හමුදාපතිගේ සෘජු තීරණයෙන් මහ විපතකින් රටම බේරෙයි.. රෝහල් සේවක, ත‍්‍රිරෝද රියදුරු ජාතික යුතුකමේ..

July 24, 2020 at 10:31 pm | lanka C news
හමුදාපතිගේ සෘජු තීරණයෙන් මහ විපතකින් රටම බේරෙයි.. රෝහල් සේවක, ත‍්‍රිරෝද රියදුරු ජාතික යුතුකමේ..

කොළඹ ජාතික උණ රෝහලෙන් පලාගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලට ඇතුළු වීමට නොදී නවතා ගෙන තිබුණේ එහි සේවය කරන ලද සේවකයෙකු විසිනි.

සමාජ ජාල ඔස්සේ පින්තූරයක් දැක ආසාදිතයා ඔහු බව හඳුනාගෙන තමන් වහාම රෝහල ආසන්නයේ බිම ඉදගන්නා ලෙද දැනුම් දී පොලිසිය දැනුවත් කළ බවයි.

එමෙන්ම ආසාදිතයාද රැුගෙන එහි පැමිණි ත්‍රීරෝද රථ රියදුරා කිසිවෙක් ඉන් පිටව නොගොස් එහිම රැඳී සිට නිරෝධායන කටයුතු සඳහා ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වීමක් අගය කළ යුත්තකි.

මීට පෙර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්තානයේ ආසාදිතයන් රැඳවීම සඳහා ප්‍රතිකාර කරන ස්ථානය සම්බන්ධ වූ සාකච්ඡාවක දී යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන් කියා සිටියේ එම රැඳවියන් රජයේ රෝහලකට ගෙනවිත් ප්‍රතිකාරක යුතු බවයි.

නමුත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැඩිව කියා සිටියේ මෙම ආසාදිතයන් ජනාකීර්ණ ප්‍රදේශවල ගෙන ආවොත් වෛරසය තවදුරටත් පැතිරී යාමේ අවදානමක් ඇති බවත් ආසාදිත රැුදවියන් පාලනය කිරීම අසීරු කටයුත්තක් බවත් ය.

ඔහුගේ එම පුරෝකතනය ඉතාමත් සත්‍යයට බව තහවුරු කරමින් අද දින මෙම සිදුවීම සිදු විය.

ජාතික සේවකයන් මෙන්ම ත‍්‍රිරෝද රථ රියදුරා නිසා සමාජ ව්‍යාප්තියකින් වීමට තිබූ මහා විනාශයක් වලකා ගන්නට හැකි වී තිබේ.

92 views

52 Comments to “හමුදාපතිගේ සෘජු තීරණයෙන් මහ විපතකින් රටම බේරෙයි.. රෝහල් සේවක, ත‍්‍රිරෝද රියදුරු ජාතික යුතුකමේ..”

  1. steve osten says:

    machan bua you are in the wrong track.

    most fellows here must have done bio science and failed to medicine and might have done software. so they know about computers and are writing here.

    so just red their bullshit and enjoy.

    ultimately it is doctors who will treat corona patients and also army soldiers and all those who comment here. almost every body born these days are born with the services of doctors. so i don’t see any thing to argue about.

  2. BANGOYYA says:

    පැනගිය රෝගිය නැවත සොයාගැනීම හොඳයි. ඒත් ඒ මිනිහට පැනලයන්න පුලුවන් විදියෙ අනාරක්ෂිත තැනක ඒ මිනිහ නතර කලේ කවුද? අදත් තව රෝගියෙක් පැනල ගිහින් කියල කියනව. කොරෝනා ජයගත් විදිය ගැන පම්පෝරි ගහන උත්තමයො කියල දෙනවද, කව්ද කොරෝනා වලට මේ රටට එන්න ඉඩදුන්නෙ කියල. වෛද්‍යවරු සහ විපක්ෂය දිගින් දිගටම අනතුරු අඟවද්දි උද්දච්ඡ කමින් ඔලුව උදුම්මගෙන ආණ්ඩුව විසුරුවල නාමයෝජනා කැදෙව්ව. ඒක කරගන්න ඕන නිසා රට ඉබාගාතෙ ඇරිය. මරණ සංඛ්‍යාව අඩු තමයි. ඒත් ලක්ෂ ගනනක් මිනිස්සුන්ගෙ රැකියා නැතිවෙලා. දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු අඩාලවෙලා. අවුරුදු ගනණනක් රට ආපස්සට ගියා. මේවට වගකියන්නෙ කව්ද.

    • වයි දිස් කොලවෙරි says:

      මචන්, කොරෝනා නිසා මුළු ලෝකෙම ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ. කොරෝනාවට වගකියන්න ඕනේ “සමාජවාදී” චීනය පවත්වාගෙන යන වයිරස් ලැබ් එකයි. උබට වන්දි අවශ්‍ය නම් සමාජවාදී චීනෙට කතා කරලා ඉල්ලා ගනින්. ලංකාවේ ආණ්ඩුව ඉතා සාර්ථකව මේකට මේ දක්වා මුහුණ දීලා තියනවා. උබ එක නොතේරෙන්න විදිහක් නැහැ කියලා මම හිතන්නේ නෑ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් හොදම විදිහයි ඔය කරලා තියෙන්නේ. කුහක නොවී බලන්න පුරුදු වෙයන්.

    • thus says:

      airport වහපුවහම යකෝ අපේ එවුන් පිටරටවල කොරෝනා හැදිල මැරෙනවා ඔවුන් ගෙන්නා ගනිව් කියනවා,
      පිටරට මිනිස්සු ගෙන්න ගෙන මෙහෙ කොරානා වැඩිවෙනකොට කියනවා විපක්ෂය කියපුදෙය ඇහුවෙ නෑ කියල,
      gunp, jvp, sjb, වහල්ලු එක එක වෙලාවට එක එක කථා මොවුන් කිසිදිනක හරිදේ නොදකින නිත්‍ය මිත්‍යාදුෂ්ඨිකයන්