හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වාට හා පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ…

February 14, 2020 at 10:12 pm | lanka C news
හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වාට හා පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ…

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් විදේශ මෙහෙයුම් සහ ආශ්‍රිත වැඩසටහන් විසර්ජන පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ නියම කර ඇති පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නම් කර ඇත. ඒ අනුව ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ. පෙබරවාරි 14 සිකුරාදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ විසින් නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්.

2009 දී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන සේනාංකය විසින් සිදුකරන ලද බවට ඇමරිකාව විසින් කියනු ලබන “මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, එනම් නීති විරෝධී ඝාතන” සම්බන්ධයෙන් අණ දීම සඳහා ඔහු සම්බන්ධ බවට ඇමරිකාව චෝදනා කර තිබේ.

ඉහත කී ඇමරිකානු පනතේ 7031 (ඇ) වගන්තිය මගින් විදේශ රටවල නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම්, එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු බවට තීරණය කර එවැනි නිලධාරීන් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව නම් කිරීම රාජ්‍ය ලේකම්වරයාට නීතියෙන් බලය හිමි වී තිබේ. ඒ අනුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමතරව, ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින් ද දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබ ඇත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් නම් කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වසනීය බව ඔවුන් කියා සිටී. ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව මෙවැනි පියවර ගැනීම මගින් ගෝලීය වශයෙන් මානව හිමිකම් කෙරෙහි ඇමරිකාව දක්වන වැදගත්කම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා දඩුවම් නොලැබීම පිළිබඳ ඇමරිකාවේ සැලකිල්ල මෙන්ම එවැනි ක්‍රියාවන්හි යෙදෙන අය සඳහා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමරිකාවේ සහයෝගය පිළිබඳ අවධාරනය කෙරෙන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම, ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය කරමින් ඉදිරියට ගෙනයාම සහ යුක්තිය හා සංහිඳියාව ඇති කිරීම සඳහා වන අනෙකුත් කැපවීම් තහවුරු කරන ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තාමේන්තුව කියා සිටී.

ශ්‍රී ලංකා රජය සමඟ ඇමරිකාවේ හවුල්කාරිත්වය සහ ශ්‍රී ලාංකික ජනතාව සමඟ ඇමරිකාව බෙදා හදා ගන්නා දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය බෙහෙවින් අගය කරන බවද මේ සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට සහ වර්තමාන හා මතුවෙමින් පවතින තර්ජනවලට මුහුණ දීම සඳහා එහි ආරක්ෂක අංශ නැවත සකස් කිරීමට උදව් කිරීමට කැපවී සිටින බවද ඔවුන් කියා සිටී.

ලොව පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සිදු වූ විට හෝ ඒවා සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජනපදය සුදුසු පරිදි තම හැකියාවන් සහ බලධාරීන් දිගටම භාවිතා කරනු ඇති බවද කියා සිටී. ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය තුළින් අවධාරණය කරනුයේ මානව හිමිකම් සඳහා සහයෝගය දැක්වීම, වැරදිකරුවන්ට වගවීම ප්‍රවර්ධනය කිරීම සහ සාමකාමී, ස්ථාවර සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීම සඳහා ප්‍රතිසන්ධානය දිරිමත් කිරීම බවද ඔවුන් කියා සිටී.

– rivira

40,327 Viewers

30 Comments to “හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වාට හා පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කෙරේ…”

  1. Kalana says:

    Bambu gaha ganna kiyanna Kaalakanninta

  2. ලොලිපොප් මොංගල් says:

    ගිවිසුම අත්සන් කරගන්න දාන උත්සාහයක්. පාදඩ ඇමරිකන් කාරයොන්ට බම්බු ගහගන්න කියන්න.

  3. Susil says:

    Who cares!
    Who want to go to this gun popping country?
    Dear General! We are with you!

  4. MD says:

    SIRISENA OYA APPA KALA CHANDRIKAI RANILUI EKATU KARAGENA GAHAPU KUMANTRANAYE AWASAN PRATIPALA TAMAI ME.DESADROHI MANGALA ATHULU GUNP NADAYE SIYALU DENAGE PRAJA AITIYA NATIKARANU.

  5. Sandun Dhammika says:

    Remember what had happen to the Iran military leader.
    Same thing could also be happen to him as well.
    It’s not a big deal to murder him inside his own high security zone.
    Nothing stops if US really wanted to do it, but I don’t think they will be that much of fast due to they need our relationship , due to international trade center.

  6. Roy says:

    කොටි නිති උපදේශක රුද්‍රකුමාරන් සහ කොටිනායකයන් ඉන්නේ ඇමරිකාවේ. මොන තර්ජන දැම්මත් MCC අත්සන්නොකරනු!

  7. Susil says:

    Hon President!
    We implore you to publicly tear off the Millennium Challenge Agreement and dash onto the face of US Ambassador in an audience attended by the Chinese Ambassador!.
    USA is a nice country with with nice people but idiots are running at the helm except Donald Trump.
    USA states department is a big bully!
    There are other beautiful countries to visit, starting with China.

  8. Chethiyasena says:

    What hypocrisy !

    What about the millions dead , maimed and displaced- whole countries and economies ruined due to wars made on bogus excuses ! – Iraq – Libya just to mention two recent ones!

    What about the human rights of the Guantanamo inmates.?

    What about Israel’s total lack of care for HR of Palestinians?

    Utter shamelessness!

  9. We are Lions says:

    Tamil Tiger’s money talks… they have lot of money collected from Tamils living out of the country, they will do anything to let down Sri Lanka in all the ways, we Sinhalese must understand this and be prepared how to stand for this situations diplomatically.

  10. Dimple kupadiya says:

    American killers murdered innocents al over the world.

  11. රසික හරිශ්චන්ද්‍ර සුරියාරච්චි says:

    පනතේ 7031 (ඇ) වගන්තිය යටතේ …..

    දැන් ඇමරිකාවත් වැඩ කරන්නේ සිංහලෙන් වගේ.
    නලින් සිල්වලගේ වික්‍රම..

  12. kumdhar says:

    ඇමෙරිකන් නව යටත්විජිතවාදයට අපි යටත් වියයුතු නැහැ.
    හමුදාපතිතුමනී , ඔබට අවශ්‍ය නම් තවත් යුද හෝ වෙනත් පුහුණු වැඩසටහනක්, ඒ සඳහා වෙනත් රටවල් තිබේ.

  13. මාරයා👹 says:

    මයිකල් පිංපියාට බම්බු ගහන්න කියපං. තහනං කොරන්න කවුද උංගෙ රටට එන්න හැදුවෙ ?

  14. Van says:

    ඇමරිකාව වියට්නාමයට කරපු අපරාධ එතකොට මානව හිතවාදී අපරාධ වෙන්න ඇති.

  15. Manel says:

    Mr President, Just abolish MCC review process. If they can talk about human right violation of other countries they must tell the world how they address hundreds of war crime they allegedly committed.

  16. ඇමරිකා මහද්වීපයේ සිට මුල් පදිංචි කරුවන් වන රතු ඉංදියානුවන් ලක්‍ෂ ගනනින් සමුලගාතනය කල තොපි අපිට මානව හිමිකම් උගන්නන්න එනවද අපිට නුබලාගේ රටට එන්න අවශ්‍ය නැත අපේ රටේ දේ අපි බලා ගන්නම් තොපි ලෝකේ රටවලට කරනාදේ අපි හොදින් බලා සිටින්නේ තොපේ යම් දෙයක් මේ රටේ තියෙනවා නම් එයත් අකුලාගෙන ගියානම් හොඳයි අපිට පව් නොදී…

  17. Angoda Buva says:

    Dont care theses nonsons General. What ever they said all srilankan salute you always.

    They are the people who mostly vialate the human rights in the world. But always they try to blame others on the same.

    This is the one of the country which must be eliminated from the world.

    On that day this world may more beautifull.

  18. GAJABA WALIMUNIDEWA says:

    USA? What for? Pooh pooh

  19. Basil R-USA says:

    These bloody criminal terrorist supporting American Bastards denying Shavendra, the hero of Sinhala nation, the hero who saved the Buddhism and Singhalese from destruction by the bloody lunatic, vicious, murderous LTTE terrorists, this was done by America because that bloody bastard, disgusting Traitor to the Sinhalese nation, Fonseka – cardboard, empty, ‘pussa’ Field Marshal, and the bloody bastard traitors, Chandrika, Maithripala and Ranil sucking the balls of bloody Americans.

  20. NAK says:

    Sri Lanka must retaliate. Throw the bloody MCC in their face!

  21. jonana says:

    ලොකුම ත්‍රස්තවාදියා ඇමරිකාව බව අපි දන්නේ නැද්ද!! උන්ට පන්දම් අල්ලන එවුන් ටක් ගලා ගනී.

  22. jonana says:

    රුසියානු සම්බන්දතා හේතුවක් වෙන්න ඇති

  23. kawinda says:

    meya lieutenant carnal Shawindra Silva wetha karana lada awamaanayak nowei. samastha Sri Lankawatama kala anisi balapemaki. demala diasporawe illeemata mun me karanne deshapaalanaya nowei. ratawal thama anasaka yatathata geneemaya. api kala deta wada brutal kuriru ayurin Iraq and libya waladi Americawa visin samula ghaathana kale nedda..? deiyoma balaganna ona mewa.

  24. Sasika says:

    ටෞකන්ඩ….. මුන්ට මානව හිමිකම් ගැන තියෙන්නේ පට්ට රුදාවක්නේ. රතු ඉන්දියානුවො මරණකොට,වියට්නාමෙ වනසනකොට, ගඩාෆ- සදාම්- චාවේස් වගේ ජනතා නායකයෝ මෙහෙයුම් වලින් මරණකොට, I.S.I.S.එකට උදව් කරනකොට,ප්‍රබාකරන්ට දිගටම ආයුද දෙනකොට… ඔය අසවල් හිමිකම් තිබ්බේ ඇමරිකන් මාතාවගෙ රෙද්ද අස්සෙද දන්නෑ……

  25. Prabath Buddika says:

    aMERICAWATH EKKATHIYANA SIYALU GANUDENU NAWATHA rUSIYAWA HA cHAINA SAMAGA EKWA KATAYUTHU SIDU KIRIMA HONDAI.

  26. john the baptice says:

    නාගසාකි හිරෝෂිමා ගැන කථා ක‍රන්න දැන් කාලය ඇවිත්

  27. David Milli-banda says:

    Ironic that a Country responsible for most war crimes and encouraging terrorism in the world should hinder or make statements against a General who has crushed Terrorism……..
    The GOSL must summon the American Ambassador and lay down a protest in the strongest terms.

    This is an act of a Bully.

  28. siri says:

    mewa Mongalaya dapu leda thmai

Main News