හමුදාපති කණස්සල්ලෙන්…

April 13, 2021 at 3:50 pm | lanka C news
හමුදාපති කණස්සල්ලෙන්…

කොවිඩ් නීති ගණන් නොගෙන සාප්පු සවාරි යන සුළු පිරසකගේ හැසිරීම කනගාටුදායක බවත් ජනතාව මේ ආකාරයට හිතුමතේ කටයුතු කළහොත් ලබන මැයි මාසයේ දී නරක ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත් කොවිඩ් – 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අවුරුදු සමයේදී කෝවිඩ් නීති අනුගමනය නොකර හැසිරුණහොත් වෙසක් උත්සවය සැමරිය නොහැකි වනු ඇතැයි ද යුද හමුදාපතිවරයා කියයි.

බොහෝ ජනතාව බුද්ධිමත් ආකාරයට කටයුතු කිරීම නිසාත් ජනතාවගෙන් ලැබුණු ඉහළ සහයෝගය නිසා කෝවිඩ් ව්‍යාප්තිය සැලකියයුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව කී ශවේන්ද්‍ර සිල්වා මහතා කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව දිනකට 200කට අවම මට්ටමින් පවත්වාගෙන යෑමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද සඳහන් කරයි.

– lankadeepa

109,776 views

12 Comments to “හමුදාපති කණස්සල්ලෙන්…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    හමුදාපතිතුමා බයියට මොළයක් ලැබෙන තුරු ඔහොම තමා පුලුවන් නම් බයි හාම්පුතා ලව්ව තොපි එලියට බැස්සොත් අඩු කඩනව වගේ එකක් කුණුහරුප දෙකතුනකුත් ඇඩ්කරල කියවන්න බයියො ගෙදෙට්ට වෙලා අවුරුදු කයි.මොකද බයි බාන ආම්බාන් කරන කෙවිට තියෙන්නෙ හාම්පුතාල ලග.බොරු නම් ගම්මන්පිලගෙන් අහන්න උන්දැ ඕක ලස්සනට පැහැදිලි කලා.බයි බානට විනයක් මොළයක් තිබ්බ නම් මෙච්චර සම්පත් තියෙන සුන්දර රටක් බන්ගලින්ගෙනුත් හිගාකන තත්වෙට පත් වේද

    • රන්වල says:

      ඇයි බං උඹ එහෙම? මෙිරටෙි වෙන හැමදේම උඹට පෙන්නේ ඒ මිනිස්සු කරන වරදවල් විදියටද? අපිත් ගොඩක් කාලය්උඹව ෆලෝ කරනවා පිස්සු කෙලින්ඩ එපා බං. ඊට වැඩිය වරදක් අපි කරා උඹ වගේ මි හරක් පස්සේ ගිහින්

  2. 😢SORRY LANKA.COM-😪 says:

    ඉන්ඳියන් සාගරයේ දූෂිතම රට…!
    1- කුඩු දීපය
    2- නීතිය බලු දීපය
    3- නාකොටි දීපය
    4- පගා මරු දීපය
    5- සම්බාහන ගණිකා දීපය

    ——SORRY LANKA.COM—–

    • Alapaluwa says:

      ඇයි බං සමනලදිපය එවත් කියපංකෝ එතකොට world number 01and ever for central bank robbery කොහොමද ඒක no one has ever done.එතකොට දනවත්ම සමාජවාදි පක්සය අමිමා ඒක පටිට නේහ්

  3. david milibanda says:

    යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා … after the New Year, kindly focus on Wasa Wisa food imported and fed to the people.
    If GOTA is weak & no backbone, please work with the GMOA.
    Kindly clean up the food Industry.

  4. 😪😪😪😪😪😪😢😢😢 says:

    හමුදාපතිතුමනි..
    කාලය ඇවිල්ලා නේද දඬුවමට ” කස පහර ” දීලා රට බේරා ගන්න…! දඩකොලය ගෙවන්න ඕනි තරම් අද අප රටේ වංචනිකව උපයාගත් සල්ලි තියෙන නිසා ඒක ඇඟට දැනෙන්නේ නැහැ..!
    නැතිනම් ඔබටත් වන්නේ අර මිසිස් වල්ඩ් ” කිරුළ ” බලෙන්ම ගැලෙව්වා වගේ රටටම පෙනිලා තරු ගලවලා යන්න…!

  5. Aurora says:

    ත්‍රස්තවාදී නිරෝධායන නීතිය සහ බටහිර ඖෂධ මාෆියාව නිසා රටේ මිනිස්සුත් කණස්සල්ලෙන්. නිරෝධායනය කියා විදේශවල සිට එන විදේශ ශ්‍රමිකයෝ හෝටල්වල ගාල් කරලා ලක්ෂගණන් සුරාකනනිසා විදේශ ශ්‍රමිකයෝ කණස්සල්ලෙන්. සියළු අදායම් මාර්ග හිරවෙලා නය ගෙවාගන්න බැරි නිසා ව්‍යාපාරිකයෝ කණස්සල්ලෙන්. තමන් සතුව කොරෝනාවට ප්‍රතිකාර තියෙද්දිත් රටේ මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න බැරි නිසා දේශීය වෙදුන් කණස්සල්ලෙන්. තමන්ගේ දරුවන්ට වස වර්ග චුට්ට චුට්ට කන්න දෙන්න වෙලා අනේ මගේ දරුවෝ කියල කම්පාවෙමින් ඉන්න මව්වරු කණස්සල්ලෙන්. කොන්ද පණනැති රූකඩ ආණ්ඩුවක් පත්කරගත්තු මේ රටේ මිනිස්සු බහුතරයක්මත් කණස්සල්ලෙන්.
    එහෙව් එකේ හමුදාපතිතුමාගේ කණස්සල්ල මොකක්ද?

  6. MD says:

    හමුදාපතිතුමනි ඔබට අප මව්බිමේ ප්‍රණාමය පුදකරමි.තෙරුවන් සරණයි!

  7. SKF says:

    යුධ හමුදා පති තුමණි, රට ජාතිය වෙනුවෙන් ඔබ කරණා සේවයට මාගේ ප්‍රණාමය!
    1% කේ රතු තරුව මඩ බලකායේ ප්‍රකාශ වලට නොසැලී ඉදිරියටම යවු හෙලයිනි ඉදිරියටම යවු!!!

  8. kalana says:

    හරියට පාලනයක් කලේ නැහැ දෙවැනි රැල්ලේදී, පලවෙනි රැල්ලේදී විතරයි, ඊට පස්සේ ඇත ඇරලා.

  9. මැදමුලනෙ මුත්තා says:

    අපිත් කනස්සල්ලෙන් තමයි හිටියෙ කොරෝනා මුල්කාලෙ උදේ හවා TV එකේ දකින කොට.
    දැන්නමි ටිකක් අඩුවෙන් තමයි දකින්නෙ.

Main News