හමුදාපතිවරයා සෞඛ්‍ය ලේකම් හරහා තමනට අවශ්‍ය පරිදි එන්නත් ලබා ගන්නවා..- GMOA

September 7, 2021 at 3:00 pm | lanka C news
හමුදාපතිවරයා සෞඛ්‍ය ලේකම් හරහා තමනට අවශ්‍ය පරිදි එන්නත් ලබා ගන්නවා..- GMOA

යුද හමුදාපතිවරයා තමන්ට එන්න අවශ්‍ය පරිදි සෞඛ්‍ය ලේකම්වරයා හරහා වසංගත රෝග විද්‍යා අංශයෙන් එන්නත් ලබා ගනිමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ ලබා ගන්නා එන්නත් හමුදාව මගින් එන්නත්කරණයට යොදා ගන්නා බවද පැවසූ ඔහු වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයිද ඔවුන් කියා සිටී.

එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින් ද හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් එන්නත්කරණය අවසන් නොකළ ඇති පසුබිමක 20-30ත් අතර අයට එන්නත්කරනය ආරම්භ කිරීම තාක්ෂණික ක්‍රමවේදයෙන් බැහැර යාමක් බවද ඔහු පැවසීය.

එමෙන්ම ප්‍රමුඛතා දිස්ත්‍රික්ක තෝරාගැනීමේදී ද විශාල ගැටලුවක් ඇති වී තිබෙන බවත් හම්බන්තොට යනු ප්‍රමුඛතාව දිස්ත්‍රික්කයක් නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

37,798 views

53 Comments to “හමුදාපතිවරයා සෞඛ්‍ය ලේකම් හරහා තමනට අවශ්‍ය පරිදි එන්නත් ලබා ගන්නවා..- GMOA”

  1. ගමිපොළ වෙදමහත්තයා says:

    එන්නත්කරණය පිළිබඳ තාක්ෂණික දැනුම තියෙන්නෙ සෞඛ්‍ය අංශවලට. දැන් කොරෝනා මර්ධනයෙදි සෞඛ්‍ය අංශය යටපත්කරල හමුදාපති මතුවෙන්න උත්සාහයක් යනවා. ජනාධිපතිත් හැම රෙද්දටම හමුදාව ගාව ගන්නවා. අමාත්‍යාංශ ලේකමිවරැත්, රේගුවෙත්, වරායෙත්, විදේශසේවා කාර්යාංශයෙත්, තානපති සේවයෙත්, පාරිභෝගික ආරක්ෂක අධිකාරියෙ, මේ මෙකී, නොකී, එකී තැනම හමුදාකාරයො. උං පැන්ෂන් එකත් ගන්නවා. මෙි තනතුරැවලිනුත් පඩිගන්නවා. එකෙක් මීං සද්දයක් නෑ. හමුදාපතිට ඔනැ රාජපක්ෂලා චූන් කරන්න. හමුදාපති මාධ්‍ය ප්‍රසිද්ධියට කෑදරයි. ඉතිං කොහේ හරි වයසක අමිම කෙනෙක් අතිං අල්ලං යන සෙබලියක්ගෙ ෆොටෝ එකක්දාල හමුදාව තමයි හොඳටම වැක්සීන් ගහන්නෙ කියල පෙන්නන්න මෙි යෝදය පටිට ගේමක් දෙනවා. සෞඛ්‍ය සේවකයො සෑම දිස්ත්‍රික්කයකම දුක් විඳගෙන වැක්සීන් ගහන්න මාර කටිටක් කනවා. ඒවා මාධ්‍යයට පේ⁣න්නෙ නෑ. කොළඹ මාධ්‍යකාරයො නිර්වින්දනය කරල තියෙන්නෙ. මෙි වැඩෙිට සෞඛ්‍ය සේවකයො 99% ක්ම කැමති නෑ. ඒත් කරන්න දෙයක් නැතිනිසා කරබාගෙන ඉන්නවා. සෞඛ්‍ය වැඩෙි උන්ට කොරන්න දීලා හමුදාවෙ රාජකාරිය හමුදාව කරපල්ලා. රට වටෙිම ලෙඩෙි පැතිරිලා. මිනිස්සු හිඟා නොකා හිඟාකනවා. යුද හමුදා රෝහලෙයි, දියත උයනෙයි, විහාරමහාදේවි එකෙයි ඉන්ජෙක්ෂන් විදල ලංකාවම ආවරණය කරන්න බෑ. ඒකට ලංකාව පුරා විසිරැනු පුහුණු සෞඛ්‍ය සේවක ජාලයක් ඉන්නවා. උං වැඩෙි කරයි. හමුදාව ඒකට අවශ්‍ය උදවි කළාම ඇති. රාජපක්ෂලා සතුටු කළාට මදි. රටෙි මිනිස්සු බෙිරගන්න වැඩ කරපල්ලා. මෙි වසංගතය අස්සෙ එක, එකා ප්‍රමෝටිවෙන්න කරන ජඩ උත්සාහය නතර කරපල්ලා. හමුදාව කියනව සෞඛ්‍ය සේවකයින්ට වඩා උනුයි වැඩියෙන් එන්නත් ගැහුවෙ කියලා. මෙිව අහල මිනිස්සුන්ට මඤ්ඤං.

    • රනිල් ලොක්කා says:

      89 දී බටලන්ද වදකාගාරයෙදී පස්සෙ පැත්තෙ කටුකම්බි ඇතුල් කර බඩවැල් එලියට ඇදල ගත්තෙ මේ ගම්පොල වෙදාගෙ පක්ෂෙ අයගෙ තමයි

    • Nissantha says:

      Budu ammo , Attendantlage , nurselage doctorslage sadde ballanna thibuna ehenam beheth widaganna ena ayata. Api dannawa , dawasakata vaccine 10k withra gahala , merena ewun merila . Yakune anthima prathipale balapalla, me welawe

    • සනත් ඉතාලිය says:

      ඔක්කොටම කලින් කියහන් උබ කොහෙන්ද වැක්සින් එක ගත්තෙ කියල.

    • සනත් ඉතාලිය says:

      ඔක්කොටම කලින් කියහන් උබ කොහෙන්ද වැක්සින් එක ගත්තෙ කියල. දියතෙන්ද, ගමේ පන්සලෙන්ද, නැත්නම් බි වැටෙන් රින්ගලද කියල.

    • හෙළයා says:

      මු නම් GMOA එකේ වැටෙන් පැනල එන්නත ගහගත්ත කාලකන්නි දොස්තර කුක්කෙක් දැන් අපේ හමුදාව එන්නත් කරන කොට හොරට විදගන්න බැරි වේදනාව

  2. Jayampathi says:

    මෙම ඔක්කොම ප්‍රශ්න ෆයිසර් එක ඩොක්ටස්ලගෙන් අයින් කරපු නිසානෙ..

    නැතිනම් වැට අස්සෙන් ගහන්න තිබුණ.

    • bua says:

      doctors families are at risk and it is wrong to go under the katukambi weta. ideally they should be able to get it at the place they work without any trouble like in the army hospital where media can’t report.

  3. ඊබ්‍රහිම් සහෝදරයා says:

    දොස්තරලා පයිසර් එන්නත මාටියා ගහලා තමන්ගෙ පවුල් වැට පන්නලා ගහනව අපි දැක්කා . මේ වෛද්‍ය සංගම් හදන්නෙ එන්නත් මාටියා ගහල විකුණන්න

  4. Roshi says:

    හමුදාව නැත්නම් කොරයි මෙන්න කියලා, අපි MOH එකෙන් ගහපු දවසේ පැය 6කට වඩා පෝලිමේ හිටියා. හමුදාවෙන් ගහපු දවසේ, විනාඩි 20න් ගෙදරත් ආවා. ඉතාම සංයමයෙන්, ක්‍රමානුකූලව, ඉතා පිරිසිදුව, කිසිම තදබදයකින් තොරව, ආචාරශීලීව, විධිමත්ව එන්නත්කරණය සිදුකළ බව නොකියාම බැරිය. අපේ හද පතුලෙන් අපේ හමුදාවට ස්තූතිය පුදකරන අතර රට වෙනුවෙන් මේ කරන ලද කැපකිරීමට හිස නමා ආචාර කරමු.

  5. Ratawasiya says:

    Army is doing the vaccination very methodically, We do not understand why any body should worry about it. Most of the complaints came from the vaccination centers maned by the health staff and the doctors. People are very pleased with the work done by the army ,for heaven sake, do not allow any body to mess this up.

    • country man says:

      You are correct. The Forces are doing the job very methodically. Certain doctor unions would like to get all the vaccination systems under their hands .That will be good money for them. I got my vaccine from the army Panagoda. Every thing was done so beautifully, and it took only fifteen minutes. I prefer if we have army rule in Srilanka ,to teach some discipline to some of the uneducated people, and to some uneducated politicians too.

  6. bua says:

    why doesn’t the army take over corona patients too. vaccines for army and patients for health staff. all corona patients please go to army hospital.

  7. Power says:

    අඳාළ නැති මිනිස්සු අඳාළ නැති වැඩ වලට යොදවා ගත්තම රට දවසින් දවස ප්‍රපාතයට යාම පුදුමයක් නෙමෙයි. වර්තමාන යුධ හමුදාපති කියන්නෙ රට වෙනුවෙන් අති විශාල සේවයක් කරපු රියල් වීරයෙක්. නමුත් ජනාධිපතිගේ අසාර්ථක පාලනයේ සියළුම වගකීම් මෙතුමාට පැවරීම නිසා බලන බලන තැන් වල ඉන්න හමුදා නිලධාරීන්. එය රටක් දිනෙන් දින අසාර්ථක වීමට බලපාන ප්‍රධාන ලක්ෂණයක්. ජනතාව විසින් පත් කර ගත් ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක් පවතින රටක ජනතාවට විවිධ නියෝග ලබා දීමට හමුදාපතිවරයාට කිසිඳු අයිතියක් නැහැ. ඒක රටේ නීතියට පවා පටහැනිව වැඩ කිරීමක්. මොකද හමදාපති කියන්නෙ හමුදාවට ලොක්කා උනාට රටට නියෝග දෙන්න පුළුවන් ලොක්කෙක් නෙමෙයි.

    • 🤔?අමුතු Power ?🤔 says:

      තිස් අවුරුදු යුද්ධය ජය ගැනීම පැත්තක තියමුකො.ඒක හමුදාවට අදාළ වැඩක්නේ. සුනාමි ආවම, ගං වතුර ආවම, නාය ගියාම…ආදී මෙකී නොකී අදාළ අනදාළ හැම වැඩකටම පෙරමුණ අරන් මේ රටේ සුවිශාල වැඩ කොටසක් ඉටු කරන්නේ අපේ හමුදාව තමයි. ලංකාවෙ හමුදාව එහෙම තමයි. ගොමාලා තමන්ට අවශ්‍ය එන්නත් ඔක්කොම කලින් වෙන්කරලා ගහගෙන මීක් නැතුව ටික දවසක් ඉඳලා දැන් එනවා හමුදාවට සාධාරණේ උගන්නන්න.

      • Power says:

        උඹලට කියලා වැඩක් නෑ බං. දෙයක් තේරුම් ගන්න බැරි එකට හේතූ දෙකක් තියනවා. අංක 1 දේශපාලනමය වහල් මානසිකත්වය. අංක 2 බුද්ධිමත්ව සිතීමට නොහැකි වීම.

        • 🤣🤣🤣 says:

          උඹ සමන්තා Powerද ?

        • 🤔?අමුතු Power?🤔 says:

          තමන්ට කියලා නමක් නැති එකා වැටෙන්නෙ ඔය2න් කොයි ගොඩටද ? ඒකා වහලෙක්ද ? බුද්ධිය නැති මැට්ටෙක්ද?

  8. අනේ ගොනෝ says:

    අපි නොදන්න ගොමාලා. මුන්ට විතරක් එන්නත් හොරෙන් වෙන් කර ගන්ඩ හොඳයි. අනික් අයට නරකයි.මේ හමුදාපති වරයා කිසි දවසක එවැනි වැඩ කරන කෙනෙක් නෙමෙයි.
    කල දුටු කල වල ඉහගෙන අකලට ලතෝනි ගහන හොර ගොමාලට වඩා එතුමා මේ රටේ මිනිසුන්ට විශ්වාසයි.

  9. Silva says:

    එන්නත්කරනයේදී දොස්තරලාට වඩා හමුදාව කොයිතරම් සාර්ථකද කියලා මුලු රටම තේරුම් අරගෙන ඉවරයි . ඒක දොස්තරලාත් පිලි අරගෙන ඉවරයි . සමහර මැටි දොස්තරලා ඊර්ෂ්‍යාව ඉහවහා ගිහිල්ලා විකාර කියවනවා . මෙයා ඒ වගේ එක්කෙනෙක් විතරයි . රටේ මිනිස්සුන්ට අවශ්‍ය වැඩේ හරියට කෙකෙරෙනවාද කියන එක විතරයි . ඒ හමුදාවද, දොස්තරලාද කියලා අදාළ නැහැ .