන බවයි. මේ නිසා එම කණ්ඩායම රෝගී බවට පත්වීම, රෝහල් ගත වීම සහ මරණයට පත්වීම සඳහා වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරති. මෙම ප්‍රවණතාව sinopharm එන්නත ලබාගත් අය සඳහා වැඩි බවත් Pfizer, moderna හෝ astra Zeneca එන්නත් සඳහා එය මද ලෙසකින් හෝ අඩු ප්‍රවණතාවක් ඇති බවත් ඉහත දත්ත කාණ්ඩ දෙක මගින්ම පෙන්වා දී ඇත. මෙහිදී තවත් වැදගත් කරුණක් ලෙස අප දකින්නේ අනෙකුත් අතුරු ආබාධ වලින් පෙළෙන රෝගීන් එනම් වකුගඩු බද්ධ කිරීම, පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අය සහ තවත් එවැනි තම ශරීරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ දුර්වලකම් ඇති අයවලුන්ගේ sinopharm එන්නත් මාත්‍රා 2 මගින් තමන්ට අවශ්‍ය නිසි ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන් නොලැබෙන බවයි. මෙම කණ්ඩායම් සඳහා Pfizer, astra zeneca හෝ moderna එන්නත් තෙවන මාත්‍රාව ලෙස ලබා දීම අත්‍යවශ්‍ය බව අපි යෝජනා කරමු.

3. අපට ලැබී ඇති Astra Zeneca සහ mRNA එන්නත් ප්‍රමාණය ඉතා සීමාසහිතය. මෙම තත්ත්වය ‍යටතේ සාමාන්‍ය සෞඛ්‍යයෙන් හෙබි, Sinopharm එන්නත මගින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන, වයස අවුරුදු විස්සත් තිහත් අතර කණ්ඩායමට Pfizer එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් ලෙස සැලකිය හැක.

එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය උපදෙස් ඒ සඳහා දැනුම් සම්භාරයක් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව මගින් ලබා දිය යුතු අතර, එම ලබා දුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා වයස 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනට වැඩි වී ඇති අතර මෙයට හේතු පාදක වූයේ වයස අවුරුදු 60ට වැඩි අයට එන්නත ලබා දීමට ප්‍රමුඛතාව නොදී එය වයස අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායමට ලබාදීම මගින් අවදානම් වැඩි අයට එන්නත ලැබීම ප්‍රමාද වීමයි. ප්‍රමාදවී වුවද අප බලාපොරොත්තු වන්නේ ඉදිරියේ දී හෝ එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා නිසි ලෙස සහ විද්‍යාත්මක ලෙස ක්‍රියාත්මක වනු ඇති බවයි.

මෙහිදී අප විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ලෙස නැවතත් අවධාරණය කරන්නේ එන්නත් කරන ක්‍රියාවලිය වෙනුවෙන් තීරණ ගන්නන් විසින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ උපදේශක කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේද අනුමැතිය ඇතිව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදීම ඉතා අත්‍යවශ්‍ය බවයි.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

85,059 views

43 Comments to “ප‍්‍රමුඛතා කඩා හම්බන්තොට Pfizer ගහලා.. විශේෂඥ වෛද්‍යරුන් විරෝධය.. ප‍්‍රසිද්ද නිවේදනයක්..”

  1. Puncha says:

    Puththalame Dr kenekge avurudu 13 lamayekta kohomada Pfizer GahUwe? HAMUDAWATA ENNATH DUNNA NAM PILIWELATA KARANAWA

    langadi army hospital eken Astra zenica gahagaththa. polim ne. Vinadi 05 giye. Winadi 20 k vsccine eken passe inna keewa.

  2. Silva says:

    හම්බන්තොට ෆයිසර් එන්නත ගහන්නේ විදේශීකයන්ටද ? අපේ රටේ මිනිස්සුන්ට නෙමේද ?

    • හෙළයා says:

      හම්බන්තොටට විශේෂයක් සිදුකරන්නේ අනාගත රජ කුමරාට ජන්දය ලබාගැනීමේ අරමුණින් ..චීන ජනතාවත් දහස් ගණනින් හම්බන්තොට දැන් කොලනියක් කරන් සිටින නිසාත් මරක්කල ජනතාව හම්බන්තොට වැඩි නිසාත්ය …ඒ බව තේරුම් ගනිව් මිනිසුනේ ..රටේ සැමටම Pfizer එන්නත එකම ලෙස ලබා දුන්නා නම් ප්‍රශ්නය ඉවරයි නේද ? පොහොට්ටුව රටේ ජනතාව තුල අප්‍රසාදයට පත්වී ඇත. මහින්ද ,බැසිල් කරුණාකර ගෝඨාභය ට රට කිරීමට ඉඩ දී දේශපාලනයෙන් ඉවත් වන්න ..පවුල් පාලනයෙන් රට ජාතියට සිදු වන්නේ අවැඩක්

      • Silva says:

        මට වැරදීමක් වුනේ සමහර පලාත්වල දෙවෙනි මාත්‍රාව විදිහට වයස අයට ගහන්න තිබුන එන්නත්ලු ඔය හම්බන්තොට 30ට අඩු අයට ගහන්නෙ. නාමල් තක්කඩියෙක්

      • Gehan K Jayawardene says:

        කුමාරයාට හම්බන්තොටින් මෙහාට එන්න වෙන්නෙ නෑ මේ යන විදියට..දේශපාලනය නිසා රටේ මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන අයට මිනිස්සු රැවටෙයිද?

      • සරා says:

        100% එකඟයි. පිළිකා ඇතුළු  බෝ නොවන රෝග අබාධවලින් පෙළෙන ළමයින්ට ඔය ටික දීපල්ල. ගමේ චන්ද වැඩි කරගන්න ගිහිල්ල රටේම චන්ද නැතිවෙන බව මුන්ට තේරෙන්නෙ නැහැ.

  3. 3% ට බය බයියා. says:

    Covide 69 ට කළගුණ සැලකිම .කොරෝනා චන්ද ගරානා වැඩ පිළිවෙළ රට පුරා පැතිර යයි.බුද්ධිමත් ජනතාව ඕවා ට අන්දවන්න බැහැ .

  4. Nawodhi says:

    All professionals of this country get together and fight for this injustice. All these problems because educated peoples silence.

  5. WASALA says:

    These doctors want to keep Pfizer jab for their families and their drivers, but not for the sake of other people.

  6. Power says:

    දැන් සැපද..🤣🤣

  7. ගැමියා says:

    අනේ මෙහෙම දොස්තර ලා.
    දැන් දොස්තර ලා හොරාට ගහනකොට එක දොස්තර කෙනෙක්වත් හිටියෙනෑ ලියුම් ගහන්න.
    මුන් ඔක්කොම ආත්මාර්ථකාමී මිනිස්සු.
    දොස්තර කියන්නෙත් තවත් කෝස් එකක් විතරයි. ඔය කෝස් එක කරන ඕන කෙනෙකුට බෙහෙත් දෙන්න පුලුවන්. වැඩේ තියෙන්නෙ ලංකාවෙ විශ්ව විද්‍යාල වල ඉඩ අඩු නිසා ලකුනු ගොඩක් ගන්න ඕන. වෛද්‍ය විද්‍යලයටත් මූලික සුදුසුකම එස් තුනයි.
    දොස්තර ලගෙ විශේෂ යක් නෑ

  8. බයියා says:

    සුද්දන්ගෙ කටු කන කුක්කො ටික මහ ලොකු උගත්තු ටික දන්නෙ නැද්ද දන්න නැ Who එක ට අනුව astra Zeneca එන්නතෙ efficacy එක 63.09% බව sinopharm එන්නතෙ efficacy එක 79% බව ලෝකයේ Who අනුමත තුන්වනුවට කාර්යශම තාවය වැඩිම එන්නත බව. ඔය ලක්රුන්මයි තියෙන සුද්දට වහල්කමට sinopharm එන්නතට අනුමැතිය දෙන එක මාස 3 ක් ප්‍රමාද කරල එන්නත දෙන එක ප්‍රමාද කළේ

  9. Ravi says:

    Pfizer වැනි Messenger RNA එන්නත් වල ප්‍රතිශක්තිකරණ හැකියාව මුල් මාස කිහිපයේ 90% ඉක්මවු මට්ටමක පැවතිය ද මාස 6 පසු ඉතා පහල යනු ලබයි ඊශ්‍රායලයේ අධ්‍යනයකට අනුව මාස 6 පසු ප්‍රතිශක්තිකරණ හැකියාව 39% දක්වා පහල යයි එම නිසා 3 වන මාතවක් එන්නත් කිරීම කටයුතු කරමින් පවතී. අද දින times of israel පුවත්පත් වාර්තාවකට අනුව එරට 4 වන මාත්‍රාවක් එන්නත් කිරීම සැලසුම් කරමින් පවතී.

  10. Dp says:

    උඹලගේ විද්‍යාත්මක ක්‍රමය අපි දැක්කා කම්බි වැටවල් අස්සෙන් පැනලා ඇවිත් පවුල් පිටින් ගහගන්න හැටි. ගාල්ලේ ගහනකොටත් කොළඹින් ආපු තොපේ ගජ මිතුරන් පොලිම් නැතුව හොරෙන් ගහලා යන උඹලගේ විද්‍යාත්මක ක්‍රම.

Main News