හමුදාපති ධුරයෙන් ඉවතට…

May 26, 2022 at 2:10 pm | lanka C news
හමුදාපති ධුරයෙන් ඉවතට…

යුදහමුදා පති ශවේන්ද්‍ර සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව මාධ්‍ය  වාර්තා කරයි.

මෑතකදී රට තුළ සිදු වූ විවිධ ගැටුම්කාරී සිදුවීම් හමුවේ ඔහු ඇතුලු යුද හමුදාව ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවට දේශපාලන අධිකාරිය විසින් ඔහුට චෝදනා කර ඇතැයිද වාර්තා කියා සිටියි.

හමුදාපතිවරයා දේශපාලනඥයින් වෙනුවෙන් නොව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හමුදාව මෙහෙය වූයේ යැයි ඔහුට චෝදනා එල්ල කර ඇතැයි ද සඳහන්ය.

කෙසේ වෙතත් ඒ මහතා තව දුරටත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරනු ඇතැයිද සදහන්ය.

නව යුධහමුදාපතිවරයා ලෙස විකුම ලියනගේ ජූනි 01 වැනිදා සිට පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය අංශය කියයි.

255,308 views

32 Comments to “හමුදාපති ධුරයෙන් ඉවතට…”

  1. ඉතාම ගෞරවනීය සේවයක් කල ඔබ විශ්‍රාම ගැනීම දුකක්.ඒ වගේම ඉදිරියට ඒමට නියමිත කුණු වැඩවලට සහභාගි නොවී සියලු ජොබ් වලින් ඉවත් උනානම් හොදයි.තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න මැති තුමනි.මට මතක් වෙනවා ඔබට පණ අසාධාරන වේ ගහපු මඩ.මගේ සැලියූට් එක ඔබට.

    • යට සිට දෙවැනි පෙලේ ඇති “වෙ” හා තනි වැනි පෙල “පණ”වචනය ඉවත් විය යුතුයි.

  2. මොලේ කොලොප්පන් says:

    අක්කව කෑම්ප් අස්සේ හංගගෙන පරිස්සම් කරපු එක හෝටල් හදන්න හමුදාව යොදපු එක ගැන නිව්ස් දැකපු ගමන් තේරුණා මේ ආරක්ෂා කරන්නේ ජනතාව නේද, ජනතාවගේ පැත්තේ ඉදලා නේද මේ කටයුතු කරන්නේ කියලා. පස්සේ රාජපක්ෂලා වෙනුවෙන් ඡන්දෙට එන්න හොඳේ.