හම්බන්තොට වරායේ විරෝධතා කරන්නේ නිල් බලකායේ හා කළුතර පිරිසක්..

December 13, 2016 at 12:40 pm | lanka C news
හම්බන්තොට වරායේ විරෝධතා කරන්නේ නිල් බලකායේ හා කළුතර පිරිසක්..

නැවතවරක් යුද්ධයට මඟ පාදන ආගමික කණ්ඩායම් අප අතර සිටීම ජාතියේ අවාසනාවක් බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග අවධාරණය කරයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ව්‍යවස්ථා සංශෝධනය ගැන පූර්ණ අවබෝධයක් නොමැතිව ඇතැම් අය කරන ප්‍ර‍කාශ නිසා අද වන විට ජාතීන් අතරද ගැටළු මතුව ඇති බවයි. ගමේ පන්සල ගමට සවියක් වැඩසටහනේ තුන්වැනි අදියරට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

‘මේ රටේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සපු කට්ටිය නැවත වරක් එකතුවෙනවා. අද වනවිටත් ව්‍යවස්ථාව ගැන තීරණයක් අරගෙන නැහැ. විවිධ යෝජනා තියෙනවා. නමුත් කිසිම දෙයක් ස්ථිර කර නැහැ. එසේ තිබියදීත් ඇතැම් ජාතිවාදී කණ්ඩායම් විවිධ මත නිර්මාණය කරමින් සිටිනවා. මේ ජාතිවාදී කණ්ඩායම් අතරේ බෞද්ධ වගේම වෙනත් ආගමික කොටසුත් ඉන්නවා. ව්‍යවස්ථාව ගැන නොදැන අපේ රටේ ජනතාවගේ මනස අවුල් කරන්න එපා කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

හම්බන්තොට වරාය උද්ඝෝෂණය සංවිධානානාත්මකව කරන වැඩපිළිවෙලක්. එය අපිට හොඳින්ම තේරුම් ගිහිල්ලා තියෙනවා. පසුගියකාලේ කලුතරින් දේශපාලනය කළ පිරිසක් සහ හම්බන්තොට නිල් බලකායට අයත් කිහිපදෙනෙකු තමයි මෙය මෙහෙයවන්නේ. මම දැක්කා ඊයේ ස්වාමින්වහන්සේලා කිහිපදෙනෙකුත් ඒ සම්බන්ධයෙන් කතා කරනවා. නමුත් සියලුදෙනාට මම කියන්නේ මේ ළමයින්ව බඳවගෙන තියෙන්නේ පසුගිය ආණ්ඩු සමයේ. ඒ පෞද්ගලික සමාගමකට. එහෙම තියෙද්දී එකපාරටම වරාය අධිකාරියට ගන්න සමහර අයට සුදුසුකම්වත් නැහැ. එය දැන දැනත් බොහෝ දෙනා විවිධ දේශපාලන අරමුණු සඳහා මේ දරුවන් පාවිච්චි කරනවා. නමුත් අපිට ඉදිරියේදී තීරණයක් ගන්න සිද්ධ වෙනවා. රැකියාවට නොඑන අය වෙනුවෙන් අලුත් පිරිස එම ප්‍රදේශවලින්ම බඳවා ගන්න කටයුතු කරනවා…..” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

– තමීර මංජු

8 views

2 Comments to “හම්බන්තොට වරායේ විරෝධතා කරන්නේ නිල් බලකායේ හා කළුතර පිරිසක්..”

  1. arjuna umabath yamapalana Kamba horek palayan india warayata [india port]

Main News