හමුදාවට අකුරණ නගරය සෝදිසි කරන්න දේශපාලඥයන් ඉඩ දුන්නේ නෑ..- අස්ගිරි මහ නාහිමිගෙන් චෝදනා..

May 29, 2019 at 10:40 am | lanka C news
හමුදාවට අකුරණ නගරය සෝදිසි කරන්න දේශපාලඥයන් ඉඩ දුන්නේ නෑ..- අස්ගිරි මහ නාහිමිගෙන් චෝදනා..

හමුදාව සහ පොලිසිය විසින් සෝදිසි කිරීම් කරන අවස්ථාවන් වල අකුරණ නගරය සෝදිසි කිරීමට දේශපාලඥයන් ඉඩ නොදුන් බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා උන්වහන්සේ බැහැදැකීමට ගිය අවස්ථාවේදී අදහස් පළ කරමිනි.

පල්ලි වලට බෝම්බ බැඳගෙන ගොස් සමූල ඝාතනයන් සිදු කිරීමට අවස්ථා ඇතත් බල්ලන් රැගෙනවිත් පල්ලි සෝදිසි කිරීමට අවස්ථාවක් නොදෙන තත්ත්වයට ඇතැම් දේශපාලඥයන් පත්වී ඇති බවද එම පාර්ශවයේ මහා ලේඛකාධිකාරී හිමියන් සඳහන් කළහ.

27 views

18 Comments to “හමුදාවට අකුරණ නගරය සෝදිසි කරන්න දේශපාලඥයන් ඉඩ දුන්නේ නෑ..- අස්ගිරි මහ නාහිමිගෙන් චෝදනා..”

  1. චම්පා says:

    අධිකරණ නියෝගයක් අරගෙන ගියානම් හරිනෙ? වැඩේ කෙරෙන විදිහට කරන්නේ නැතුව පිස්සු නටනවා…

    • ජසයා says:

      සරසවි සිසුන් පොඩි උද්ඝෝෂයක් කෙරුවත් උසාවි නියෝග අරගෙන යන පොලීසියට, මේ වැඩේට උසාවි නියෝගයක් අරගෙන යන්න බැරුව නෙවෙයිනෙ? නිකං අපිව රවට්ටන් හදන්න එපා. සෝදිසි කරන්න ඕනැමනම් උසාවි නියෝගයක් අරගෙන ගිහින් කරන්න.නිකම් රගපෑම් දැන් අපිට ඇති. වෙන ඕනැම නැහැ.

  2. prabath says:

    දැන් තමයි නියම බෞධ්දයෝ එලියට එන්නේ මහනායක හිමියන්න්ටත් මල්වත්තේ පොල්වත්තේ ගවුරව නාම යොදන්නේ. අන්‍ය්ගමිකයෙක් කළානම් රෙද්ද කරෙතියන් එයි කවුද යකෝ බුද්ධාගමට අපහසකරන්නේ අපි මැරෙන්නත් උනත් එනවා සාසනේ වෙනුවෙන් කියාගෙන

  3. Ms silva says:

    අනේ හාමුදුරුවනේ ඔහුගේ කාලෙම ඔබ වහන්සේලා දේශපාලකයන්ට කඩේ ගියා ඉතා වටිනා යාන වාහනවලින් පිදුම් ලබන නිසා වෙන්න ඇති රනිල් මහත්තයා දීපු වාහන දැන් ඉතින් පරණයි නේ ඊට පස්සේ දැන් කාට හරි කඩේ යන්න අර කතෝලික පියතුමා වගේ ටිකක් එළියට බැහැලා කතා කරලා මේ හොරුන්ට සැරින් අවවාද කරලා දින නියම කරලා දඬුවම් දෙන්න ්‍රමයක් හොයලා බලන්න මිනිස්සු දානය දෙන්නේ ඔබ වහන්සේලාට පන්සලේ ඉඳගෙන කුටි සැපපහසුව ඉන්න නෙවෙයි මිනිස්සුන්ගෙ අමාරුකම් බලල ඒ ගැන හොයල බලල ඒවට විසඳුම් හොයන්න වහන්සේලාටත් යුතුකමක් තියෙනවා බුදු හාමුදුරුවෝ දේශනා කළේ ඔබ වහන්සේලාට කුටිවල ඉඳගෙන සැප විහරණ ලබන්න නෙවෙයි

  4. sinha le says:

    එසේනම් මාලිගාව අසල තිබෙන මුස්ලිම් පල්ලියත් එතනට සුදුසු නැහැ

Main News