හම්බන්තොර වරාය චීන සමාගමට දෙන ගිවිසුම ගැන තමන් අනුදැනුමකින් තොර යයි වරාය අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

January 14, 2017 at 11:20 am | lanka C news
හම්බන්තොර වරාය චීන සමාගමට දෙන ගිවිසුම ගැන තමන් අනුදැනුමකින් තොර යයි වරාය අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

හම්බන්තොට වරාය හා ඒ අවට අක්කර 15000 ක් චීන සමාගමකට ලබා දීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ගොනු කරනු ලැබ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

එහිදී වරාය අධිකාරිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ චීන සමාගම සමඟ මෙම ගිවිසුම අත්සන් කිරිමේදී විෂය භාර අමාත්‍යවරයාගේ අනු දැනුමකින් තොරව කර ඇති බවයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනත උල්ලංඝනය කොට එම අධිකාරිය සතු හම්බන්තොට වරාය සහ එහි දේපල ගිවිසුමක් මගින් පුද්ගලික විදේශීය සමාගමකට එහි අයිතිය 80% ක් වසර 99 ක් හෝ ඊට වැඩි කාලයකට හිමිවන පරිදි චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගමටත් ඉතිරි 20% අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගැනිමටත් යටත්ව හවුල් ව්‍යපාරයක් ආරම්භ කිරිමට පසු ගියදා මූලික ගිවිසුමකට එලබුනි.

ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, වරාය හා නාවුක අමාත්‍යාංශයේ ලේකම් එල්.එම්. ජයම්පති හා උපායමාර්ග සංවර්ධනය හා ජාත්‍යන්තර වෙලද කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය යන ලේකම්වරුන් අත්සන් කොට ඩොලර් මිලියන 5 ක් අත්තිකාරම් ලෙස චීනයේ චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගමෙන් ලබා ගන්නා ලදි.

0 views

5 Comments to “හම්බන්තොර වරාය චීන සමාගමට දෙන ගිවිසුම ගැන තමන් අනුදැනුමකින් තොර යයි වරාය අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..”

  1. sureka says:

    වාසුදේව මහතාට අපේ ප්‍රනාමය

  2. samayan kolamaa says:

    මේ Aanduwe මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු’

  3. දුගී_පුරවැසියා says:

    මුන්ට පිළිවෙලකට කරන්න පුලුවන් කිසිම දෙයක් නැත.

  4. CHANDA says:

    සිරිසේන ආප්ප කා දුන් පාවාදීමත් සමග ගොඩ නැගු මේ යහපාලන ප්‍රෝඩාව ,මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් ලක්වැසි තොපි විදවපියව් දු දරු මුණු බුරු, බිරියන් සමග ඉදිරි දසක දෙක තුනක්වත් ගතට සිතට දැනෙන්නම.

  5. හම්බන්තොට අපි. says:

    හම්බන්තොට අපි ගැන තමුන්නැහැලා ට තියෙන අමරුවක්.. මුලින්ම කියන්න ඔන ඔය වරාය නිසා හම්බන්තොට නගරාසන්න ප්‍රදේශයට මොකදඋනෙ කියලා. නගරයේ ව්‍යාපාර වලට මොකද අද වෙලා තියෙන්නෙ කියලා. අපේ මහින්ද මහත්තයා නිස අපිට කෙලවිලා ගියා. එ ගැන කාටවත් කිසිම ගානක් නහැ කවුරුත් කතා කලෙත් නහැ. අනේ කරුනා කරලා මුන්ට හරි මේක කරන්න දිපල්ල කෝ…ඔ

Main News