හමුදාපති ඉවත් කලේ ජනාධිපති කී දේ නොකල නිසා…

May 29, 2022 at 3:50 pm | lanka C news
හමුදාපති ඉවත් කලේ ජනාධිපති කී දේ නොකල නිසා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හමුදාපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලද්දේ ජනාධිපති ගේ උපදෙස් පිලි නොපැදීම නිසා බව සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසීය.

අද වන විට නීතිය ගණන් නොගන්නා තැනට ජනතාව පත්ව ඇති බවත් ඉහළ පොලිස් නිලධාරීන්ට මහමග පහර දීමට පටන් ගෙන ඇති බවත් ඔහු සදහන් කලේය.

පවතින අර්බුදය විසඳිය හැක්කේ අගමැති ඇමැති මණ්ඩලය මාරු කිරීමෙන් නොවන බවත් කළ යුත්තේ ජනතා හඬට කන් දී ජනාධිපතිවරයා ඉවත් වීම බවත් ඔහු එහිදී තවදුරටත් පැවසීය.

59,090 views

13 Comments to “හමුදාපති ඉවත් කලේ ජනාධිපති කී දේ නොකල නිසා…”

  1. Jayantha says:

    සර් අකැමති, මයිනා ඉන්න ඔන කිව්ව සහ ඔහුව විවේචනය කරපු බොහෝ දෙනෙකගේ ගෙවල් සහ දේපොළ විනාශ කරේ සර්ගේ ටීම් එකක් වෙන්න පුලුවන් නේද. අතරින් පතර සැක නොහිතෙන විදියට තව කීප දෙනෙක්ගේ ගෙවල් වලටත් ශොට් එක දුන්නා. මේවා මාට්ටු වෙවී කියලා තමා එකින් එක ඉවත් කරන්නේ. අනික ඕන එකකට හමුදාවා යොදවන පොර සද්දේ නැතුව මේකෙදී හිටියා කියන එකම සැකයක්. මහින්ද පිටින් ඔක්කොම අවුල යවලා තමන් සුදනා වෙන ගේම් එකක් ලොක්කා play කරන්නේ. පාස්කු ගේම් එකත් මෙයා දුන්න කියලා කියනවනේ. මේවා මොන simple වැඩද.

  2. David Milli-banda says:

    oi Buruwa…… 21A eke pala wipaka gana hitha balanawa.
    This is what is important to the Country.
    Mehemath harak at this critical juncture.

Main News