හමුදාපතිගෙන් රටට පණිවුඩයක්…

April 21, 2022 at 6:20 pm | lanka C news
හමුදාපතිගෙන් රටට  පණිවුඩයක්…

අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට අවැසි සහය ලබාදෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති මහජනතාවගෙන් ඉල්ලා සිටී

“දැනට ජනතාව ඉදිරියේ ඇති ආර්ථීක අභියෝගයන් හමුවේ විවිධ ප්‍රදේශවල ශ්‍රී ලංකාවාසී ජනතාව ඉතාමත්ම සාමකාමී ලෙස පවත්වමින් සිටින උද්ඝෝෂණ සහ විරෝධතා අතරට ඉතාමත් සුළු පිරිසක් පැමිණ විශේෂයෙන්ම මෙම මාර්ගවල ගමන් කරන ජනතාවට ගමන් කිරීමට අපහසු වන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව පසුගිය දින කිහිපයේදී නිරීක්‍ෂණය වු බව,” ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටී.

විශේෂයෙන්ම රටේ විවිධ ප්‍රදේශ වෙත තෙල් බවුසර් රැගෙන යාමටත්, අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ ප්‍රදේශ වෙත රැගෙන යාමට හා මහා මාර්ගවල ගමන්කරන ජනතාවට ඇතිවන බාධා වැළැක්වීමටත් පහසුකම් සලසා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලීමක් කර ඇති අතර එයට ප්‍රතිචාර දක්වමින් එම සහය සඳහා යුද හමුදා ඇතුළු ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා ඇත. අප කිසිවිටෙකත් මේ දක්වාම සාමකාමී උද්ඝෝෂකයන් හට කිනම් හෝ බාධාවක් වන පරිදි කටයුතු කර නොමැත. මෙලෙස පහසුකම් සලසමින් සිටින අතරතුරදී, රටේ ජනතාව ඊයේ (20) දිනයේදී ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී සමහර ස්ථානයන්හී තිබූ බාධක ඉවත් කිරීමට කටයුතු කරන ආකාරයද දැකගන්නට හැකිවිය.

එලෙස ක්‍රියාකරන ලද බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාව වෙත අපගේ ප්‍රණාමය පුදකරන අතර, ඔබ යුද සමයේදී හා කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වෙත ලබාදුන් විශිෂ්ඨ සහයෝගයම මේ අභියෝගාත්මක අවස්ථාවේදීද ලබාදෙන ලෙස ලක්වාසී ජනතාවගෙන් අප ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිමු.

උද්ගතව ඇති වත්මන් තත්ත්වය යටතේ මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට මේ මාර්ග බාධක ඉවත් කර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යාමට අවස්ථාව සලසාදීම සඳහා ඔබගේ පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස ආදරණිය ශ්‍රී ලංකාවාසි ජනතාවගෙන් අප ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ”.

– Army media

56,786 views

11 Comments to “හමුදාපතිගෙන් රටට පණිවුඩයක්…”

  1. saman says:

    Gotata Gotta Allapann

    GOTA GO Home!

    • Alapaluwa says:

      ඇත්ත කියපන්, උඹ කොටියෙක් නේද? Alapaluwa from SL.

  2. චන්ද දායක says:

    වීඩියෝ එක බැලුවා . ඝාම්භීර හමුදා නිල ඇඳුමෙ තිබ්බ ලාංචන වලට වඩා ඇස ගැටුනේ අතේ බැඳලා තියෙන රතු නූලටයි.

    • Boo says:

      අනුන්ගේ පුද්ගලික කුණුම හොයලා පුරුදු වුනාම ඇස ගැටෙන්නේ කුනුම තමයි. සිස්ටම් චේන්ජ් කියන්නේ ඒකෙ අනිත් පැත්තයි. අවශ්‍ය ප්‍රයෝජනවත් දේ පමණක් කිරීමයි, දැකීමයි.

  3. GIBBA says:

    මෙතුමා හොදින් කිව්වේ , හැසිරෙන්න දැන ගනින් නැතිනම් පුක පැලෙන්න දෙනවා කියලා.

  4. දියරකුස් says:

    Respect sir..

  5. ජුණ්ඩප්පුවා says:

    Kari Samano… ඔහොම කියන්න තෝ මොකෙක්ද ඛක පල්ලෝ.? තෝ නිකං මේ වසල ජෙප්පංගේ වහලෙක් වුනාට යුධ හමුදාපති කියන්නේ රටට සුවිසල් මෙහෙවරක් කරන විශිෂ්ඨ නායකයෙක්. යුද්ධ කාලෙ කරපු කැපකිරීම් ගැන හිතපං. හුං ගොත්තෝ. තෝ නමින් සමන් උනාට තොගෙ වැඩනං කිඩාරං. මහ ඛල්ලෙක් යකෝ තෝ. හුරි කැත්තිගෙ බාසා වෙල්ලා.

    • ශාන් says:

      ඒ භාෂාව නම් නියමයි, සමන්ට හොඳින් වැටහෙන්න ඇති.

    • ක්‍රිමිනල් says:

      පට්ට කතාව. ඔය වගේ වේසිගෙ පුතාලට ඔහොම කියල මදි.

  6. මැඩිල්ලේ මොංගල්සාර says:

    ඔයාට මානව හිමිකම් නඩු තියෙන බව අමතක කරන්න එපා හමුදාපතිතුමෝ. තවත් මානව හිමිකම් කඩවීම් වලට ඔබේ නියෝග මුල් උනොත් ඔබ හිතනවද මේ කාටවත් ඔබත් එක්ක හිටගන්න පුළුවන් වෙයි කියලා? කැමති උනත් හිටගන්න බෑනේ බෑනේ
    අපිත් කැමති මාන”? හි$/;ම් පැමි$:(ලි කර$(-න්න 🤨

  7. JR says:

    71, 89, කාලෙටත් ආය සූදනම් වෙලා ඉන්න… එකඑක නම් වලින් ත්‍රස්තවාදය හිස ඔසවයි නම් මේ පාර සදහටම ජවිපෙ මළගම නොකලොත් ආය මේ රට ගොඩ ගන්න අමාරුයි…

Main News